අරන්තලා භික්ෂු ඝාතනයට වසර 25යි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අරන්තලා භික්ෂු ඝාතනයට වසර 25යි

    අරන්තලා භික්ෂු ඝාතනයට වසර 25යි

    කොටි ත‍්‍රස්තවාදින් විසින් විසිපස් වසරකට පෙර දිගාමඩුල්ල අරන්තලාවේදී ඝාතනය කැරුණු හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු තිස්හතර නමක් වූ මහා සංඝරත්නයට පිංපෙත් දීමේ පින්කමක් ජුනි දෙවැනිදාට යෙදෙයි. ඒ නිමිත්තෙන් අම්පාරේදී සියක් නමක් මහා සංඝරත්නය අද නගරයේ පිණ්ඩපාත චාරිකාවේ වැඩියහ.

    231.jpg

    355.jpg

    448.jpg

    http://www.lankadeepa.lk/index.php/articles/45747

    මේ අපරාදේ කරපු මහා මොළ කාරයෝ අද රජයේ අනුග්‍රහයෙන් සූර සැප විඳිනවා. රටකට ගිය කලක්. :no::no::no::no:

    karuna_amman_2.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :( අපරාදේ කරපු උන් දැන් ඉන්න තැන ගැන කතා කරලා දේශද්‍රෝහියෙක් වෙන්න එපා උඹ..... :angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොටියන් විසින් විසි පස් වසරකට පෙර අරන්තලාවේදී ඝාතනය කැරුණු භික්ෂූන් වෙනුවෙන් කුලදරුවන් 31 දෙනෙක් අම්පාර විද්‍යානන්ද පිරිවෙනහිදී අද පැවිසි බිමට ඇතුළු කරනු ලැබූහ.

    1.gif

    2.gif

    3.gif

    4.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේව කරපු උන් අද තරු ගණන් වල රෙසිඩන්ට් වලට වෙලා සුර සැප විදිනවා.උන්ගෙ වැඩටම 30ක් විතර දාගෙන
    අනේ උකේ රටට ගිය කලක්.
    Havelock Cityඑකෙනුත් ඒ හුකාට ගෙවල් 4ක්ම වෙන් කරලා දැන්මම
    අනේ හුකේ රටට ගිය කලක්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේව කරපු උන් අද තරු ගණන් වල රෙසිඩන්ට් වලට වෙලා සුර සැප විදිනවා.උන්ගෙ වැඩටම 30ක් විතර දාගෙන
    අනේ උකේ රටට ගිය කලක්.
    Havelock Cityඑකෙනුත් ඒ හුකාට ගෙවල් 4ක්ම වෙන් කරලා දැන්මම
    අනේ හුකේ රටට ගිය කලක්

    එකනේ බන්. ආණ්ඩුවට කඩේ යන එක කලවැද්දෙක් වත් මුන්ට විරුද්ධව කට හොල්ලන්නෙ නැහැනේ අම්මපා බලු හැත්ත. මුන්ව දැන් සුද්ද කරන්නමයි බලන්නේ. :growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එකනේ බන්. ආණ්ඩුවට කඩේ යන එක කලවැද්දෙක් වත් මුන්ට විරුද්ධව කට හොල්ලන්නෙ නැහැනේ අම්මපා බලු හැත්ත. මුන්ව දැන් සුද්ද කරන්නමයි බලන්නේ. :growl:
    මුන් වගේ කොටින්ව රකින එක තමයි නියම දේශ ද්‍රෝහී කියාව
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ethakota Karuna, Pilleyanta dan daduwam dunnama hariyanawada..? Un witharai danata apith ekka inna demala nayakayo..! Unth nathuwa giyadata apita sorryma thama...! Politics kiyanne molen karana deyak misa hadawathin karana deyak nemei!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ethakota Karuna, Pilleyanta dan daduwam dunnama hariyanawada..? Un witharai danata apith ekka inna demala nayakayo..! Unth nathuwa giyadata apita sorryma thama...! Politics kiyanne molen karana deyak misa hadawathin karana deyak nemei!

