අරලිය ලන්දට Araliya Landata Nanda Malini

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,083
    14,155
    113


    අරලිය ලන්දට - සඳ පායන කොට
    තුරුලිය මල් වට - බඹරු බමන විට
    සිය සිය සිය දහසට - ඇඟිලි ගණිනා මට
    ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
    ගී පද ලියැවෙනවා...

    රඹවන් හේනේ - කරල් පැසෙන කොට
    අඹ මල් ගානේ - ගිරව් හඬන විට
    දොඹ තුරු මානේ - සෙවන දකින මට
    ඔබ ගැන සිහිවෙනවා - එතකොට
    සි ති විලි ඉගිලෙනවා...

    අරලිය ලන්දට...//

    දඬු‍වැල් බෑ මී - සුවඳ දැනෙන කොට
    පඬුවන් අහසේ - තරු පායන විට
    හැඬුමට නොහැකිව - දෙඇස වසන මට
    ඔබ ගැන සිහි‍වෙනවා - එතකොට
    සි හි නය උපදිනවා....

    අරලිය ලන්දට...//

    ගායනය : නන්දා මාලිනී
    පද රචනය : ප්‍රියන්ත ධර්මවංශ
    සංගීතය : කාලෝ විජේසිරි

    මේකේ remix එකක් තියෙනවා,එකත් ලස්සනයි,හැබැයි එක මෙතන දාන්න හිතුනේ නැ.
    ------ Post added on Aug 7, 2022 at 8:49 AM