අරාබි වසන්තය ඇවිදින්... හේමන්තය ඉදිරියට....

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අරාබි වසන්තය ඇවිදින්... හේමන්තය ඉදිරියට....

    අරාබි වසන්තය ඇවිදින්.....හේමන්තය ඉදිරියට..




    පසුගිය 8 වැනි දා මෙරටට අරාබි වසන්තය උදාවිය. එය වසන්තයක් වන්නේ රටට නොව බටහිරයන්ට, ඔවුන්ගේ අනුගාමිකය ඊනියා උගතුන්ට හා දෙමළ ජාතිවාදීන්ට ය. අප වැනි නූගතුන්ට, සාමාන්‍ය ජනයාට දැඩි ශීත කාලයකට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවනු ඇත. ජාතිය පාවාදුන්නෝ දෙමළ ජාතිවාදීන් සමග පෙම් කෙළියේ පසුවෙති. ඔවුන්ගේ මධුසමය ගෙවෙනු ඇත්තේ සිංහලයන්ගේ මළකඳන් පාවෙන ලේ විලක ය. අද සිංහලයන්ට නායකත්වයක් නැත. කිසි දෙයක් කරගත නොහැකි පිරිසක් තැන තැන ඊනියා සාකච්ඡා පවත්වති. එහෙත් ඔවුන්ට අරමුණක් නැත. සාකච්ඡා තේ බීමට සීමාවෙයි. ආණ්ඩුව ඉතා ඉක්මණින් තම පරාජය වසා ගනු ඇත. පෞද්ගලිකව ගතහොත් මට කළ හැකි දෙයක් නැත. පිරිස් සංවිධානය කිරීමේ ලා ඉතා දුර්වලයකු වන මට උපක්‍රම කිසිවක් නො තේරෙයි. හැරත් මිනිස්සු මා කියන දෙයක් ගැන සැලකිල්ලක් නො දක්වති. මා තවමත් පුවත්පත්වලට (දැන් එය දෙකකට පමණක් සීමා වී ඇත) ලියන්නේ තවමත් මගේ මමත්වය නොනැසී ඇති බැවින් මිස ඉන් සත පහක වැඩක් රටට වන නිසා නො වේ. (මේ ලිපිය ඉරිදා රිවිර පත්‍රය පළ කළේ නැත. එමෙන් ම දිනපතා රිවිර පත්‍රයට පසුගිය සතියේ යවන ලද ලිපිය ද පළ වූයේ නැත. එබැවින් මින් මතු රිවිර පුවත්පතට ද නො ලියමි. අවුරුදු තිහක් පමණ ලිපි ලිවීමෙන් පසු කිසිදු වැඩක් වී නැති බැවින් ලිපි ලිවීම නතර කිරීමෙන් රටට එය නොදැනෙනු ඇත)