    බල්ලට ගිය ලංකාවේ පොලිටික්ස්. අනේ මගේ කට. උඹ මොකෝ මේ කොටින්ට සුදු හුණු ගාන්නේ? උඹ තමයි අමු කොටියා. :growl::growl::growl::growl:
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    ethakota Karuna, Pilleyanta dan daduwam dunnama hariyanawada..? Un witharai danata apith ekka inna demala nayakayo..! Unth nathuwa giyadata apita sorryma thama...! Politics kiyanne molen karana deyak misa hadawathin karana deyak nemei!
    apith ekka (මාර එක්ක)
    ඔය තියරි එක,තමන්ව මරන්න කොලබට කොටි ගෙනාපු ජෝන්ටට
    රටේ වැඩියෙන්ම ගසා කන්න පුළුවන් ඇමතිකම දුන්නේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විසිපස්‌ වසරකට පෙර සිදුවූ ඒ මහා ඛේදවාචකය
    ගොළු වූවත් කොටියාගෙ නළාව
    අදටත් කඳුළකි අරන්තලාව

    සුගත් වීරසූරිය

    aran.jpg

    සිරිලක්‌ දරණිතලයේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ම සැලුම් වෙව්ලුම් කවාලූ බිහිසුණු රුදුරු භීෂණ අතර කොටි ත්‍රස්‌තවාදී උවදුර තරම් තවත් උවදුරක්‌ නොවූ තරම්ය. ඒ මහා ව්‍යසනය, නැත්නම් පිළිලය විසින් අපේ රට තිස්‌ අවුරුද්දක්‌ම පෙළනු ලැබීය. දැන් ඒ පිළලය ශ්‍රී ලංකාද්වීපයෙන් අතුගා විනාශ කොට දමා ඉවරය. වේලුපිල්ලේ ප්‍රභාකරන් නම් වූ සාහසික සමූහ මිනිස්‌ ඝාතකයාත් ඔහු ඇතුළු කොටි කාඩරයන්ගේ කියුම් කෙරුම් සියල්ලත් දැන් ඇත්තේ පොත පතෙහි හා පින්තූරවලත් පමණි.

    සැහැසි කොටි ත්‍රස්‌තවාදීන් විසින් සිදුකරනු ලැබූ ඒ අතීත භීෂණකාරී මතක නටඹුන් අප්‍රමාණය අතරින් "අරන්තලාවේ භික්‌ෂු ඝාතනය ඇසෙන ඇසෙන මොහොතක්‌ මොහොතක්‌ පාසා අදත් අපගේ දෙනෙතට නගන්නේ කඳුළකි. ඒ කඳුළත් සමග හදවතට තල්ලු වී එහි සිතුවම් ඇඳෙන ඒ මහා ෙ€දවාචකයෙන් සැබැවින් බොදු නොබොදු කාගේත් සිත් සතන් මොහොතකට ප්‍රකම්පනය වී සසල වන්නේය. අරන්තලාවේ භික්‌ෂු ඝාතනය නම් වූ මේ මහා මානව අපරාධය සිදුවූයේ එක්‌දහස්‌ නවසිය අසූ හතෙහි ජුනි මස දෙවැනිදාය. අද වැනි දවසක ඒ අමිහිරි අපරාධයේ මතක සටහන් ගොනුවෙන් බිඳක්‌ යළිත් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ කොටි ඒ අපරාධය සිදුකර අදට අවුරුදු 25 ක්‌ සම්පූර්ණ වන හෙයිනි.

    එදා එනම් එක්‌දහස්‌ නවසිය අසූහතේ ජුනි මස 02 වැනිදා ද වෙනදාට මෙන්ම නැගෙනහිරෙන් හිරු නැගී තිබිණි. මහා වාපී විහාරාධිපති පූජ්‍ය දිගාමඩුල්ලේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්‍ෂ හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියන් තවත් භික්‌ෂුන් පිරිසක්‌ පිරිවරා ගෙන අම්පාරෙන් පිටත් වූයේ අලුයම 5.00 ට පමණය. භික්‌ෂුන් වහන්සේලා මෙන්ම ගිහියෝ කීපදෙනෙක්‌ද ඒ ගමනට එක්‌වී සිටියහ. දවසේ හිරු නැගෙන්නටත් ප්‍රථම උන්වහන්සේලා ලංගම බසයක නැගී මේ වැඩම වූයේ සත සිත නිවාතවා සනහන සද්ධර්ම චාරිකාවක්‌ සඳහාය. ඈත කඳුහෙල් හා ගිරි සිඛර අතරින් ළහිරු මඬලේ අරුණුවන් රැස්‌ මහපොළොව සිප ගනිද්දී මේ භික්‌ෂූන් වහන්සේලා රැගත් බස්‌රිය හෙමින් හෙමින් ගමනාන්තය අරමුණුකරගෙන පෙරට ඇදුණේය. ගිහි පැවිදි 4 දෙනකු සිටි එම බසයට ඒ අයුරින් එන්නට ලැබුණේ අරන්තලාව නුවරගල 28 වැනි සැතපුම් කණුව තෙක්‌ පමණි. 28 වැනි සැතපුම් කණුව ආසන්නයට බසය ළංවෙත්ම එක්‌වරම සිදුවූයේ කවුරුත් හීනෙකින්වත් නොසිතූ දෙයකි. සොඳුරු දවසකට හිරු පායා තිබුණ ද වැහි බීරිමක්‌ මෙන් වූ වටපිටාවේ අඳුරු පරිසරය පළකර තිබූ පාළු මූසල ස්‌වභාවය කාටත් කියාපෑවේ මහ විපතක පෙරනිමිත්තක්‌ වැන්න. වේලාව උදැසන 7.30 ඉක්‌මවා තිබුණේ නැත පාර හරහා දමා තිබුණේ ලොකු ලී කොටයකි. රියෑදුරුට එය ප්‍රහේළිකාවක්‌ විය. ඔහු භික්‌ෂූන් වහන්සේලා වැඩසිටි බසය වහා නතර කළේය. ඉන් ඉක්‌බිතිව දක්‌නට ලැබුණු දසුන් පෙළෙන් රියෑදුරු පමණක්‌ නොව බසයේ සිටි සියල්ලෝම තැති ගත්හ. සාහසිකයන් පිරිසක්‌ වහා වහා බසය ළඟට ආවේ එතෙක්‌ ඔවුන් සැඟවී සිටි අවට ලඳු කැලෑවලින් මෑත් වෙමිනි. ඔවුන්ගෙන් ඇතැමෙකු ළඟ තිබුණේ තුවක්‌කුය. ඇතැම් පිරිසක්‌ ළඟ තිබුණේ තියුණු ලෙස මුවහත් කළ කඩු රැසකි. කාඩර කොටි ත්‍රස්‌තවාදීන් යෑයි බැලූ බැල්මට හඳුනාගත හැකි වූ මොවුන් අතරේ වූ තවත් උන් අත පොලු ද තිබිණි.

    zzඉන්න තැන්වලම හිටපියව් හෙල්ලුණොත් තොපි ඔක්‌කොම මරනවා"යි සැඩ පරුෂ වචනයෙන් කතා කළ එක්‌ ත්‍රස්‌තවාදියෙක්‌ භික්‌ෂූන් වහන්සේලා වැඩසිටි බසයට ගොඩ වුණේය. ඒ අවසරයෙන් කොටි, බසයේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ම සෝදිසි කළහ. භික්‌ෂූන් වහන්සේලාගේ විරසකයක්‌ නොවීය. තවමත් උන්වහන්සේලාගේ හදවත් තුළින් උතුරා ගලා හැළුණේ මෛත්‍රියේත් කරුණාවේත් සොඳුරු සිතිවිලි ස්‌වරයයි. කාලය හෙමි හෙමින් ගලා යත්ම තව නොබෝ වේලාවකින් සිදුවන්නට යන කුරිරු ජීවන විපත කුමක්‌ දැයි කාටත් වටහාගත හැකි විය. "අනේ මේ හාමුදුරුවන් වහන්සේලාට කිසිම කරදරයක්‌ කරන්න එපා. පිං අයිතිවෙයි." බසයේ රියෑදුරු ත්‍රස්‌තවාදීන් අබිමුව බැගෑපත්ව ආයාචනා කළේය.

    "අපට කරදර කරන්න එපා. අපි ළඟ කිසිම ආයුධයක්‌ නෑ. අපි යන්නෙ ධර්මය බෙදන්න" බසයේ සිටි තැතිගත් බොහොමයක්‌ භික්‌ෂූන් වහන්සේලාගේ මුවින් එබඳු බැගෑපත් වදන් නික්‌මුණද ත්‍රස්‌තවාදීන්ගේ හදවත් මුදු මොළොක්‌ බවට පැමිණවීමෙහිලා ඒ කිසිදු වදනෙකින් කිසිදු ඵලක්‌ නොවීය. ඒත් සමගම එක සාහසික ත්‍රස්‌තවාදියෙක්‌ තමන් අත වූ තියුණු කඩුව එක්‌ භික්‌ෂුවකගේ ගෙල මත හෙළීය. ඒ භික්‌ෂූන් වහන්සේ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ය. ඒත් සමගම තවත් ත්‍රස්‌තවාදීන් කිහිප දෙනකුම එහිමිගේ හිසට පහර පිට වෙඩි පහර කීපයක්‌ද එල්ල කළේ සිය හදවත අරාවූ කෘරත්වයේත්, සැහැසිබවේ හා නොමිනිස්‌කමේත් තරම කොතරම් දැයි හෙළිකොට දක්‌වමිනි. අපමණක්‌ විලාප හඬ හා සෝ සුසුම් මෙන්ම ආයචනාද මධ්‍යයේ සියල්ල සිදුවෙද්දී සුපේශල ශික්‌ෂාකාමී සම්මා සම්බුදු පුතණුවන් වහන්සේලා තිස්‌නමක්‌ සැහැසි කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරනු ලැබූහ. එමෙන්ම ඒ නරුම නොමිනිසුන් අතරින් ඒ බසය තුළම තවත් ගිහියෝ හතරදෙනෙක්‌ද සදහටම දෙනෙත් පියාගෙන සිටියහ. කොටින්ගේ කඩු පහර හා වෙඩි පහර ලබා අසාධ්‍යවූ බසයේ වූ තවත් භික්‌ෂූන් වහන්සේලා දෙනමක්‌ මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූහ. තවත් නවදෙනකු අම්පාර රෝහලට ඇතුළත් කෙරුණේ ඒ ෙ€දනීය සිදුවීම හමාරයේ අරන්තලාවට පැමිණි ආරක්‍ෂක අංශවල මැදිහත් වීමෙනි.

    මාස තුනක්‌ ඇතුළත කොටි ත්‍රස්‌තවාදීන් අරන්තලාවේදී සිදු කළ තුන්වැනි මහා මිනිස්‌ ඝාතනය එදා එලෙසින් නිමාවට පත්විය. ඝාතනයට ලක්‌වූ භික්‌ෂූන් වහන්සේලා අම්පාරෙන් කළුතර බලා පිටත් වී තිබුණේ ඊට පසු දින එනම් 03 වැනිදා ඇරැඹීමට නියමිතව තිබුණු කතරගම උදාගම් උත්සවය නිමිත්තෙන් සාම පා ගමනක නිරත වීමටයි.

    එදා එලෙසින් කොටි ත්‍රස්‌තවාදීහු උන්වහන්සේලාගේ ඒ සාම පා ගමනට පමණක්‌ නොව ජීවිත ගමනටද සදාකාලික විරාමය තැබූහ. එය එසේ වුවත් රුදුරු කොටින්aට තම පවිටු අරමුණු ව්‍යාපාරය තව දුරටත් ක්‍රියාත්මක කරගෙන යැමට සොබාදහමේ නීතිය ඉඩ දුන්නේ නැත. 2009 වර්ෂයේ මැයි මාසයේ අග භාගය වන විට ඔවුන්ගේ ඒ සාහසිකකම් සියල්ලක්‌ම මුලිනුපුටා දමා ත්‍රස්‌තවාදය මේ රටින් මුළුමනින්ම අතුගා දමන්නට ඒ අනුව ශ්‍රී ලංකා රජයට හැකියාව ලැබිණි.

