අරලිය පෝනියන් අසූදාහට විකුණලා
ගනුදෙනුව ඡන්දෙට පසුදාම මාළඹේදී
2015 ජනවාරි මස 19 11:43:08 | . , දයාරත්න පතිරණ
අරලිය ගහ මන්දිරයේ සිටි බව කියන පෝනියන් සිව් දෙනකු, කුකුළන් හා හා පැටවුන් සමූහයක් හම්බන්තොට කුරුළු රක්ෂිතය බාරව සිටින පුද්ගලයකුගෙන් රුපියල් 80,000කට මිලට ගත් බව පිළියන්දල ව්‍යාපාරික අසංක ඉන්ද්‍රජිත් මහතා කියයි.
අරලිය ගහ මන්දිරයේද සේවය කරන මාළඹේ පදිංචි අජිත් ගාල්ලගේ එම සතුන් සතුන් ප්‍රවාහනය කරන වාහනයකින් මාළඹේට ගෙනැවිත් දුන් බවත් එතැනි සිට තම වාහනයෙන් තම ගොවිපොළට රැගෙන ගිය බවත් ඉන්ද්‍රජිත් මහතා පවසයි.
අක්කර 3 ක කැලෑ බද ඉඩමේ සුදු පෝනියෝ දෙදෙනෙක් හා දුඹුරු පෝනියෝ දෙදෙනෙක් සිටි අතර සතුන් බලා ගැනීමට තරුණයෝ දෙදෙනකුද සිටියහ.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතාට ලැබුණු තොරතුරක් අනුව පොලිසියත් සමග ඉරිදා රාත්‍රියෙහි සතුන් බැලීමට ගියේය. එහිදී කළ විමසීමකදී සතුන් හිමිකරු පොලිසියට ඉහත තොරතුරු කීවේය.
- http://www.lankadeepa.lk/index.php/top_story/291089

Last edited: