අරන් හදාගත් ළමයා දසවධ දි මරලා. මොහොමඩ් උස්මාන් සහ මොහොමඩ් ෆාතිමා යුවළට මරණ දඩුවම 💀

elajani

Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    couple-sentenced-to-death-for-killing-adopted-child-with-10-stab-wounds

    දරුකමට හදාගත් වයස අවුරුදු දෙකක පිරිමි දරුවකු කෲර වධ හිංසාවන්ට ලක්කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ අඹු සැමි යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (06) මරණ දණ්ඩනය නියම කළේය.

    ගිනි පෙනෙලිවලින් පුච්චා, පහරදීමෙන් ඇති වූ තුවාල 90ක් පමණ සිරුර පුරා ඇති මියගිය දරුවා වළ දැමීමට සූදානම් වීමේ දී පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මීට වසර 07කට පෙර අත්අඩංගුවට ගනු ලැබු දරු දෙදෙනකුගේ මවුපිය යුවළක් වන විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට මෙලෙස මරණ දණ්ඩනය නියම කළේය.

    ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගාරයේ දී ප්‍රාණය නිරුද්ධ වනතෙක් විත්තිකරුවන් බෙල්ලෙන් එල්ලා තැබීමට විනිසුරුවරයා නියම කළේය.මෙලෙස මරණ දණ්ඩනය නියම කරන ලද්දේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි දරු දෙදෙනකුගේ මවුපිය යුවළක් වන මොහොමඩ් අලි මොහොමඩ් උස්මාන් සහ මොහොමඩ් ෆාහිම් ෆාතිමා සියානා නමැති අඹුසැමි යුවළකටය.

    2018 මැයි 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්තේ දී අවුරුදු දෙකක පිරිමි ළමයකු කෲර වධ හිංසාවට ලක්කර මරණය සිදුකළ බවට විත්තිකාර යුවළට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේ දී විත්තිකාර අඹුසැමි යුවළට පිරිමිදරුවන් නැති හේතුවෙන් හදා වඩා ගැනීමට ගත් අවුරුදු දෙකක් වයසැති පිරිමි ළමයා කෲර වධ හිංසාවට ලක්කර මරණයට පත්කර ඇති බව පැමිණිල්ලේ සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

    පිරිමි දරුවකුගේ මළ සිරුරක් මරණ පරීක්ෂණයකින් තොරව වළ දැමීමට සූදානම් වන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විත්තිකරුවන් පදිංචිව සිට මාලිගාවත්තේ නිවසට ගොස් කළ ප්‍රශ්න කිරීම්වල දී පරස්පර කරුණු හෙළිවීම නිසා ඇතිවූ සැකය මත දරුවාගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බව සාක්ෂි විභාගයේ දී හෙළිවිය.

    ඒ අනුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයෙ දී දරුවාගේ සිරුර පුරා පිලිස්සීමෙන් හා පහරදීමෙන් ඇති වූ තුවාල කැළැල් 90ක් පමණ සොයා ගෙන තිබු අතර ඒ පිළිබඳ විස්තර කරමින් අධිකරණයේ සාක්ෂි දුන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා දරුවා කාලයක සිට දරුණු ලෙස වධ හිංසනයට ලක්ව තිබූ ආකාරය පැහැදිලි කළේය.

    පිලිස්සීමෙන් හා පහරදීමෙන් දරුවාගේ සිරුර පුරා තුවාල වී ඇති ආකාරය පිළිබඳව ද දරුවාගේ වෘෂණ කෝෂවලටද දැඩි ලෙස හානි කර තිබූ ආකාරය ද වෛද්‍යවරයාගේ සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයි තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුවන් චේතනාන්විතවම දරුවා ප්‍රචණ්ඩත්වයට ලක්කිරීම හේතුවෙන් දරුවාගේ මරණය සිදුවී ඇති බව තීන්දුව දෙමින් අවධාරණය කළේය.

    රෝගී වූ දරුවා කොළඹ ළමා රෝහල අසලටම ගෙන ගොස් දරුවා ළමා රෝහලට ඇතුළත් නොකර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍යවරයකු වෙත රැගෙන යෑමේ විත්තිකරුවන්ගේ ක්‍රියාකලාපය බරපතළ සැකයට තුඩු දෙන බව තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා මියගිය දරුවා සිටියේ විත්තිකරුවන් භාරයේ බවටත් එසේ සිටිය දී මෙම මරණය වී ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී ඇති බවටත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවටත් අවධාරණය කළේය.

    සියලු සාක්ෂි විශ්ලේෂණය කිරීමේ දී විත්තිකරුවන් භාරයේ ජීවත් වූ දරුවාට වෛද්‍ය සාක්ෂිවලින් හා විමර්ශනවල දී හෙළි වූ තුවාල සිදු වී ඇති බවටත් විත්තිකරුවන් ඒවාට වගකිවයුතු බවටත් තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළේය. ඒ අනුව මිනීමැරීමේ චෝදනාවන්ට විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් බවට තීරණය කළ විනිසුරුවරයා දඬුවම් නියම කිරීමට මත්තෙන් පැවසීමට යමක් ඇතිදැයි විමසීය.

    ඒ අවස්ථාවේ දී අධිකරණය ඇමතූ විත්තිකාර යුවළ මෙම චෝදනාවන්ට තමන් නිර්දෝෂි යැයි පැවසූහ. විත්තිකාරිය අධිකරණය අමතමින් තමන්ට පිරිමි ළමයකු නොමැති නිසා මෙම දරුවා අරගෙන හදාගත් බවත් මෙම සිද්ධියට තමන්ගේ සම්බන්ධයක් නොමැති හෙයින් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටියාය.අනතුරුව අධිකරණයේ දැල්වෙමින් තිබු විදුලි බුබුළු නිවා දමා ක්‍රියාත්මක වෙමින් තිබු විදුලි පංකා අක්‍රිය කර විත්තිකාර අඹුසැමි යුවළට මරණ දඬුවම නියම කළ විනිසුරුවරයා මරණ දඬුවමට අත්සන් තැබු පැන ද කඩා දැමුවේය.
    (මනෝප්‍රිය ගුණසේකර)

    @Al Baik දරුවගේ ආගම මොකක්ද?
    ------ Post added on Mar 8, 2025 at 11:11 AM
    ආයෙ ළමයි නැත
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,629
    6,182

    Bump
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගාරයේ දී ප්‍රාණය නිරුද්ධ වනතෙක් විත්තිකරුවන් බෙල්ලෙන් එල්ලා තැබීමට

    Wenawa nam hodai