අරාබි වසන්තය හා ලංකාවේ 2015 ජනාධිපතිවරණය
ලංකාවේ ඒකාධිපති දූෂිත පාලනය පලවා හැරීමේ අවශ්‍යතාව අද රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. ඒ වෙනුවෙන් ඉවහල් කර ගත හැකි මහජන රැල්ලක් ද රටේ නිර්මානය වී තිබේ.
පාලක මහින්ද රාජපක්ෂ රෙජිම නිරතුරුව කියන කරුණක් වන්නේ තමන් පලවා හැර ලංකාවේ රජය දුර්වල කිරීම සඳහා කුමන්ත්‍රණයක් ඇති බවයි. ජනාධිපතිවරණයේදී තමන් පැරදවීම සඳහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති බව පවසන ඔහුට මේ ජනාධිපතිවරණය නියමිත කලට පෙර කැඳවා ගත්තේ තමන් ම බව අමතක වී තිබේ.
තමන්ට එරෙහිව අරාබි වසන්තයක් ඇති කිරීමට උත්සාහ කරන බව ද ඔහු පවසයි. ඉරාකයේ සදාම් හුසේන්, ලිබියාවේ මුවම්මර් ගඩාෆි හා සිරියාවේ අසාද් වැනි කුප්‍රකට ඒකාධිපතියන් පලවා හැරීම ඔහු හඳුන්වන්නේ ශක්තිමත් පාලකයන් පලවා හැරීමේ බටහිර කුමන්ත්‍රණ ලෙසයි. ඔවුන් පලවා හැරීමෙන් පසු ඒ රටවල් අරාජික වී ඇති බව ද ආණ්ඩුව පවසයි. මෙය ඇත්තක් ද?
ඒ ගැන පිළිතුරක් දෙන්නට පළමු අරාබි වසන්තය ලෙස හඳුන්වන ක්‍රියාදාමය සිදු වූ රටවල ඇත්තෙන් ම සිදු වූ දේ කුමක් ද යන්න විමසා බලමු.
2010 ජුලි මස ටියුනීසියාවේ රැකියා විරහිත උපාධිධාරියකු ජීවත් වීම සඳහා එළවළු විකුණමින් සිටි කරත්තය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ගිනි තබාගෙන මිය ගියේ ය. මෙම සිද්ධියෙන් කුපිත වූ ටියුනීසියානු තරුණ පරපුර විසින් දියත් කරන ලද අරගලය අවසානයේදී ටියුනීසියානු ජනාධිපති බෙන් අලි රටින් පළා ගියේ ය. ස්විස් බැංකුවල තැන්පත් කර ඇති ජනතාවගෙන් සොරා ගන්නා ලද මුදල් ආපසු ඔහුට ලබා දීම ස්විට්සර්ලන්ත ආණ්ඩුව විසින් අත්හිටුවන ලදී.
ටියුනීසියාවේ එළවළු විකිණූ තරුණයා වැනි ම රැකියා විරහිත තරුණයකු 2011දී බහරේනයේ ගිනි තබාගෙන මිය යාමත් සමග බහරෙන්හි ද ප්රජාතන්ත්රවාදය සඳහා උද්ඝෝෂණ ඇරඹිණි.
2011 වසරේ ඊජිප්තුවේ ප්රජාතන්ත්රවාදය සඳහා අරගල ආරම්භක වකවානුවේදී මෙවැනි සිදුවීමක් වාර්තා විය. හොස්නි මුබාරක්ගේ පාලනයට එරෙහිව පැන නැගුණු දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු බලයෙන් පහ කරන ලදී. ඔහුගේ ද විදේශ වත්කම් ඔහුට ලබා දීම අත්හිටුවන ලදී. ඒ මහජනතාවගෙන් මංකොල්ල කන ලද ධනයයි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ද වෛරයට පාත්‍ර වී තිබෙන සමාජ මාධ්‍ය ඊජිප්තු අරගලයේදී දැවැන්ත දායකත්වයක් සැපයුවේ ය.
මේ හා සමාන්තරව ඉරානයේ, පශ්චාත් සදාම් හුසේන් ඉරාකයේ, ඊශ්‍රායලයේ, ජෝර්දානයේ, යෙමනයේ හා තවත් අරාබි හා අප්‍රිකානු රටවල ද ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ ඉල්ලා ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ දියත් විය.
ලිබියාවේ ප්රජාතන්ත්රවාදය සඳහා උද්ඝෝෂණ කෲර ලෙස මර්දනය කළ ගඩාෆිට එරෙහිව දියත් වූ දිග්ගැසුණු කැරැල්ල දැවැන්ත යුද්ධයක් බවට පත් වූ අතර නේටෝ යුද හවුලේ රටවල උපකාරයෙන් කැරැලි හමුදා විසින් 2011 අවසානයේදී ගඩාෆිගේ රජය පෙරළා දමන ලදී.
සිරියාව දැවැන්ත වීදි උද්ඝෝෂණ සිදු වූ රටකි. අසාද්ගේ ආණ්ඩුව උද්ඝෝෂණ මර්දනය කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ඔස්සේ සිය දහස් ගණන් ජීවිත අහිමි විය. අද වන විට සිරියාව සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ලේ විලක් බවට පත් වී තිබේ. දැන් සිරියාවේ සිදු වී තිබෙන්නේ කුමක්දැයි ආණ්ඩුවේ ඇතැම් දේශපාලකයෝ අසති. සිරියාවේ සිදු වී ඇති පරිහාණියට වඩාත් ම වගකිවයුත්තා වන්නේ ලේ ගංගාවක් මැදින් හෝ තම බලය රැක ගන්නට සූදානම් ජනාධිපති බෂාර් අල් අසාද් ය.
අරාබි රටවල වසන්තය ගැන කතා කරන විට වසන්තයට පෙර පැවති දීර්ඝ කාලීන හේමන්තය අමතක කළ යුතු නැත. ඒකාධිපතීන්ගේ අත්තනෝමතික පාලනයන් තුළ ඒ රටවල ද යම් ආර්ථික සංවර්ධනයක් සිදු වූ මුත්, දීර්ඝකාලීනව ගත් කල රටවැසියන්ට මහත් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදු විය.
නිදසුනක් ලෙස ඊජිප්තුව සැලකුවහොත්, 1960 දශකයේදී එරට හා දකුණු කොරියාවේ දළ දේශීය නිෂ්පාදිතයන් සමාන මට්ටමක තිබිණි. අඩ සියවසක ආඥාදායක පාලනයකින් පසු අද වන විට ඊජිප්තුව දකුණු කොරියාවට වඩා කෙතරම් පසුපසින් සිටින්නේ ද යත්, දකුණු කොරියාවේ දළ දේශීය නිෂ්පාදිතය ඊජිප්තුවේ මෙන් පස්ගුණයකි.
ආඥාදායකයාගේ හා ඔහුගේ සමීප ඥාති හා මිත්‍ර පිරිස්වල මෙහෙයවීමෙන් රාජ්‍යය දූෂණයේ හා වංචාවේ ගිලී ගිය අතර සමාජයේ සාමය හා සංහිඳියාව බිඳ වැටී දරුණු ගැටුම් පැන නැගිණි. ආර්ථික සහන හා ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අරගල පැන නගින්නේ මෙම සංදර්භය තුළයි. ඒවාට ඒකාධිපතීන් සතුව තිබුණු විසඳුම මර්දනයයි. මර්දනයෙන් ප්‍රශ්න නො විසඳුණු අතර ප්‍රශ්න ජාත්‍යන්තරකරණය වීමට ද, රජයට එරෙහිව ප්රචණ්ඩ කැරැලි පැන නැගීමට ද හේතු විය. ගඩාෆි, මුබාරක්, අසාද් හා බෙන් අලි වැනි පාලකයෝ ජනතාවට එපා වී සිටි කෲර අඥාදායකයෝ ය.
මෙම රටවල ඇති වූ මහජන නැගිටීම්වල ප්‍රතිඵල ලෙස ආඥාදායක පාලකයන් බලයෙන් පහ කර ඇතත්, එපමණින් ඒ රටවල ප්රජාතන්ත්රවාදය තහවුරු වී නැති බව ඇත්තකි. එයට එක් හේතුවක් ලෙස මෙම රටවල ඇති ඉස්ලාම් ආගමික බලපෑම දක්වන්නට පුළුවන. ආඥාදායක පාලනයන්ගේ බිඳ වැටීමත් සමගමඅන්තවාදයන් ඉදිරියට පැමිණීම ද දක්නට ලැබිණි. ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය නම් කෲර ත්‍රස්ත කණ්ඩායම මතු වන්නේ මෙම නැගිටීම්වලින් පසුවයි.
එහෙත්, ඉස්ලාම් ආගම ප්රජාතන්ත්රවාදය පිටුදකින එකක් ය කියන මතය සත්‍ය එකක් නො වේ. ඉන්දුනීසියාව හා මැෙල්සියාව ශක්තිමත් ප්රජාතන්ත්රවාදයන් තිෙබන රටවල් ෙදකක්.
ඉන්දුනීසියාව ලොව වැඩිම මුස්ලිම් ජනගහණයක් සිටින රටයි. එය ශක්තිමත් ප්රජාතන්ත්රවාදයක් ගොඩනගාගෙන ඇත.
පසුගිය දිනවල ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය පැවැත්විණි. ඉන්දුනීසියාවත් සුහර්තෝ, සුකර්ණෝ හා වාහිඩ් පවුල් පාලනයන් පැවති රටකි. පසුගියදා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ජය ගත්තේ පවුල් පසුබිම්වලින් නොව කුසලතාවෙන් ඉදිරියට ආ පුද්ගලයෙකි. ඔහුගේ නම ජෝකෝ විල්ඩෝඩෝ හෙවත් ජොකොවි ය. ජොකොවි ඉතා දිළිඳු පැල්පත් සමාජයකින් පැවත එන කෙනෙකි. ඔහු අතින් පරාජය වුණේ හිටපු ජනාධිපති සුහර්තෝගේ දියණියගේ ස්වාමි පුරුෂයා වන ප්‍රබෝවෝ සුබියැන්ටෝයි. ඔහු හිටපු හමුදා ජනරාල්වරයෙකි.
ඊජිප්තුවේ හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමෙන් පසු මැතිවරණයකින් බලයට පත් මුස්ලිම් සහෝදරත්වය ද හොස්නි මුබාරක් සේ ම ප්රජාතන්ත්රවාදයට කළ හැකි උපරිම අවමන් කළේ ය. අවසානයේ මැතිවරණයකින් බලයට පත් මුස්ලිම් සහෝදරත්වය නියෝජනය කරන ජනාධිපති මුහම්මඩ් මෝර්සිව කෙටි කලකට පසු හමුදාව විසින් ඉවත් කරන්නේ වීදි බට ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහයෝගය මධ්‍යයේයි.
ආඥාදායකත්වයක් විසින් සමාජය මත ඇති කරනු ලබන බලපෑම අතිශය ගැඹුරු ය. එය පැරදවූ සැණින් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත නො වන්නේ එහෙයිනි. ඒකාධිපති පාලකයන් බලයෙන් පහ කරන්නට පමණක් නොව ප්රජාතන්ත්රවාදය ගොඩනැගීම වෙනුවෙන් ද දැවැන්ත අරගලයක් කරන්නට සිදු වේ. එහෙයින් අරාබි වසන්තයේ සුළං පහරට හසු වූ රටවල් අසාර්ථක වී ඇතැයි කරන තර්කය සාධාරණ නැත.
අරාබි වසන්තයේ සුළං හමා එන මුල් අවධියේදී ම කුවේට්, මොරොක්කෝ, ජෝර්දාන් වැනි රටවල් තත්වය පාලනය කර ගත්තේ ඒ රටවල පැවති රාජාණ්ඩු තුළ ම ප්රජාතන්ත්රවාදී ඉඩකඩ පුළුල් කිරීමෙනි.
අරාබි වසන්තයේ මන්දගාමී ප්‍රගතිය හේතුවෙන් ඇතැමෙක් සිංගප්පූරුවේ ලී ක්වාන් යූ යටතේ හා චීනයේ ඩෙන් ෂියාඕ පිං යටතේ පැවති නවීන ඒකාධිපති පාලනයන් මෙවැනි රටවලට වඩා යෝග්‍ය ක්‍රම ලෙස යෝජනා කරති. මන්ද, මෙම පාලනයන් යටතේ නීතියේ දැඩි පාලනයක් තුළ ඉතා වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නට සිංගප්පූරුව හා චිනය සමත් විය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එවැනි ආකෘතියක් අනුගමනය කිරීමට බැරි ඔහු සමීප වන්නේ ලිබියාවේ ගඩාෆිගේ පන්නයේ දූෂිත, විකාරරූපී ආඥාදායකත්වයකට මිස, දැඩි ලෙස නීති ක්‍රියාත්මක කළ, දූෂණය පාලනය කළ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ පන්නයේ පාලනයකට නො වන නිසා ය.
මහින්ද රාජපක්ෂට එරෙහිව ලංකාවේ පැන නැගී තිබෙන මහජන රැල්ල එක්තරා ආකාරයකට අරාබි වසන්තය වැන්නකි. එහෙත්, මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එරෙහිව අරාබියේ මෙන් වීදි උද්ඝෝෂණවලට පැමිණියේ නැත. එය මේ රටේ ජනතාවගේ දුර්වලකමක් ලෙස සැලකීම මුග්ධකමකි. ප්‍රචණ්ඩත්වයෙන් දරුණු ලෙස බැට කා පදම් වී තිබෙන ලාංකීය ජනතාව නිසි අවස්ථාව උදා වන තෙක් ඉවසිලිවන්තව බලා සිටියේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන පක්ෂයෙන් කැඩී විපක්ෂයේ පොදු අපේක්ෂකවරයා ලෙස ඉදිරිපත් වන්නට පසුබිම් වන සිද්ධි දාමය ජනතාවගේ මේ ඉවසිලිවන්තකමේ සන්ධිස්ථානයකි.
ලංකාව ආසියාවේ පැරණි ම ප්රජාතන්ත්රවාදී රාජ්‍යය ලෙස සැලකිය හැකි ය. අපට සර්වජන ඡන්ද බලය හා රාජ්‍ය සභාවක් ලැබුණේ 1931 තරම් ඈත යුගයක ය. යම් යම් පුද්ගලයන් තුළ ප්රජාතන්ත්රවාදය අහෝසි කර දමා රාජාණ්ඩු පිහිටුවීමේ ආසාවන් ඇතත්, ලංකාවේ බුද්ධිමත් ජනයා තුළ ප්රජාතන්ත්රවාදය කෙරෙහි තිබෙන ගරුත්වය එයට බාධාවකි.
Source - W3Lanka