    එහෙත් ඒ ලිවීමෙන් හා ජනමාධ්‍යවල පෙනී සිටීමෙන් රටට වැඩක් නැති වුවත් පෞද්ගලික ව ගතහොත් මට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි සාමාජිකත්වයක් ලැබිණි. එය තනතුරක් නො වීය. එයට වැටුපක් නොලැබුණත් කොමිෂමේ රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් දිමනාවක් ලැබිණි. මාස හයක කාලයක් මම ඒ සාමාජිකත්වය දැරීමි. ඉන් රටට හෝ කොමිෂමට හෝ උසස් අධ්‍යාපනයට හෝ තුට්ටුවක වැඩක් නොවුවත් මට නම් ගුවනින් ත්‍රිකුණාමලයට හා යාපනයට යෑමේ අවස්ථාව ලැබිණි. ඒ එහි සිද්ධ වෙදකම ඉගැන්වීම සොයා බැලීම සම්බන්ධයෙනි. කසිකබල් උගතුන් තමන්ට අනුව සිංහල ජාතිවාදියකු වූ මගෙන් සිද්ධ වෙදකමට විය හැකි සේවය කුමක් දැයි අසනු ඇත. සේවයක් ඇතත් නැතත් මට නොමිළේ ගුවන් ගමන් දෙකක් ලැබිණි. මගේ පත්වීම දේශපාලන පත්වීමක් විය. ඒ සඳහා මට සුදුසු කමක් නො විය. බටහිර අධ්‍යාපනයට විරුද්ධ මා වැන්නකුගෙන් ඊනියා උසස් අධ්‍යාපනයට විය හැකි සෙත කුමක් ද? කොමිෂන්සභා සාමාජිකත්වය හුදෙක් මහින්ද රාජපක්‍ෂ මහතා මට දුන් “ත්‍යාගයක්” විය. කෙසේ වෙතත් නවවැනි දා සවස ම සිරිසේන මහතා දිවුරුම් දුන් විගස ම මම ඒ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමි (අස්වීමේ ලිපිය ද කාලය වෙබ් අඩවියේ ඇත). එසේ අස් නොවී නම් තුට්ටුවක් නොවටිනා විශ්වවිද්‍යාල ගුරුවරුන් සමූහයක් මට අස්වන ලෙසට හෝ මා අස්කරන ලෙසට හෝ කරන උද්ඝෝෂණ හමුවේ මා දූෂිතයකු ලෙස නම්කිරීමට තිබිණි. කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතා වැන්නකුගේ ජනාධිපතිත්වය යටතේ ඒ සාමාජිකත්වය දැරීමෙන් මගේ ගෞරවයට හානියක් කරගැනීමට මට අවශ්‍ය නොවන බව ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කළෙමි.


    ජාතික මතවාදය වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් ලියන කියන අය තමන්ගේ සිහින ලෝකවලින් බිමට වැටී ඇති ආකරය දැකගත හැකි විය. ඔවුන් බොහෝ දෙනකු සිතා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්කළේ තමන් බවත් ඊනියා යුද්ධය ජයග්‍රහණය කළේ තමන්ගේ ලිය කියවිලි හා දේශන නිසා බවත් ය. එහෙත් ඔවුන්ට ඒ ලියකියවිලි, දේශන පමණක් නොව තොරතේ්ංචියක් නැතිව පවත්වන ලද පුවත්පත් සාකච්ඡා (ඔවුන්ගේ හා ජනමාධ්‍යවේදීන්ගේ බසින් ප්‍රෙස්) මගින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජය වළක්වා ගැනීමට නො හැකි විය. ජනතාව තීරණවලට එළඹෙන්නේ ජනමාධ්‍යයට සවන්දීමෙන්, ඒ කියවීමෙන් නැරඹීමෙන් නො වේ. ඔවුන්ගේ සාමූහික මනස හැසිරවෙන ආකාරය ගැන මට නම් අවබෝධයක් නැත. එය සෘජු ව කෙරෙන්නක් නොවන බව පමණක් පැහැදිලි ය. ඒ කළ හැක්කේ කපටිකමනි. චාටුවෙනි. බොරුවෙනි. බොහෝ තරුණයන් තරුණියන්ගේ සිත් දිනගන්නේ ද ඒ අන්දමින් යැයි සිතෙයි. පසුගිය අවුරුදු පහ පුරාම ජනමනස රාජපක්‍ෂවරුන්ට එරෙහිව සියුම් ව සකස් කෙරිණි. එය පිටුපස බටහිරයෝ සිටියහ (මේ කතාව පසුව කිව යුතු ය). අද වන විට සිංහල ජනමනස යම් ප්‍රමාණයකට පමණක් නොව මහින්ද රාජපක්‍ෂ මහතාට පින්සිදුවන්නට තම හිස කඳට උඩින් තබාගත් අය පවා ඒ මහතාට විරුද්ධ තැනකට ගෙනැවිත් ඇත. විශේෂයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ මැති ඇමති ධුර දැරූ අයට මෙය වලංගු වෙයි.


