අරුම පුදුම ලෝකය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අරුම පුදුම ලෝකය

    31441367_1626858130702866_5968203378184945664_n.jpg


    ඔය පිංතූරෙ දිලිහි දිලිහි ඉන්න කෙනා emerald wasp ඌ මැස්සෙක් නෙවි දෙබරෙක්. ඌ බිත්තර දාන්න හොයන්නේ හොදට වැඩුනු කැරපොත්තෙක්ව..
    එහෙම කැරපොත්තෙක් දැක්ක ගමන් මූ විදුලි වේගයෙන් කැරපොත්තට දශ්ට කරනවා මේ විසෙන් කැරපොත්තගෙ ඉදිරිපාද අඩපන වෙනවා.
    මෙතැනදි මූ ඇවිත් කැරපොත්තගෙ මොලයට සමාන අවයවය තියෙන තැන හොයාගෙන එතනට (තුන් පලකින්?? ) දශ්ඨ කරනවා. මම දන්නා හැටියට ඒ ශල්‍යකර්මය නිසා කැරපොත්තාගේ බිය දැනීම හා එයින් ප්ලා යෑමට අදාල වන උගේ මොලයේ කොටස අක්‍රිය වෙනවා.වෙනස් වචන වලින් කිව්වොත් මූ කැරපොත්තගෙ මොලේ ශල්‍යකර්මයක් කරනවා..
    මෙයින් පස්සේ සම්පූර්ණයෙන්ම කැරපොත්‍තා emerald wasp විසින් පාලනය කරන zombie කෙනෙක් බවට පත් වෙනවා.
    ඉන්පස්සේ මූ කැරපොත්තාගේ පසුපස කකුලක් අසල ඇග ඇතුලේ බිත්තරයක් දමන අතර උගේ ඇන්ටනා දෙක කඩා දමනවා.
    කැරපොත්තා ලොකු සතෙක් නිසා ඌව
    උස්සගෙන යන්න බැහැ emerald wasp ට ඒත් මොලයේ ශල්‍යකර්මය නිසා බිය නොදැනෙන පලායාමට උත්සාහ නොකරන zombie කරනය වූ කැරපොත්තා උගේ පසු පස රැගෙන යාම ඒහැටි දෙයක් නෙවි. එහෙම අරං ගිහින් කැරපොත්තා ගුලකට දමා වසා දමනවා එසේ වසා දමන්නේ කැරපොත්තා පලා යන නිසා නෙවි.ඌ පලා යන්නේ නෑ . වෙනත් සතුන්ගෙන් ආරක්ශා කරගන්න.
    බිත්තරය පිපිරී එන කීටයා කැරපොත්තාගේ ඇග ආහාරයට ගනිමින් වර්ධනය වෙනවා. පරීක්ශන මගින් හෙලිවී ඇති පරිදි කැරපොත්තා තවමත් මිය ගොස් නෑ ඔබ ඌව අනිත් පැත්ත හැරෙව්වොත් ඌ ආපහු හරි පැත්තට හැරෙනවා. ඒ අනුව කැරපොත්තට හැගීම් දැනීම් තියෙනවා. උගේ ඉදිරි පාදත් හොදින් ක්‍රියාත්මක වෙනවා ඒත් zombie කරනය නිසා ඌ පලා යන්නේ නෑ.
    මේ කීටයත් අපූරුයි. ඌ වර්ධනය වෙද්දි කැරපොත්තගෙ ඇග ආහරය ගත්තත් කැරපොත්තගේ මද්‍ය ස්නායු පද්ධතියට හානි නොකරන්න වග බලා ගන්නවා. ඒ නිසා ඌ වැඩුනු emerald wasp කෙනෙකු වෙලා පිටත එනතුරු කැරපොත්තා මිය යන්නේ නෑ.
    පවු කැරපොත්තා..(credit--Xiles Jay )


    උපුටා ගැනීමකි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Ethakota karapoththa marenne koi welaweda?
    අන්තිමට මැරෙනව බන් ස්නායු පද්ධතිය අඩපණ කරල උගේ මස් ආහාරයට ගන්න නිසා
    Kohenda ban ova hoyaganne?
    අහම්බෙන් කියවපු එකක්. අලුත් දෙයක් තිබෙන නිසා දැම්ම
    uu kari dial ekk ne yako
    :yes:

    15+
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    පෘථිවි වාසීන් ව පැහැරගෙන ගොස් ඔවුන්ගේ මනසට පරිපථ ඇතුළු කිරීම මගින් ඔවුන් ව තමන්ට අවැසි පරිදි මෙහෙයවමින් පෘථිවියේ පාලනය සියතට ගැනීමට සහ පෘථිවියේ ජනාවාස ඇති කිරීමට උත්සාහ දරණ පිටසක්වළ ජීවින් ගැන නිපදවා ඇති චිත්‍රපට සහ ටෙලි වෘත්තාන්ත අපමණ යි. හුදෙක් ම ප්‍රබන්ධයන් වන මේ කථාන්තර බොහෝ දෙනෙක් රස විඳින්නේ ආශාවෙන්. නමුත් සත්‍ය වශයෙන් ම එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණොත් කුමක් සිදු වෙයි ද?

    වාසනාවකට මනුෂ්‍ය ප්‍රජාවට තවමත් එවැනි භයංකර තත්ත්වයකට මුහුණ දීමට සිදු වී නොමැති වුවත් ලොව කැරපොතු ප්‍රජාවට නම් මේ බියකරු සිහිනය යථාර්ථයක් වී හමාර යි. ඒ විද්‍යාත්මක පර්යේෂණයක අනිසි ප්‍රතිඵලයක් නිසා නොව සොබාදහමේ අපූරු නිර්මාණයක් හේතුවෙන්. මේ ලිපිය දෂ්ටනය මගින් කැරපොතු මොළයට විෂ එන්නත් කර ඔවුන් ව වහලුන් බවට පත් කර ගන්නා දෙබරෙක් ගැන යි.

    සොඳුරු මුහුණුවරක් හිමි අනුකම්පා විරහිත මාරයා

    © Eddy Lee

    Ampulex compressa යන විද්‍යාත්මක නාමය හිමි මෙම දෙබරා ව එදිනෙදා ව්‍යවහාරයේ දී හඳුන්වන්නේ ‘මරකත කැරපොතු දෙබරා’ (Emerald Cockroach Wasp) නැතහොත් ‘මිණි කැට දෙබරා’ (Jewel Wasp) ලෙස යි. ලෝහමය නීල-හරිත පැහැ සිරුරක් සහ දීප්තිමත් රතු පැහැ පාද හිමි අලංකාර සත්ත්වයින් වන මරකත කැරපොතු දෙබරුන් සුරඟනුන්ගේ වෙස්ගෙන පැමිණෙන මාර දූතයින් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. එයට හේතුව තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලියේ දී පිලවාට අවශ්‍ය කරන නිසි පෝෂණය සපයන ධාරකයෙකු ලෙස කැරපොත්තන් ව භාවිතා කර පසු ව ඔවුන් ව මරණයට පත් කිරීමට මරකත කැරපොතු දෙබරුන් කටයුතු කිරීම යි.

    වැඩි වශයෙන් දකුණු ආසියාව, අප්‍රිකාව, පැෆිසික් දූපත් වැනි නිවර්තන කලාපයන් හි වාසය කරන මරකත කැරපොතු දෙබරුන්, උෂ්ණ කාලයේ දී බහුල වශයෙන් දැක ගැනීමට ලැබෙනවා. එසේ ම 1941 වර්ෂයේ දී ජෛව පාලන ක්‍රමයක් ලෙස මොවුන් ව හවායි දූපත්වලට හඳුන්වා දී තිබෙනවා. ප්‍රමාණයෙන් මිලිමීටර් 22 ක් පමණ වන ගැහැනු සත්ත්වයින්ට විෂ දළ පිහිටන නමුත් සාපේක්ෂ ව කුඩා පිරිමි සත්ත්වයින්ට විෂ දළ පිහිටන්නේ නැහැ.


    © Deven Dadbhawala

    දෙබර පිලවුන්ට පෝෂණය දෙන ධාරක කැරපොත්තන්
    මරකත කැරපොතු දෙබරුන් ‘සොඳුරු මරුවන්’ ලෙස කෘමි ලෝකයේ නමක් දිනාගෙන සිටින්නේ ඔවුන් අනුගමනය කරන අසාමාන්‍ය අභිජනන ක්‍රියාවලිය හේතුවෙන්. සත්ත්ව විද්‍යාඥයින් නිරීක්ෂණය කර ඇති අන්දමට තම ජීවිත කාලය තුළ දී එක් වරක් පමණක් සංවාසයේ යෙදෙන ගැහැනු දෙබරුන්, බිත්තර දුසිමක් පමණ දරාගෙන ගන්ධ සහ දෘශ්‍ය සංවේදක ආධාරයෙන් කැරපොත්තෙකු සොයා යනවා. සුදුසු ධාරකයෙකු හමු වූ විගස විදුලි වේගයෙන් කැරපොත්තාගේ සිරුරේ මැද කොටසට දෂ්ට කරන ඔවුන්ගේ විෂ හේතුවෙන් කැරපොත්තාගේ ඉදිරිපස පාද මිනිත්තු පහක පමණ කාලයකට තාවකාලික පක්ෂඝාතයකට ලක් වෙනවා. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා දෙබරාගේ ඊළඟ ඉලක්කය වන්නේ කැරපොත්තාගේ මොළය යි. සෘජුව ම මොළයට සිදු කරන දෙවැනි දෂ්ටනයක් මගින් කැරපොත්තා ව තවත් මිනිත්තු 30 ක කාලයකට තම පාලනයට නතු කර ගන්නා දෙබරා, සංසේචිත බිජුවක් කැරපොත්තාගේ සිරුරට ඇතුළු කරනවා. යළිත් සිහි ලැබුණු පසු ව ‘අවචාලනය’ නම් කුසීත තත්ත්වයේ පසු වන කැරපොත්තාට පෙර පරිදි තමන්ට රිසි අයුරින් කටයුතු කිරීමේ හැකියාවක් නැහැ.


    © Ram Gal

    කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කීට විද්‍යාව සහ ස්නායු සම්බන්ධ මහාචාර්ය මයිකල් ඇඩම්ස් පවසන්නේ මෙම අවධියේ දී කැරපොත්තා පක්ෂඝාතයෙන් නොපෙළෙන බව යි. කැරපොත්තට සාමාන්‍ය පරිදි ඇවිදීමට හැකියාව පැවතුණ ද ඔහු ව මෙහෙය වීම සිදු කරන්නේ දෙබරා විසින්. තමන්ගේ පාලනය යටතට ගන්නා කැරපොත්තා ව බෙනයක් කරා යොමු කිරීමට දෙබරා කටයුතු කරන අතර පිලවා වැඩීමට ගත වන දින 7 – 10 දක්වා වන කාල සීමාව තුළ කැරපොත්තාගේ වාසස්ථානය වන්නේ එය යි. අවසානයේ දී කැරපොත්තාගේ සිරුරෙන් අවැසි පෝෂණය ලබා ගනිමින් වැඩෙන පිලවා, කැරපොත්තාගේ සිරුර දෙකඩ කරගෙන පිටතට පැමිණීම සිදු වෙනවා.

    පාකින්සන්ගේ රෝගයට පිළියමක්
    ස්නායුජනක ආබාධයක් වන පාකින්සන්ගේ රෝගයේ දී සිදු වන්නේ මොළයේ සෛල සෙමින් මිය යාම යි. මරකත කැරපොතු දෙබරුන්ගෙන් ලබා ගන්නා ලද විෂ විශ්ලේෂණය කරන ලද පර්යේෂකයින් පවසන්නේ පාකින්සන් රෝගයට පිළියම් යෙදීම සඳහා දෙබර විෂ යොදා ගැනීම ගැන බලාපොරොත්තුවක් පවතින බව යි. දෙබර විෂ තුළ අන්තර් ගත වන මනස පාලනය සඳහා යොදා ගත හැකි සංයෝගයක් අනාවරණය කර ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. මේ මගින් පාකින්සන් රෝගයේ දී සෛල මරණයට පත් කිරීමට දායක වන සංයෝගයන් හි කාර්යය අඩපණ කිරීමට යි විද්‍යාඥයින්ගේ බලාපොරොත්තු වන්නේ.


    © Kasper Jeppesen

    තවමත් මූලික අදියරේ පවතින මෙම පර්යේෂණයන් පාකින්සන්ගේ රෝගයට පිළියමක් ලෙස යොදා ගැනීම සඳහා තවත් දශකයක පමණ කාලයක් ගත විය හැකි යි. එයට හේතුව මරකත කැරපොතු දෙබරුන්ගෙන් ලබා ගන්නා විෂ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සම්පූර්ණ දැනුමක් තවමත් විද්‍යාඥයින් සතු නොවීම යි. නමුත් දැනටමත් දෙබර විෂට සෛල මිය යන වේගය අඩාළ කර හැකි බව ස්නායු විශේෂඥයින් අනාවරණය කරගෙන තිබෙනවා. ඔවුන්ගේ පර්යේෂණ කටයුතු සාර්ථක වුවහොත් පාකින්සන් රෝගය තව දුරටත් ‘සුව කළ නොහැකි රෝග’ ලැයිස්තුවේ අන්තර්ගත නොවනු ඇත.


    Picture-237-480x720.jpg


    Picture-336-680x510.jpg





    copyright - roar
     
    • Like
    Reactions: jayanathek