යාපනය දිස්ත්රීක් පාර්ලිම්න්තු මන්ත්රී රාමනදන් අර්චුනා මහතා අද(29) රාත්රියේ අනුරාධපුර මහෙස්ත්රාත් වරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට නියෝග කල බවට අනුරාධපුර පොලීසිය පැවසීය.
ඇපමත මුදාහැරුනු මන්ත්රීවරයාට එරෙහි නඩුව යලි පෙබරවාරි 03 වන දින කැඳවීමටද අනුරාධපුර මහෙස්ත්රාත් වරයා නියෝග ලබාදී ඇත.
රාමනාදන් මන්ත්රීවරයා අද දින යාපනය පොලීසියේදී අනුරාධපුර පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ රඹෑව පොලිස් වසමේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු විය
@Walter White ubala a drama ekath hari