අරන්තලා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    අරන්තලා මහා භික්‍ෂු ඝාතනය සිදුවී අදට (2 වැනිදාට) වසර 27ක් සම්පූර්ණවේ. ඒ නිමිතිකොටගෙන අද (2දා) දවසපුරා අනුස්මරණ වැඩසටහන් මාලාවක් අරන්තලාව අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව අරන්තලා භික්‍ෂු ස්මාරකය ඉදිරිපිට ආගමික වතාවත් හා පුෂ්පෝපහාර පූජාවක් සිදු කිරීම, අරන්තලා භික්‍ෂු විශ්‍රාම ශාලාව සඳහා මුල්ගල තැබීම, සපිරිකර මහා සංඝගත දක්‍ෂිණාවක් ඇතුළු විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරේ.

    අරන්තලාවේ ඉදිකිරීමට නියමිත භික්‍ෂු කෞතුකාගාරය වෙනුවෙන් එදා මෙදාතුර ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් ඝාතනය වූ භික්‍ෂුන් වහන්සේගේ ඡායාරූප, තොරතුරු රැස් කිරීමටද කටයුතු යොදා ඇතැයි අරන්තලාව ශ්‍රී ඉන්දසාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරතන හිමියෝ පවසති.

    එම තොරතුරු ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අරන්තලාව, මංගලගම, මහඔය හෝ දිගාමඩුල්ල, ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙන, අම්පාර ලිපිනයට නොපමාව ලබාදෙන මෙන් උන්වහන්සේ ඉල්ලා සිටිති.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    d24j.jpg


    4gq1.jpg