    ත්‍රස්‌තවාදය එසේ නිමාවට පත් කළත් ත්‍රස්‌තවාදීන් සිදු කළ කුරිරුකම් කිසිදාක අප මතකයෙන් ගිලිහී යන්නේ නැත. එදා සිදුවූ අරන්තලා භික්‌ෂු ඝාතනයද එබඳු එක්‌ ශෝචනීයතම සිදුවීමයි. එය සිදුවී වසර 25 ක්‌ ගත වන අද (2 වැනිදා) දවසේ අපගේ ඒකායන ප්‍රාර්ථනාව වන්නේ යළිදු කිසි දිනෙක අහස පොළොව පවා නුහුලන මෙවන් අපරාධ අප දැසට නොපෑ යුතුය යන්නයි.සිරිලක්‌ දරණිතලයේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ම සැලුම් වෙව්ලුම් කවාලූ බිහිසුණු රුදුරු භීෂණ අතර කොටි ත්‍රස්‌තවාදී උවදුර තරම් තවත් උවදුරක්‌ නොවූ තරම්ය. ඒ මහා ව්‍යසනය, නැත්නම් පිළිලය විසින් අපේ රට තිස්‌ අවුරුද්දක්‌ම පෙළනු ලැබීය. දැන් ඒ පිළලය ශ්‍රී ලංකාද්වීපයෙන් අතුගා විනාශ කොට දමා ඉවරය. වේලුපිල්ලේ ප්‍රභාකරන් නම් වූ සාහසික සමූහ මිනිස්‌ ඝාතකයාත් ඔහු ඇතුළු කොටි කාඩරයන්ගේ කියුම් කෙරුම් සියල්ලත් දැන් ඇත්තේ පොත පතෙහි හා පින්තූරවලත් පමණි.

    සැහැසි කොටි ත්‍රස්‌තවාදීන් විසින් සිදුකරනු ලැබූ ඒ අතීත භීෂණකාරී මතක නටඹුන් අප්‍රමාණය අතරින් "අරන්තලාවේ භික්‌ෂු ඝාතනය ඇසෙන ඇසෙන මොහොතක්‌ මොහොතක්‌ පාසා අදත් අපගේ දෙනෙතට නගන්නේ කඳුළකි. ඒ කඳුළත් සමග හදවතට තල්ලු වී එහි සිතුවම් ඇඳෙන ඒ මහා ෙ€දවාචකයෙන් සැබැවින් බොදු නොබොදු කාගේත් සිත් සතන් මොහොතකට ප්‍රකම්පනය වී සසල වන්නේය. අරන්තලාවේ භික්‌ෂු ඝාතනය නම් වූ මේ මහා මානව අපරාධය සිදුවූයේ එක්‌දහස්‌ නවසිය අසූ හතෙහි ජුනි මස දෙවැනිදාය. අද වැනි දවසක ඒ අමිහිරි අපරාධයේ මතක සටහන් ගොනුවෙන් බිඳක්‌ යළිත් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ කොටි ඒ අපරාධය සිදුකර අදට අවුරුදු 25 ක්‌ සම්පූර්ණ වන හෙයිනි.

    එදා එනම් එක්‌දහස්‌ නවසිය අසූහතේ ජුනි මස 02 වැනිදා ද වෙනදාට මෙන්ම නැගෙනහිරෙන් හිරු නැගී තිබිණි. මහා වාපී විහාරාධිපති පූජ්‍ය දිගාමඩුල්ලේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්‍ෂ හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියන් තවත් භික්‌ෂුන් පිරිසක්‌ පිරිවරා ගෙන අම්පාරෙන් පිටත් වූයේ අලුයම 5.00 ට පමණය. භික්‌ෂුන් වහන්සේලා මෙන්ම ගිහියෝ කීපදෙනෙක්‌ද ඒ ගමනට එක්‌වී සිටියහ. දවසේ හිරු නැගෙන්නටත් ප්‍රථම උන්වහන්සේලා ලංගම බසයක නැගී මේ වැඩම වූයේ සත සිත නිවාතවා සනහන සද්ධර්ම චාරිකාවක්‌ සඳහාය. ඈත කඳුහෙල් හා ගිරි සිඛර අතරින් ළහිරු මඬලේ අරුණුවන් රැස්‌ මහපොළොව සිප ගනිද්දී මේ භික්‌ෂූන් වහන්සේලා රැගත් බස්‌රිය හෙමින් හෙමින් ගමනාන්තය අරමුණුකරගෙන පෙරට ඇදුණේය. ගිහි පැවිදි 4 දෙනකු සිටි එම බසයට ඒ අයුරින් එන්නට ලැබුණේ අරන්තලාව නුවරගල 28 වැනි සැතපුම් කණුව තෙක්‌ පමණි. 28 වැනි සැතපුම් කණුව ආසන්නයට බසය ළංවෙත්ම එක්‌වරම සිදුවූයේ කවුරුත් හීනෙකින්වත් නොසිතූ දෙයකි. සොඳුරු දවසකට හිරු පායා තිබුණ ද වැහි බීරිමක්‌ මෙන් වූ වටපිටාවේ අඳුරු පරිසරය පළකර තිබූ පාළු මූසල ස්‌වභාවය කාටත් කියාපෑවේ මහ විපතක පෙරනිමිත්තක්‌ වැන්න. වේලාව උදැසන 7.30 ඉක්‌මවා තිබුණේ නැත පාර හරහා දමා තිබුණේ ලොකු ලී කොටයකි. රියෑදුරුට එය ප්‍රහේළිකාවක්‌ විය. ඔහු භික්‌ෂූන් වහන්සේලා වැඩසිටි බසය වහා නතර කළේය. ඉන් ඉක්‌බිතිව දක්‌නට ලැබුණු දසුන් පෙළෙන් රියෑදුරු පමණක්‌ නොව බසයේ සිටි සියල්ලෝම තැති ගත්හ. සාහසිකයන් පිරිසක්‌ වහා වහා බසය ළඟට ආවේ එතෙක්‌ ඔවුන් සැඟවී සිටි අවට ලඳු කැලෑවලින් මෑත් වෙමිනි. ඔවුන්ගෙන් ඇතැමෙකු ළඟ තිබුණේ තුවක්‌කුය. ඇතැම් පිරිසක්‌ ළඟ තිබුණේ තියුණු ලෙස මුවහත් කළ කඩු රැසකි. කාඩර කොටි ත්‍රස්‌තවාදීන් යෑයි බැලූ බැල්මට හඳුනාගත හැකි වූ මොවුන් අතරේ වූ තවත් උන් අත පොලු ද තිබිණි.

    zzඉන්න තැන්වලම හිටපියව් හෙල්ලුණොත් තොපි ඔක්‌කොම මරනවා"යි සැඩ පරුෂ වචනයෙන් කතා කළ එක්‌ ත්‍රස්‌තවාදියෙක්‌ භික්‌ෂූන් වහන්සේලා වැඩසිටි බසයට ගොඩ වුණේය. ඒ අවසරයෙන් කොටි, බසයේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ම සෝදිසි කළහ. භික්‌ෂූන් වහන්සේලාගේ විරසකයක්‌ නොවීය. තවමත් උන්වහන්සේලාගේ හදවත් තුළින් උතුරා ගලා හැළුණේ මෛත්‍රියේත් කරුණාවේත් සොඳුරු සිතිවිලි ස්‌වරයයි. කාලය හෙමි හෙමින් ගලා යත්ම තව නොබෝ වේලාවකින් සිදුවන්නට යන කුරිරු ජීවන විපත කුමක්‌ දැයි කාටත් වටහාගත හැකි විය. "අනේ මේ හාමුදුරුවන් වහන්සේලාට කිසිම කරදරයක්‌ කරන්න එපා. පිං අයිතිවෙයි." බසයේ රියෑදුරු ත්‍රස්‌තවාදීන් අබිමුව බැගෑපත්ව ආයාචනා කළේය.