    පාර්ලිමේන්තුවේ තමන්ට බහුතරයක් මන්ත්‍රින් සිටියත් විපක්‍ෂයේ වාඩි වී සිටීමට තරම් නිවට බවක් කොන්ද පණ නැති කමක් ශ්‍රී ල නි පක්‍ෂයේ නායකයන් යැයි කියාගන්නා අයට ඇත. ඔවුන්ට අද ඇත්තේ තමන්ගේ කුණු කය ආරක්‍ෂා කරගැනීමේ නිවට අරමුණ පමණකි. ඔවුන් මෛත්‍රිපාල සිරිසේන මහතා පක්‍ෂයේ සභාපති පදවියට පත්කර ගත්තේ පක්‍ෂ ව්‍යවස්ථාව අනුව එසේ කළ යුතු නිසා නො වේ. පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයට පත්වන්නකු පක්‍ෂ සභාපතිකමට පත්වන්නේ ඔහු ශ්‍රි ල නි පක්‍ෂයෙන් හෝ පක්‍ෂ නායකත්වයෙන් ඇති සංධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් පමණකි. සිරිසේන මහතා ඉදිරිපත් වූයේ ඉඳහිට මකුළුදැල් කඩා එලියට ගන්නා පක්‍ෂයක නමින් ය. අනෙක් අතට ශී ල නි ප සභාපති නිලබලයෙන් සංධානයේ නායකයා ද වෙයි. ශ්‍රී ල නි ප කෙරුමන් සිරිසේන මහතා තම පක්‍ෂයේ සභාපති ධුරයට පත්කර ගැනීමේ දී සංධානයේ අනෙක් පක්‍ෂවලින් ඒ පිළිබඳ විමසූ බවක් දැන ගැනීමට නැත. මේ කෙරුමන් අනෙක් පක්‍ෂවලට ද සිරිසේන මහතාගේ නායකත්වය ලබා දීමට කටයුතු කර ඇති බව පැහැදිලි ය. දූෂිතයන්ට දඬුවම් කිරීම, කෘෂි රසායන ක්‍රමයෙන් ඉවත්කිරීම, ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම ආදී කරුණු නිසා නොව තමන්ට අගමැතිකම නොදීම නිසා තම පක්‍ෂයට ද්‍රෝහි වී වෙනත් පක්‍ෂයකින් තරග කළ අයකු පක්‍ෂයේ සභාපති පදවියට පත්කර ගැනීම තරම් ද්‍රෝහිකමක් පක්‍ෂයේ ඉතිහාසයේ කර ඇත්නම් ඒ චන්ද්‍රිකා කුමාරතුංග හා විජය කුමාරතුංග ය. තමන්ගේ කඳ බඩ ආරක්‍ෂා කරගැනීම හැර වෙනත් අරමුණක් මේ කෙරුමන්ට නැත. ඔවුන්ට ඇත්තේ උදාර පරමාර්ථ නොව උදර පරමාර්ථ ය. ඒ එසේ වුවත් මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් අය හා ජාතිකත්වයට නැඹුරු වූ පාක්‍ෂිකයන් මගින් ශ්‍රී ල නි පක්‍ෂය ගොඩගැනීම හැරෙන්නට කළහැකි අන්දෙයක් නැත.


    මහින්ද රාජපක්‍ෂ මහතා දූෂිතයන්ට හොරුන්ට දාමරිකයන්ට එරෙහිව පියවර ගෙන නැත. සරත් ෆොන්සේකා මහතාට හා ශිරාණි බණ්ඩාරනායක මහත්මියට දඬුවම් විඳීමට සිදුවයේ ඔවුන් යම් අවස්ථාවක දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටි නිසා යැයි සිතිය හැකි ය. මහින්ද රාජපක්‍ෂ මහතා දඬුවම් නොදුන්නේ තම පක්‍ෂයේ අයට පමණක් නො වේ. ඔහු බටලන්ද, සතොස විකිණීම, රාජ්‍ය සංස්ථා කුණු කොල්ලයට විකිණීම වෝටර්ස් එජ් මගඩිය ආදී කලින් ආණ්ඩුවල දහසක් වැරදි අමතක කළේ ය. ජ වි පෙරමුණේ මිනීමැරුම් ගැන කිසිවක් නො කළේ ය. ජ වි පෙරමුණේ බොරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන එදා මරු බියෙන් ඡන්ද පොළට ගිය ඡන්දදායකයන්ගෙන් අසා දැනගත හැකි ය. අද එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය බවට ජ වි පෙ පත් වී ඇත්තේ එහි නායකයන් තරුණ විය පසුකර කලක් ගත වී ඇති බව ද අමතක කරමිනි. මහින්ද රාජපක්‍ෂ මහතා මේ කිසිවකුට දඬුවම් නොකිරීම හේතුවෙන් අද ඔවුන්ට උපාසකයන් ලෙස සමාජය ඉදිරියට පැමිණ ඒ මහතාට ම විරුද්ධව කටයුතු කීිරීමට හැකි වී ඇත.


    මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව බටහිරයන් හා ඔවුන්ගේ වන්දිභට්ට දෙමළ ජාතිවාදීන් කටයුතු කළේ අද ඊයේ නො වේ. දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ නිර්මාණයකි. එය අඩුම තරමෙන් 1833 සිට ක්‍රියාත්මක වෙයි. අද මධ්‍යම පංතියේ ගෞරවයට පාත්‍ර වී සිටින ඊනියා දේශපාලන විචාරකයන් පනහට පනහ දෙමළ ඉල්ලීම්වල මුල ඇතැයි කීම පිළිබඳ අපි සතුටට පත්වෙමු. අප අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ ඒ බව කී නමුත් කසිකබල් මධ්‍යම පංතිකයෝ ඒ නොසළකා සිටියහ. දෙමළ ජාතිවාදය හතළිස්ගණන්වල දෙමළ බෙදුම්වාදය බවටත් හැත්තැගණන්වල දෙමළ ත්‍රස්තවාදය බවටත් විකාශය විය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වය (එදා අප දේශපාලන නායකත්වය ගැන කියද්දී පඬියෝ අපට සිනහසුණහ.) හා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මහපෙන්වීම යටතේ රණවිරුවෝ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළහ. ඒ රණවිරුවන්ට සරත් ෆොන්සේකා මහතා ද අයත්වන නමුත් සුදු කොඩි කතාවෙන් පසු ඔහු තමන්ට ද රටට ද හානියක් කළේ ය. අද ප්‍රශ්නය වී ඇත්තේ ඊනියා යහපාලනය නොව දෙමළ බෙදුම්වාදය හා දෙමළ ජාතිවාදය පරාජය කිරීම ය. එහෙත් බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි ක්‍රියාකරන මේ ආණ්ඩුවට ඒ කළ හැකි නො වේ. එපමණක් නොව දෙමළ ත්‍රස්තවාදය නැවත හිස එසවීමේ අවදානම ද වෙයි.



    රනිල් වික්‍රමසිංහ මහතා පුනරුච්චාරණය කරන බටහිරයන්ගේ වචනවලින් කිවහොත් රාජපක්‍ෂ රෙජිමය ගෙදර යැවීමට බටහිරයෝ 2010 සිට ම උත්සාහ ගත්හ. ඔවුහු අරාබි වසන්ත අනුගමනය කරමින් මෙරට ලේ හැලීම් මගින් රතුපස්වල, කටුනායක ආදී සිද්ධි ඔස්සේ මෙරට ඔවුන්ගේ ආවතේවකාරයන් සහභාගි කරගනිමින් මහින්ද රාජපක්‍ෂ මහතා ගෙදර යැවීමට උත්සාහ ගත්හ. ඒ සමග ඔවුහු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය මගින් ද එසේ කිරීමට කටයුතු කළහ. රාජිත සේනාරත්න මහතා කළකට පෙර හෙළිදරවු කළේ එයම දැයි අපි නො දනිමු. කෙසේ වෙතත් මේ ක්‍රියාවලිය ගැන එතරම් අවධානයක් යොමු නොකර ලේ හලන අරාබි වසන්තයක් ගැන පමණක් විමසිල්ලෙන් සිටීම අපෙන් වූ බලවත් වරදකි. ලේ හලන අරාබි වසන්තය අසාර්ථක වුවත් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී අරාබි වසන්තය සාර්ථක වී ඇත. එය කෙතරම් සාර්ථක වී ඇත් ද කිවහොත් අටවැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නොවුවත් නිවට ශ්‍රී ල නි පක්‍ෂ කෙරුමන්ගේ ද ආධාරය ඇතිව ඒ මහාමැතිවරණයක් බවට ද පත්කරගෙන එ ජා ප ආණ්ඩුවක් පිහිටුවීමට ද බටහිරයන්, විශේෂයෙන් ම එංගලන්තය සමත් වී ඇත. සාමාන්‍ය ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට එහි මහින්ද විරෝධී කෙරුමන් පරාජය කළ නොහැකි වුවහොත් අපට දරුණු හේමන්තයක් උදාවනු ඇත.


