අර්චුනාගෙන් වන්දි ඉල්ලා යාපනය රෝහලෙන් නඩු..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කලේ යැයි පවසමින් මන්ත්‍රීවරයාට එරෙහිව රුපියල් මිලියන 100 ක් ඉල්ලා යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්තී විසින් යාපනය අධීකරණයේදී අපහාස නඩුවක් ගොනුකොට ඇත.

    යාපනය මහරෝහලට ඇතුල් වී කාර්ය මණ්ඩලයට බාධා කිරීම සහ රෝහල් අධ්‍යක්ෂක ටී.සත්‍යමූර්ති වෛද්‍යවරයාට අපහසාත්මක අයුරින් බැනවැදීම ආදි කරුණු සම්බන්ධයෙන් පසුගිය 17 වනදා රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා යාපනය අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව රෝහල් අධ්‍යක්ෂක වරයා මෙලෙස අපහාස නඩුවක් ගොනු කරනු ලැබීය.



    අදාල නඩුව මගින් රෝහල් අධ්‍යක්ෂක වරයා පවස ඇත්තේ අවස්ථා කිහිපයකදීම අර්චුන මන්ත්‍රීවරයා විසින් තමන්ට බැනවැදීම, තර්ජනාත්මක ස්වරූපයෙන් මෙන්ම අපහාස කිරීම ආදී කරුනු සැලකිල්ලට ගනිමින් තමන්ගේ කිර්තිනාමයට හානිවීම හේතුවෙන් මෙලෙස අපහාස නඩුවක් ගොනුකොට රුපියල් මිලියන 100 ක වන්දියක් ලබාගැනීමට නියමිත් බවටයි.


    එමෙන්ම යපනය දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේද, සමාජ මාධ්‍ය මගින් හා විවිධ ස්ථානවල සිට පාර්ලිමේන්තුව තුලද අර්චුනා මන්ත්‍රීවරයා විසින් තමන්ට මෙන්ම යපනය ශික්ෂණ රෝහලේ කීර්තිනාමයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකර ඇති බවටද රෝහල් අධ්‍යක්ෂක වරයා විසින් අදාල නඩුව ගොනුකරමින් පෙන්ව දී ඇත.


    මේ වන විට අර්චුනා මන්ත්‍රීවරයාට ඒරෙහිව දිවයිනේ විවිධ පුද්ගලයින් විසින් නඩු 20 ක් පමණ ගෙනුකොට තිබීමද විශේෂත්වයක් වෙයි.

    keri demalata pissuda koheda
     
    • Haha
    Reactions: Nidarshana_k

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,007
    113
    සත්‍යමූර්ති Dr. ඉතාම යහපත් කෙනෙක්. Donation එකකට ගිහින් වැඩේ coordinate කරගන්න කෙනෙක් ගේ no ඉල්ලුවා එයාගෙන්.... ඕකට වෙන අය හරියන්නේ නෑ... මට කතා කරන්න ආවහම කියලා full සප් එකක් දුන්නා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පාර්ලිමේන්තුව ඇතුලෙ කියපුවාට නඩු නැත
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,902
    113
    ප*යාගල
    sorry.com
    පාර්ලිමේන්තුව ඇතුලෙ කියපුවාට නඩු නැත
    මූ එලියෙදිත් හොස්පිටල් එකට ගිහින් එතන්දි ගෙමක් ඉල්ලල . අනික් ඩොක්ටර්ස් ල මූට සර් කිව්වෙ නැ කියල
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    කොහොම ලැබුණත් මූට මේ ලැබෙන ප්‍රසිද්ධිය නම් කෝටි ගණනක් වටිනවා.