රට තුළ ආර්ථික මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කර තිබේ.
ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළා.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙම තීන්දුව ලබා දුන්නේය.
-
https://sinhala.adaderana.lk/news/189508
MR, BR, Gota, Cabraal and others responsible for mishandling economic crisis -SC
COLOMBO (Daily Mirror) - The Supreme Court today held that several respondents including former President Gotabaya Rajapaksa, former Prime Minister Mahinda Rajapaksa, former Finance Minister Basil Rajapaksa and former CBSL Governor Ajith Nivard Cabraal are responsible for mishandling the economic crisis in the country.
Accordingly, in a majority decision of the Supreme Court five-judge-bench ruled that respondents including former President Gotabaya Rajapaksa, former Prime Minister Mahinda Rajapaksa, former Finance Minister Basil Rajapaksa, former CBSL Governor Ajith Nivard Cabraal, former Treasury Secretary S.R. Artigala and former President's Secretary P.B. Jayasundara have violated the public trust and fundamental rights of the petitioners.
- https://sinhala.adaderana.lk/news/189508