    "අපට කරදර කරන්න එපා. අපි ළඟ කිසිම ආයුධයක්‌ නෑ. අපි යන්නෙ ධර්මය බෙදන්න" බසයේ සිටි තැතිගත් බොහොමයක්‌ භික්‌ෂූන් වහන්සේලාගේ මුවින් එබඳු බැගෑපත් වදන් නික්‌මුණද ත්‍රස්‌තවාදීන්ගේ හදවත් මුදු මොළොක්‌ බවට පැමිණවීමෙහිලා ඒ කිසිදු වදනෙකින් කිසිදු ඵලක්‌ නොවීය. ඒත් සමගම එක සාහසික ත්‍රස්‌තවාදියෙක්‌ තමන් අත වූ තියුණු කඩුව එක්‌ භික්‌ෂුවකගේ ගෙල මත හෙළීය. ඒ භික්‌ෂූන් වහන්සේ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ය. ඒත් සමගම තවත් ත්‍රස්‌තවාදීන් කිහිප දෙනකුම එහිමිගේ හිසට පහර පිට වෙඩි පහර කීපයක්‌ද එල්ල කළේ සිය හදවත අරාවූ කෘරත්වයේත්, සැහැසිබවේ හා නොමිනිස්‌කමේත් තරම කොතරම් දැයි හෙළිකොට දක්‌වමිනි. අපමණක්‌ විලාප හඬ හා සෝ සුසුම් මෙන්ම ආයචනාද මධ්‍යයේ සියල්ල සිදුවෙද්දී සුපේශල ශික්‌ෂාකාමී සම්මා සම්බුදු පුතණුවන් වහන්සේලා තිස්‌නමක්‌ සැහැසි කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරනු ලැබූහ. එමෙන්ම ඒ නරුම නොමිනිසුන් අතරින් ඒ බසය තුළම තවත් ගිහියෝ හතරදෙනෙක්‌ද සදහටම දෙනෙත් පියාගෙන සිටියහ. කොටින්ගේ කඩු පහර හා වෙඩි පහර ලබා අසාධ්‍යවූ බසයේ වූ තවත් භික්‌ෂූන් වහන්සේලා දෙනමක්‌ මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූහ. තවත් නවදෙනකු අම්පාර රෝහලට ඇතුළත් කෙරුණේ ඒ ෙ€දනීය සිදුවීම හමාරයේ අරන්තලාවට පැමිණි ආරක්‍ෂක අංශවල මැදිහත් වීමෙනි.

    මාස තුනක්‌ ඇතුළත කොටි ත්‍රස්‌තවාදීන් අරන්තලාවේදී සිදු කළ තුන්වැනි මහා මිනිස්‌ ඝාතනය එදා එලෙසින් නිමාවට පත්විය. ඝාතනයට ලක්‌වූ භික්‌ෂූන් වහන්සේලා අම්පාරෙන් කළුතර බලා පිටත් වී තිබුණේ ඊට පසු දින එනම් 03 වැනිදා ඇරැඹීමට නියමිතව තිබුණු කතරගම උදාගම් උත්සවය නිමිත්තෙන් සාම පා ගමනක නිරත වීමටයි.

    එදා එලෙසින් කොටි ත්‍රස්‌තවාදීහු උන්වහන්සේලාගේ ඒ සාම පා ගමනට පමණක්‌ නොව ජීවිත ගමනටද සදාකාලික විරාමය තැබූහ. එය එසේ වුවත් රුදුරු කොටින්aට තම පවිටු අරමුණු ව්‍යාපාරය තව දුරටත් ක්‍රියාත්මක කරගෙන යැමට සොබාදහමේ නීතිය ඉඩ දුන්නේ නැත. 2009 වර්ෂයේ මැයි මාසයේ අග භාගය වන විට ඔවුන්ගේ ඒ සාහසිකකම් සියල්ලක්‌ම මුලිනුපුටා දමා ත්‍රස්‌තවාදය මේ රටින් මුළුමනින්ම අතුගා දමන්නට ඒ අනුව ශ්‍රී ලංකා රජයට හැකියාව ලැබිණි.

    ත්‍රස්‌තවාදය එසේ නිමාවට පත් කළත් ත්‍රස්‌තවාදීන් සිදු කළ කුරිරුකම් කිසිදාක අප මතකයෙන් ගිලිහී යන්නේ නැත. එදා සිදුවූ අරන්තලා භික්‌ෂු ඝාතනයද එබඳු එක්‌ ශෝචනීයතම සිදුවීමයි. එය සිදුවී වසර 25 ක්‌ ගත වන අද (2 වැනිදා) දවසේ අපගේ ඒකායන ප්‍රාර්ථනාව වන්නේ යළිදු කිසි දිනෙක අහස පොළොව පවා නුහුලන මෙවන් අපරාධ අප දැසට නොපෑ යුතුය යන්නයි.