මේ අලු වෙලා තියෙන්නෙ ඔතන තිබ්බ පුස්තකාලය. අපේ වයිෆ් මේ ලඟදිත් පොත් ගිහින් දීල තිබ්බා. මේව ඉතින් ලාංකීය මොබ් වලින් නැවත නැවත රිපීට් කරවන සංකේතීය කාරණා.
ඔය වැටුන එක ටෙන්ට් එකකට දෙක ගානෙ ගහගන්න පුලුවන්. මේක නවත්තන්න බෑ. කලින් කලා වගේ දෙගුණයක් පාරට බහින්න තීරණය කලා. මේක ඇත්තටම ජයග්‍රහණයක්.
මෙච්චර කාලයක් මොලෙන් නෙමෙයිනෙ අරගල කාරයො ගැහුවෙ. ඒකනෙ ඔහොම උනේ. අපහාස විතරනෙ තිබ්බෙ
ඔය ක්‍රවුඩ් එකේ හිතන්න ඉස්පාසුවක් තියෙන අය සාපේක්ෂව වැඩි නිසා තමයි මේ තරම් ආයු කාලයක් තිබ්බෙ- "හිතීමෙ හැකියාව" නෙමේ "ඉස්පාසුව". මොලෙන් ගහනව කියන්නෙ ක්‍රමෝපායී වෙනව හෝ "ගේම් ගහනව" කියන ළදරු අදහසම නෙමේ. ප්‍රචන්ඩ නොවීම, හැකි පමණ එතික්ස් තියාගැනීම වගේ ආත්මීය අයිඩියල් උඩ පිහිටන්න උත්සාහ කිරීම වගේ දේවලුත්. අර්බුදයකදි මූලධර්මයක් තියාගන්න පුලුවන් වීම ඉතින් සමාජ වරප්‍රසාදයක්. ඒක මුලුමනින්ම වගේ ආර්ථික කාරණයක්. සමහර විරෝධතා වල ඉන්න මිනිස්සු එහෙම නොවීම එයාලගෙ වැරැද්දක් නෙමේ එයාලට ඒක කරගන්න අවශ්‍ය ආර්ථික ඉඩ තවදුරටත් නැහැ.