    නලින් ද සිල්වා


    2015-01-24

    source : http://www1.kalaya.org/
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනතාව ආණ්ඩුව වෙනස් කිරීමට ඡන්දය දී නැහැ


    (මෙය රිවිර පත්‍රයේ පළ නොකළ ලිපියකි)


    පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා නීත්‍යානුකූල ව ජනාධිපති බවට පත් වී ඇත. ඒ මහතාට මහින්ද රාජපක්‍ෂ මහතාට වඩා ඡන්ද ලක්‍ෂ හතරහමාරක් පමණ ලැබී ඇත. මේ ඡන්දවල පදනම අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා සිංහලයන්ගේ ඡන්දවලින් 45% ක් වත් ලබා නැත. අද ජනාධිපති සම්බන්ධයෙන් ගත්කල ඇත්තේ සුළුතරයේ ආධිපත්‍යයකි. (පසුගිය 18 වැනිදා ඉරිදා රිවිර බලන්න ) එය ඉංගිරිසින්ගේ අනුග්‍රහය ලැබූ දෙමළ ජාතිවාදීන් 1833 ව්‍යවස්ථාදායක සභාව ආරම්භයේ සිට ම බලාපොරොත්තු වූවකි. 1931න් පසුව ඩොනමොර් ව්‍යවස්ථාව යටතේ ජී ජි පොන්නම්බලම් පනහට පනහ ඉල්ලා සිටියේ ද ඒ අරමුණෙනි. මේ කරුණු අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ අපි ලිපි මගින් දේශන මගින් හා ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙන් ද කියා ඇත්තෙමු.


    ඒ කෙසේ වුවත් ජනාධිපතිවරණ නීති රීති රෙගුලාසි අණ පනත් අනුව මේ කිසිවක් ප්‍රශ්න නො වේ. ජනාධිපති ලෙස තේරී පත්වීමට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණයේ දී දුන් වලංගු ඡන්දවලින් සියයට පනහක් හා එක් ඡන්දයක් පමණ ය. ජනාධිපති ධුරයට මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වීම බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි සුළුතරයේ ආධිපත්‍යය පිහිටුවීම වුවත් එය ඔවුන්ගේ ම දේශපාලන විද්‍යාව අනුව නීත්‍යානුකූල වෙයි. එහෙත් ඒ සමග ප්‍රධාන වශයෙන් ම එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් පිහිටුවීම කිනම් පනතකට එකඟ ද? මෙරට ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කිරීමට ඡන්දය දී නැත. රවි කරුණානායක මහතා මුදල් ඇමති ලෙස පත්කිරීමට ඡන්දය දී නැත. මා කැමති වුවත් අකමැති වුවත් රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් 11 දෙනකුට ඇමතිකම් දීමට ඡන්දය දී නැත. ඊනියා යහපාලනයක මුවාවෙන් රටේ ආරක්‍ෂාව බිල්ලට දීමට ඡන්දය දී නැත. මේ දින කිහිපයෙහි දේශපාලන පළිගැනීම් කීයක් කර ඇත් ද? මහජනයා ඒ කිසිවක් සඳහා ඡන්දය දී නැත. දහතුන් වැනි සංශෝධනය ඒ අයුරින් ම ක්‍රියාත්මක කිරීමට ඡන්දය දී නැත. පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත්සභාවලට පැවරීමට ඡන්දය දී නැත. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ නැගෙනහිර පළාතෙනි. පළාත්සභාවලට පුර්ණ බලතල පැවරීමෙන් පසු මහවැලි ජලය බෙදාගැනීම පිළිබඳ ප්‍රශ්න ඇති නොවන්නේ ද? නැගෙනහිර පළාත් සභාව උතුරට එක්කර ඒකාබද්ධ පළාත් සභාව මහවැලි යෝජනා ක්‍රම මගින් මහවැලි ජලය සම්පුර්ණයෙන් ම ත්‍රිකුණාමලයට නොඑවීම පිළිබඳ ප්‍රශ්න ඇති කරනු ඇත. ජනතාව ඒ සඳහා චන්දය දී නැත.


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වැනි වගන්තියට අනුව ජනාධිපතිතුමාට තමා සිතන ආකාරයට පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගැනීමට හැකි අයකු අගමැති ධුරයට පත්කළ හැකි ය. එය සැබෑ ය. එහෙත් එය ඒ මහතාගේ (ජනාධිපතිතුමාගේ) සිතේ තිබෙන කාරණයකි. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් තෝරාගනු ලැබුයේ ජනවාරි 8 වැනි දා නො වේ. ඒ තෝරාගනු ලැබුයේ 2010 දී ය. එහි දී සංධානයට බහුතරයක් ලැබිණි. පසුව එය තුනෙන් දෙකේ වැඩි ඡන්දයක් බවට පත්විණි. අද වුවත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ සංධානයට ය. එසේ තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන්නේ කෙසේ ද? එය ව්‍යවස්ථාවට එකඟ වන්නේ ජනාධිපතිතුමාගේ සිතිවිල්ලක් අනුව පමණ ය. එය ඊනියා ශීලාචාරකම ද? එය යහපාලනය ද?


    සංධානයේ මන්ත්‍රීවරුන් දේශපාලන වශයෙන් ශීලාචාර වීම නිසා මේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් නොගෙනනවා විය හැකි ය. :rofl::rofl: ඔවුන් දේශපාලන වශයෙන් ශීලාචාර මිනිසුන් ලෙස ඊනියා දින සියයේ වැඩ සටහනට සහයෝගය දෙනවා විය හැකි ය. එහෙත් එපමණකින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කිරීම යුක්ති යුක්ත කළ නො හැකි ය. අනෙක් අතට ඊනියා දින සියයේ වැඩ සටහන වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කරන මෙන් ඉල්ලා පිහිටු වූ ආණ්ඩුවක වැඩසටහනක් නො වේ. එය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ පොරොන්දුවක් පමණකි. ඒ පොරොන්දුව සුදුසු පරිදි සංධාන ආණ්ඩුවකින් වුව ද ඉටුකර ගත හැකි ය.



    ජනවාරි 8 වැනි දා ඡන්දය සළකා බැලුව ද දිස්ත්‍රික් වශයෙන් සළකා බැලීමේ දී බහුතරය ඇත්තේ කිනම් පක්‍ෂයකට ද යන්න ගණනය කළ යුතු ය. එහෙත් එය ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධ නිර්ණායකය විය යුතු යැයි මම නො කියමි. එය පාර්ලිමේන්තු මැතිවරණයක් නො වී ය. ආණ්ඩුව පිහිටුවීමට මහජනයා ඡන්දය දුන්නේ 2010 දී ය. 2010 පාර්ලිමේන්තුව තවමත් විසුරුවා හැර නැත. ජනතාව ඒ ආණ්ඩුව වෙනස් කිරීමට ඡන්දය දී නැත. එසේ ඡන්දය දීමට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නැත. ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයකි. ඒ ඡන්දය අනුව ජනාධිපති තෝරාපත් කර ගැනීම නීත්‍යානුකූල මෙන් ම ශීලාචාර ද වෙයි. එහෙත් ඒ ඡන්දය අනුව ආණ්ඩුව පිහිටුවීම කිසිසේත් යුක්තියුක්ත කළ නො හැකි ය.





    නලින් ද සිල්වා
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මහින්දගේ පුකලෙවකාපු දැනුත්ලෙවකන නලින්ද කියන කුහකයාගේ මාද්‍ය ප්‍රකාශක විසින් පලකරන ලද ලිපියකි.

    මුන් හරිම බයයි අරාබි වසන්ත එනවට
    මොකද මේ වගේ උන්ට ගිය කල දැක්කනේ
    මහින්දට ආතල් එකේ යන්න නොදී බිම දාගෙන ඇදගෙන ගිහිං ඇරෙස්ට් කරල කුමන්ත්රණ කේස් වලට ඇතුලට දැම්ම නම් ඔකුන්ගේ කටවල් පුකවල් ශෝක් එකට වැහෙයි

    මහින්දවගේ උන්ට කඩේ යන කොටස් 2ක් ඉන්නව

    1. කෙලින්ම කඩේ යන උන්. මහින්දගේ කිසිම වැරද්දක් නොදකී.
    2. වහෙන් ඔරෝ කඩේ යති. මහින්දගේ දුෂණ විවේචනය කරයි දිය යටින් ගින්දර ගෙනියයි. යටින් මහින්දට කඩේ යයි. එවැනි කිහිප දෙනෙක් එලකිරියේත් සිටී
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඡන්දෙ තිබ්බෙ අපිද යකෝ..?????​

    අපරාදෙ ඡන්දයක් තිබ්බේ.........

    පුළුවන් නම් කාට හරි කියලා අන්-ඩූ කරපියව්​
     
    Last edited:

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    පසුගිය අවුරුදු පහ පුරාම ජනමනස රාජපක්‍ෂවරුන්ට එරෙහිව සියුම් ව සකස් කෙරිණි. එය පිටුපස බටහිරයෝ සිටියහ.
    ඒ කියන්නෙ බටහිර කුමන්ත්‍රණයක් හින්දයි මේ පාර පැරදිලා තියෙන්නෙ, නැතුව රාජපක්‍ෂවරුන්ගෙ වැරැදි අඩු පාඩු හින්ද නෙමෙයි :lol:

    සරත් ෆොන්සේකා මහතාට හා ශිරාණි බණ්ඩාරනායක මහත්මියට දඬුවම් විඳීමට සිදුවයේ ඔවුන් යම් අවස්ථාවක දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටි නිසා යැයි සිතිය හැකි ය.

    රාජපක්‍ෂවරුන්ට එරෙහි වූ නිසා කියලා හිතන්ඩත් අමාරුයිනෙ :confused:. එහෙනම් එහෙම තමයි වෙන්න ඇත්තෙ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    මහින්දගේ පුකලෙවකාපු දැනුත්ලෙවකන නලින්ද කියන කුහකයාගේ මාද්‍ය ප්‍රකාශක විසින් පලකරන ලද ලිපියකි.

    මුන් හරිම බයයි අරාබි වසන්ත එනවට
    මොකද මේ වගේ උන්ට ගිය කල දැක්කනේ
    මහින්දට ආතල් එකේ යන්න නොදී බිම දාගෙන ඇදගෙන ගිහිං ඇරෙස්ට් කරල කුමන්ත්රණ කේස් වලට ඇතුලට දැම්ම නම් ඔකුන්ගේ කටවල් පුකවල් ශෝක් එකට වැහෙයි

    මහින්දවගේ උන්ට කඩේ යන කොටස් 2ක් ඉන්නව

    1. කෙලින්ම කඩේ යන උන්. මහින්දගේ කිසිම වැරද්දක් නොදකී.
    2. වහෙන් ඔරෝ කඩේ යති. මහින්දගේ දුෂණ විවේචනය කරයි දිය යටින් ගින්දර ගෙනියයි. යටින් මහින්දට කඩේ යයි. එවැනි කිහිප දෙනෙක් එලකිරියේත් සිටී

    :yes::yes::yes::yes: