අරුම පුදුම සිද්දි

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    survival instinct :D
    උඹට දැන් හිතෙන්නැද්ද අපරාදෙ එදා වැදිල ඉවරයක් වුනා නං හොඳයි කියල :)

    පිස්සුද බං?
    යකෝ එහෙම හිතෙන්න තරම් ජීවිතේ අහේනියක් වෙලා නෑ තාම
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ජිවිතේ උබලට සිදුවුණ අරුම පුදුම සිද්දි කියමු බලන්න...

    මට මේ දේ කියන්න හිතුනේ ඉස්කෝලේ යන කාලේ සිදුවුණ සිද්දියක් අද නිකමට මතක්වෙලා

    ඒලෙවල් කරන කාලේ පන්ති ගිහින් එනකොට බිම වැටිලා තිබිලා ලස්සන රිදී පාට පෑනක් හම්බුනා..... :love::love:
    මාසයක් විතර පහුවෙලා දවසක් ඕකෙන් ලිය ලිය ඉද්දි පන්තියේ එකෙක් පෑන පොඩ්ඩක් දියන් කියලා ඉදිරුවා :angry:
    උදුරපු පාරට පෑනේ උඩ කොටස උගේ ළග, යට කොට්ස මගේ ළඟ. :angry::(
    මගේ අතේ තිබුන පෑන් කෑල්ලේ ටිකක් උඩට වෙන්න අමුතු ගැජට් එකක් තියෙනවා දැකල හොදට බැලුව..... පොඩි රබර් ස්ටෑම්ප් එකක් තියෙනවා.:confused:
    පොතේ පිටුවකට ගහල බැලුවා පින්වතුනි..... අම්මට සිරි, මගේ නමයි වාසගමයි තිබුනේ.:shocked::shocked:
    කාලයක් තිබිලා එකපාරටම ඒ පෑන නැතිවුණා ඒත් ඒ සිද්දිය අදටත් පුදුමයක්......

    කියමු බලන්න උබලත්......
    ඔය වගේ පැන් නම් බන් තියනවා අපි පොඩ් කලෙත් තිබ්බා
    අපේ පන්තියේ එකෙක් උගේ අප්පච්චිගේ පැනක් ගෙනල්ලා පඩ සෝ දැම්මා අද වගේ මතකයි

    වැඩේ එකේ උබේ නමයි වාසගමයි තිබ්බ එක
    උබ කියන්නේ ඇත්තක් නම්

    :confused::confused::confused:
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    අවුරුදු 4කට කලින් වගේ වෙච්ච සිද්ධියක් මේක.
    ඉස්සර ඔෆිස් ඉවර වෙලා ගෙදර එන්නේ කෝච්චියේ.
    මූත් එක්ක තමා යන්නේ (Harry Heshan). ඔෆිස් එක ඉස්සරහ ඉදං තනි බස් එකේ ගෙදර එන්න පුළුවන් උනත් ජොලියට යන්නේ කෝච්චියේ.
    බම්බලපිටියෙන් 6.15ට යනවා මාතර කෝචිචියක්.
    කෙලින්ම නවත්තන්නේ මොරටුවේ. අපි බහින්නෙත් මොරටුවෙන්.
    කට කපලා සෙනග. ගොඩක් වෙලාවට ෆ්ලැට්ෆෝම් එකෙන් පහලට බැහැලා තමා නැගගන්නේ.
    එක දවසක් ෆ්ලැට්ෆෝම් එකෙන්ම නැගගත්තා කෝච්චියට. හේෂානයා මට කලින් නැග්ගා. ඌ ෆුට්බෝඩ් එකේ පලවෙනි පඩියට උඩින් හිටියා. මම පලවෙනි පඩියේ හිටියේ.
    මොරටුවට යනකං ඕහොම ගියා.
    ඔය කෝච්චිය එක එක දවසට එක එක ෆ්ලැට්ෆෝම් එකට ගහන්නේ (එක්කෝ 1 ට එක්කෝ 2ට) ඕක එනකං අළුත්ගම ස්ලෝ එකක් නවත්තගෙන ඉන්නවා.
    මොරටුවේ ට්‍රැක් වෙන් වෙන තැන රේල් පාරට පට්ට තිට්ටුවෙන් තඩි යකඩ බෝඩ් එකක් තියනවා රේල් පාර මැද්දේ. ඔය පැත්තේ යන උන් දන්නවා ඇති. ගොඩක් උන්ව වදිනවා ඒකේ.

    ඉතිං බං එදා මොන ට්‍රැක් එකටද ගහන්නේ කියලා බලන්න මම ෆුට් බෝඩ් එකේ ටිකක් එලියට වෙලා බැලුවා. හැමිනෙනවා දාලා. මට සෙන්ටිමීටර් 25ක් විතර ඉස්සරහින් හරියටම ඔලුව කෙලින් අර බෝඩ් එක. ඒක දකිනවත් එක්කම කවුද එකෙක් මගේ ෂර්ට් එකේ ඉස්සරහින් ඇදලා මාව ඇතුල් පැත්තට ඇදලා ගත්තා. ඇදලා ගත්ත වේගෙයි විදිහයි මට ලොකු අමුත්තක් දැනුවා. මම බැහැලා හේෂානයගෙන් ඇහුවා උඹද ඇදලා ගත්තේ කියලා.
    ඌ කියලා පිස්සුද බං. මම උඹ දිහා බලං හිටියේ උඹ එලියට ඔලුව දාද්දි. හෙන ගහලා වගේ උඹ කොහොමද එච්චර ඉක්මනට ඔලුව ඇතුලට ගත්තේ කියලා ඌ මගෙන් අහනවා.
    50000% විතර මට ෂුවර් බං කවුරුහරි මාව ඇතුලට ඇදලා ගත්තා.
    ඒත් මගේ දිහා බලන් හිටපු උන් කියනවා මමමලු ඔලුව ඇතුලට ගත්තේ.

    තාම හිතා ගන්න බෑ.
    :):)
    uba pinwanthai kollaaa...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අපේ ගමේ හිටියා සේන කියලා අංකල් කෙනෙක්.
    මිනිහා ගොවිතැන් කර කර ඉදලා කොහොම හරි ග්‍රාම සේවක පට්ටමකුත් කලා.
    තව ඉංජිනියර් කෙනෙක් හිටියා. ඒ මහත්තයා ප්‍රාදේශිය ඉංජිනේරු. ඉතින් ‍ගොවිතැනට උපදෙස් එහෙය දෙන්නෙ එයා.

    ඔහොම කාලයක් ගත වුනා.
    මේ ලගදි මම පත්තරේ බලනකොට මෙන්න සේන අංකල් ලංකාවෙ ජනාධිපති වෙලා.
    හැබැයි අර ඉංජිනියර් මහත්තයා කලාප ඉංජිනේරු. එයාට උපදෙස් දෙන්නේ හිටපු ග්‍රාමසේවක.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    මම දන්නව මේ කතාව උබල විශ්වාස කරන එකක නෑ ! මම දවසක් හදිස්සියෙම බෑග් එකක ගහල තිබුන දැක්ක it' worth to visit vienna කියල! ඒ අකුරු ටික මගෙ හිතට මාරම විදිහට වැදුන ! මම එදා දවසෙ කල්පනා කර කර හිටියෙ ඇයි එහෙම උනෙ කියල! ඔහොම ඉදල රෑ නිවුස් බලද්දි මෙන්න වියනා කියන ඇලකට කාර් එකක් පෙරලිලා!!!
    කොහොම හරි හොඳම වැඩේ ඒක නෙමෙයි. මේ ත්‍රෙඩ් එක දැකල මේ කතාව ලියනවද කියල කල්පනා කරල fb එක පැත්තෙ ගියා!! මෙන්න යකෝ මට ඒ ඇක්සිඩන්ට් එකේ news video එක suggested videos වලට ඇවිල්ල !
     
    ado patta siddiya
     
    මටත් ඔය වගේ සීන් එකක් වෙනවා
    දැන් මම FB ගියත් මේල් බැලුවත් වෙබ් එකක් බැලුවත් වටේටම ෆොරෙක්ස් ඇඩ්

    :lol::lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මටත් ඔය වගේ සීන් එකක් වෙනවා
    දැන් මම FB ගියත් මේල් බැලුවත් වෙබ් එකක් බැලුවත් වටේටම ෆොරෙක්ස් ඇඩ්

    :lol::lol::lol:

    uba google search karana data, facebook eken use karanawa ubata ad pennaddi
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    මටත් ඔය වගේ සීන් එකක් වෙනවා
    දැන් මම FB ගියත් මේල් බැලුවත් වෙබ් එකක් බැලුවත් වටේටම ෆොරෙක්ස් ඇඩ්

    :lol::lol::lol:

    me davas vala vadipura google search kale forex gana ned a? Ekayi a !
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මටත් ඔය වගේ සීන් එකක් වෙනවා
    දැන් මම FB ගියත් මේල් බැලුවත් වෙබ් එකක් බැලුවත් වටේටම ෆොරෙක්ස් ඇඩ්

    :lol::lol::lol:
    yako dn dakke.
    Uba hena paraka dial ekak neda?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම දන්නව මේ කතාව උබල විශ්වාස කරන එකක නෑ ! මම දවසක් හදිස්සියෙම බෑග් එකක ගහල තිබුන දැක්ක it' worth to visit vienna කියල! ඒ අකුරු ටික මගෙ හිතට මාරම විදිහට වැදුන ! මම එදා දවසෙ කල්පනා කර කර හිටියෙ ඇයි එහෙම උනෙ කියල! ඔහොම ඉදල රෑ නිවුස් බලද්දි මෙන්න වියනා කියන ඇලකට කාර් එකක් පෙරලිලා!!!
    කොහොම හරි හොඳම වැඩේ ඒක නෙමෙයි. මේ ත්‍රෙඩ් එක දැකල මේ කතාව ලියනවද කියල කල්පනා කරල fb එක පැත්තෙ ගියා!! මෙන්න යකෝ මට ඒ ඇක්සිඩන්ට් එකේ news video එක suggested videos වලට ඇවිල්ල !

    google එකෙං අපි හිතන දේවල් save කරගන්නවද :shocked:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මටත් වෙලා තියෙනවා.....අම්මෝ....:P
    දැන් අවුරුදු 7/8කට කලින් අපේ ඔෆීස් එකේ හිටියා යාළු ෆිට් ගෑල්ලමයෙක්.:yes:..ඒකි බැඳලා නෑ..:love:.ඒකිට හිතුනාම රෑට මිස් කෝල් ගහනවා...නිකං ආතල් එකට ඒකි කරන්නේ..මට විතරක් නෙවෙයි..සෙට් එකේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොටම..ඉතිං අපේ මායියා ඔය යාළු ගැල්ලමයිගේ වැඩ වලට කැමති නෑ..:sorry:. ඉතිං මම ඒකිගේ නම්බර් එක ඔෆීස් එකේ මල්ලි කෙනෙක් නමට සේව් කරා..:eek:.නම අමිල කියලා හිතමුකෝ..:shocked:. ඉතිං දැං මිස් කෝල් එන්නේ අමිල මල්ලිගෙන් අවුලක් නෑ...මමත් ඉතිං මිස්කෝල් ගහනවා...එච්චරයි...:P
    ඉතිං දවසක් මායියා ගමනක් ගිහින් හිටිය වෙලාවකට මට එක පාරටම් පොඩි අවුලක් දැනුනා.:confused:..මම ඒකිගේ නම්බර් එක ඩිලීට් කරලා ඇත්ත අමිලගේ නම්බර් එක නමින්ම සේව් කරා.. :eek:ඇත්තටම කවුරු හරි බල කරා වගේ..:sorry:. මෙන්න මායියා ඇවිත් අහනවා... ඇත්ත කියන්නහැමදාම ඔයාට මිස් කෝල් ගහන්නේ කෙල්ලෙක් නේද කියලා...මම කිව්වා නෑ කියලා...කෝ ෆෝන් එක දෙන්න කියලා ගත්තා කෝල් එකක්.... එහා පැත්තෙන් කතා කරා.... ගොරහැඩි සද්දෙන් " හලෝ" කියලා....
    එච්චරයි... තව පොඩ්ඩෙන් :sorry: