අරුම පුදුම සිද්දි

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වචනයේ පරිසමාප්තියෙන්ම කැ*&# සීන් නේ ඕයි. සමහර එව්වා විශ්වාස කරනවද නොකරනවද කියල හිතා ගන්න බෑ. :shocked::shocked::shocked:
    මටත් වෙච්ච පොඩි පොඩි සිද්ධි ටිකක් තියේ. එකින් එක දාන්නම්..
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    අපේ ගමේ හිටියා සේන කියලා අංකල් කෙනෙක්.
    මිනිහා ගොවිතැන් කර කර ඉදලා කොහොම හරි ග්‍රාම සේවක පට්ටමකුත් කලා.
    තව ඉංජිනියර් කෙනෙක් හිටියා. ඒ මහත්තයා ප්‍රාදේශිය ඉංජිනේරු. ඉතින් ‍ගොවිතැනට උපදෙස් එහෙය දෙන්නෙ එයා.

    ඔහොම කාලයක් ගත වුනා.
    මේ ලගදි මම පත්තරේ බලනකොට මෙන්න සේන අංකල් ලංකාවෙ ජනාධිපති වෙලා.
    හැබැයි අර ඉංජිනියර් මහත්තයා කලාප ඉංජිනේරු. එයාට උපදෙස් දෙන්නේ හිටපු ග්‍රාමසේවක.
    :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    2014 අවුරුද්දේ මම වැඩ කරපු ඔෆිස් එකේ මැච් එකක් තිබ්බා, කටුනායක BOi පිට්ටනියේ. එදා කට්ටියට බොන්න බියර් ගෙනත් තිබුනත් මම බිව්වේ නෑ, මොකද එදා හවස අපි අවාරේ සිරිපාදේ යන්න ලැස්ති වෙලා උන්නේ.කොහොම හරි මැච් ටික ඉවර වෙන්න කිට්ටු කරල මම වැඩේ කට් කරලා ආව. මොකද ඇවිත් බෑග් ලැස්ති කරන්නයි, තව බඩු ගන්නයි වැඩ කිහිපයක් තිබ්බ නිසා.කටුනායක ඉඳල සීදුව පාරේ ඇවිත් පොඩි ෂොට් කට් එකකින් අපේ මහ පාරට දාලා අඩි 10 වත් එන්න උනේ නෑ, එකපාරටම ලේලන්ඩ් කහපාට ටිපර් එකක් සද්දෙට හෝන් ගහගෙන , මගේ ඉස්සරහ බ්රේක් කළා.ඒ වෙලාවේ එක පාරටම මම බයික් එක බ්රේක් කරලා නවත්තල බැලුව ඇයි කියල. යකෝ හන්දියෙන හරවල ඒ වෙනකන් මම ඇවිත් තියෙන්නේ රෝන්ග් සයිඩ්.මට ඒ වුනාට අද වෙනකන් 100 % ෂුවර් මම රෝන්ග් සයිඩ් නෙමේ ආවේ කියල. හන්දියේ ඉඳල මීටර් 10 -15 විතර ඉස්සරහට ඇවිත්.මම හිමින් සීරුවේ අයිනට කරලා හරි ලේන් එකේ දාගෙන කෙලිම්ම ගෙදර ආව. බයික් එකේ අවා උනත් පට්ට දාඩියක් දාලා, ඇඟ පන නැති වගේ වෙලා, කකුල් දෙක පවා වෙව්ලනවා.ටිකක් වෙලා ගිහින් තමා පියවි තත්වෙට ආවේ.අදටත් මට හිතා ගන්න බෑ හන්දියෙන් හරවල මම ඒ පොඩ්ඩ කොහොමද වැරදි පැත්තේ ආවේ කියල ? පස්සේ මම නෙට් එකේ එහෙම නිකන් හොයල බැලුව. සමහරක් වෙලා වලට අපේ මොලේ තත්පර ගානකට යම් යම් සිද්ධි වලට ප්‍රතික්‍රියා දක්වන්නේ නැතිලු. ඒ වෙලාවට නිකන් බ්ලින්ක් වෙලා වගේලු.සිරාවට මට අදටත් හන්දියෙන් හරවල, හෝන් සද්දේ ඇහෙනකන් තත්පර දෙක තුන මතකයේ නෑ.
    ජීවිතේ මරණයෙන් ගැලවුණු දෙවෙනි අවස්තාව.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    මටත් ඔහොම පොඩි කාලේ ඉඳන් තියෙන මතකයන් 2 ක් තියෙනවා. තාම හිතා ගන්න බැහැ කොහොමද මොකක්ද කියලා :confused:

    මට වයස 3 - 5 වගේ කාලේ අම්මා කුස්සියේ උයන කොට මම පිටිපස්සේ මිදුලේ සෙල්ලම් කරනවා තනියම පැදුරක් දාගෙන. මම එහෙම සෙල්ලම් කරන දිහා මම ටිකක් දුරින් ඉඳන් බලාගෙන ඉඳලා තියෙනවා. :eek:

    ඒ කියන්නේ බන් නිකන් දැන් වයසේ මම පොඩි කාලේ මම දිහා බලාගෙන ඉන්නවා මතකයි තත්පර 10 ක් වගේ. එතකොට පොඩි මම බලාගෙන ඉන්න මම දිහා බලනවා, එතනින් ඉවරයි.

    අනිත් එක අපේ සීයා මාව ගෝ කාර්ට් එකේ තියාගෙන ගම වටේ පද්දන් යනවා ඒ කාලේ. මම බැටරි දාන රේඩියෝ එකකුත් මහා සද්දෙට දාගෙන තමයි යන්නේ :yes:

    එතනත් අර වගේ මතකයක් තියෙනවා එහෙම එක තැනකදී මම ටිකක් දුරින් ඉඳන් මම දිහා බලනවා.

    (මේ සිදුවීම් 2 ම බලන් ඉන්න මම ලොකුද පොඩිද නාකිද දන්නේ නෑ. දැන් ඇස් 2න් ඉස්සරහ බලන් ඉන්නවා වගේ පේන්නේ. උපරිම තත්පර 10 ක් වගේ. පොඩි මම, බලන් ඉන්න මම දිහා ඔලුව උස්සලා බලපු ගමන් මොකුත් නෑ.)

    මේක හීනයක් නම් නෙවෙයි, අවුරුදු ගානක ඉඳන් මතකයේ තියෙන දෙයක්. හිතේ මැවුන දෙයක් වෙන්න ඇති, එත් මොකුත් පැහැදිලි නැහැ. :sorry: :sorry: :sorry:
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මටත් මෙහෙම එකක් තියෙනව. බයිසිකලේ පදින්න පුරුදු වෙන කාලෙ (මොන්ටිසෝරි) තාත්ත පිටිපස්සෙන් අල්ලගෙන ඇවිල්ල ටිකක් දුර ගිහිං අතාරිනව මං දන්නෑ දන්නැති හින්ද බැලන්ස් එකේ යනව. මට මතකයි මං එහෙම යනව මං බලං ඉන්නව :)

    වුන දේවල් මතක නැති වෙනව වගේ නොවුන දේවල් මතක හිටිනව :yes: ඕක සුලභ දෙයක් :yes:
     
    • Like
    Reactions: HSW

    jdxxx

    Member
    May 22, 2018
    42
    6
    0
    අපේ ගමේ කෑලෑවල් තියෙනවා ටිකක්. කැලෑබද ප්‍රදේශ.
    මේ කැලෑවක් මැද්දෙන් තියෙන පාරක් තීනවා. මේ පාරෙ හන්දි කීපයකුත් තියෙනවා. නිකන් ගුරු පාර.
    දවසක් මමයි කෑල්ලයි මේ පාරෙ ඇවිදන් යනවා. අපි ටිකක් ඇවිදල ලව් කරල එන්න ගියේ. වෙලාව ඇති හවස හයහමාරට විතර.
    ඉතින් අපි දෙන්නා තුරුල් වෙලා අත් අල්ලගෙන යනවා
    ඔන්න අර කිව්ව තුන්මං හන්දියකට ආවා. ඒකෙන් අපේ ගෙවල් පැත්තට තියෙන පාරට හැරුනා.

    මට ඒ පාරට හැරෙද්දිම හිතුනා ඒ පාරෙ යන එක නුසුදුසුයි, කවුරුහරි බලන් ඉන්නවද මන්දා, අනතුරක් වෙයි වගේ කියලා. නමුත් සෑහෙන කළුවර වැටිල තිබ්බ නිසත්, ගෙවල් පැත්තට යන්න ලේසිම ක්‍රමය ඒක නිසත් ඒ පාරෙම ගියා. කෙල්ලට කිව්වෙ නෑ මුකුත්.

    මීටර් විස්සක් විතර යනකොට තිබ්බා පට්ටම කළුවර තැනක්. මෙතනට ආවම අපි දෙන්නා කට කන්න ගත්තා. කුක්කුත් නොඇල්ලුවාම නොවේ. ඉතින් මෙහෙම ප්‍රේම ගඟේ ගිලිල ඉන්න අතරෙ මට මතක් උනේ නෑ අර කලින් හිතට ආව අවුල් ෆීලිං එක.

    අපි එහෙමම විනාඩි පහක්-හතක් විතර ඉන්න ඇති, එක පාරටම ඇන්ජිමක සද්දයක් ඇහුනා. ත්‍රීවීල් එකක් එනවා ඉස්සරහින්ම.

    අපි මුකුත් නොදන්න ගානට ගියා. ත්‍රීවීල් එක අපිව පාස් කරන් ගියා. ගිහින් නැවැත්තුවා. අපිට පේන දුරදිම නැවැත්තුවෙ ලයිටුත් නිවලා.

    අපි දෙන්නා එන්න හැරුනා. විනඩියකින් විතර ත්‍රීවීල් එක ආපහු ආවා. ආවෙ බයික් එකකුත් එක්ක. බයික් එක කැලේ ඇතුලෙ අපි හිටි තැනට අඩි තිහ හතලිහක් එහඉන් තිබිල තියෙන්නෙ. බයික් එකේ ආව එකා අපි කරපුව දකින්නත් ඇති සමහරවිට.

    එදා ඉඳල හිතට දැනෙන ඒ වගේ සංවේදනයන් ගැන මම හරි සැලකිලිමත්.
     
    lost world වලත් මෙහෙම සීන් එකක් තියෙනව :D අර වානරයො ගස් අස්සෙ හංගිලා බලං ඉද්දි පත්තර කාරයට දැනෙනව කවුරු හරි බලං ඉන්නව වගේ :yes:
     
    jdxxx

    Member
    May 22, 2018
    42
    6
    0
    lost world වලත් මෙහෙම සීන් එකක් තියෙනව :D අර වානරයො ගස් අස්සෙ හංගිලා බලං ඉද්දි පත්තර කාරයට දැනෙනව කවුරු හරි බලං ඉන්නව වගේ :yes:

    :yes::yes::yes:
    අනිවාර්යෙන්ම කෙනෙක් අපි දිහා අපි නොදැනුවත්ව බලන් ඉන්නව නම්, විශෙශයෙන්ම පාලු තැනකදි (ඒ පුද්ගලයයි අපී කීප දෙනෙක් විතරක් ඉන්නව නම් ) අනිවාර්‍යෙන්ම අපිට ඒක දැනෙනවා. කොහොමද මන්දා ඒක වෙන්නෙ. හැබැයි දැනෙනවා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මටත් ඔහොම පොඩි කාලේ ඉඳන් තියෙන මතකයන් 2 ක් තියෙනවා. තාම හිතා ගන්න බැහැ කොහොමද මොකක්ද කියලා :confused:

    මටත් මෙහෙම එකක් තියෙනව. බයිසිකලේ පදින්න පුරුදු වෙන කාලෙ (මොන්ටිසෝරි) තාත්ත පිටිපස්සෙන් අල්ලගෙන ඇවිල්ල ටිකක් දුර ගිහිං අතාරිනව මං දන්නෑ දන්නැති හින්ද බැලන්ස් එකේ යනව. මට මතකයි මං එහෙම යනව මං බලං ඉන්නව :)

    වුන දේවල් මතක නැති වෙනව වගේ නොවුන දේවල් මතක හිටිනව :yes: ඕක සුලභ දෙයක් :yes:

    මං පොඩි කාලෙ අපේ ගෙදර අලුත හදපු කාලෙ. මට සෑහෙන කචල් තිබ්බ ඒ දවස් වල. වැඩියෙන්ම පෙනුනෙ මගේ වටේ එක එක ඒව කැරකෙනව වගේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං පොඩි කාලෙ අපේ ගෙදර අලුත හදපු කාලෙ. මට සෑහෙන කචල් තිබ්බ ඒ දවස් වල. වැඩියෙන්ම පෙනුනෙ මගේ වටේ එක එක ඒව කැරකෙනව වගේ

    :shocked: :shocked:
    තව පොඩ්ඩක් විස්තර කරපංකො
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    මේ කතා මොන මොන පැත්තට කැරකෙනවා ද දන්නේ නෑ.

    කතා 2ක් තියෙනවා....

    1). අපේ සීයා ආදරෙන් බල්ලෝ දෙන්නෙක් හැදුවා.

    සීයා අසනීප වෙලා ටික කාලෙකින් එක බල්ලෙක් ගෙදරින් ගියා. සීයාට එයාගේ සීයා කියලා තිබ්බලු මැරෙන වයස.ඉතින් හැම දෙයක්ම සිදු වුනේ සීයාගේ අවසානයට බව අපි හැමෝම දැනන් හිටියා.

    ඉතින් සීයාගේ අවසාන දවසේ අර අතුරුදහන් වුන බල්ලා ඇවිත් ගේ වටේ කැරකි කැරකි ඉඳලා.අම්මා කන්න දුන්නත් ඌ කාලත් නෑ.සීයා නැතිවුනාට පස්සේ බල්ලා ගිහින්. ආපහු මළ ගෙදර දවසක් දෙකක් මහ රෑට විතරක් ඇවිත් ගිහින්.
    ඊට අවුරුදු 7-8 පස්සේ ආච්චි නැතිවුනා.
    ඉතින් අර බල්ලා ආයෙත් මහ රෑ දවස් දෙකක් විතර ඇවිත් ගියා.
    හරිම දුක් බර ඇස්.ඌ වේදනාවෙන් හිටියේ.
    ආයේ දැක්කේ නෑ.

    2).අපි සෙට් එකක් Belgium ගියා ඔෆිස් වැඩකට.
    ඔන්න එකෙක් හොයාගෙන ආවා ජෙර්මන් වලත් රෙඩ් ඒරියා එකක.
    මට නම් රෙඩ්සීන් ඇල්ලිවේ නෑ.ඒත් මගේ හිත කිවුවා. අද මුන් හෙන අමාරුවක වැටෙනවා කියලා.මම කිවුවා ඩෙන්ජර් නිසා ඕවට නොයා ඉමු කියලා.
    කීපදෙනෙක් නොයා ඉන්න තීරනේ අරන් හිටියේ.කෝකටත් කියලා මමත් ගියා නහර කාරයෝ කීප දෙනෙක් යන්නම ඕනේ කියපු නිසා.

    පොට් එකට ඕන් ගියා.එතන පට්ටම අන් සේෆ්.මම අරුන්ට කිවුවා ආපහු යං කියලා.
    ඔන්න කටේ බලේටම පාරට ආවා විතරයි.තඩි පොරවල් ටිකක් එලියේ සෙට් වෙලා , අපිව මොනිටර් කරගෙන ඉඳලා සුද්දයක් දෙන්න.එකෙක් පිස්ටල් එක අරන් සාක්කුවට දාගත්තා. වෙලාවට ටැක්සියක් ආවා.බෙන්ස් ටැක්සි ,ගොඩ වුනා. අරුන් අපිව ෆලෝ කරලා.ටැක්සි කාරයා හොඳ එකෙක්.ඌ කිවුවා, උඹලා කීපදෙන් හිටිය හින්දා අරුන් ගේමට බැස්සේ නැත්තේ ; තව ටිකක් ඇතුලේ හිටියා නම් රෙදිත් නැතුව තමා යන්න වෙන්නේ කියලා.රුමේනියා හොරුන්ට තමා අපිව අහුවෙන්න ගියේ.

    මම ගියේ නැත්නම්,......මොනවා වෙයි ද?

    මට අර අවිනිශ්චිත ෆීල් එක ආපු එක ගැන පුදුමයි.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    2014 අවුරුද්දේ මම වැඩ කරපු ඔෆිස් එකේ මැච් එකක් තිබ්බා, කටුනායක BOi පිට්ටනියේ. එදා කට්ටියට බොන්න බියර් ගෙනත් තිබුනත් මම බිව්වේ නෑ, මොකද එදා හවස අපි අවාරේ සිරිපාදේ යන්න ලැස්ති වෙලා උන්නේ.කොහොම හරි මැච් ටික ඉවර වෙන්න කිට්ටු කරල මම වැඩේ කට් කරලා ආව. මොකද ඇවිත් බෑග් ලැස්ති කරන්නයි, තව බඩු ගන්නයි වැඩ කිහිපයක් තිබ්බ නිසා.කටුනායක ඉඳල සීදුව පාරේ ඇවිත් පොඩි ෂොට් කට් එකකින් අපේ මහ පාරට දාලා අඩි 10 වත් එන්න උනේ නෑ, එකපාරටම ලේලන්ඩ් කහපාට ටිපර් එකක් සද්දෙට හෝන් ගහගෙන , මගේ ඉස්සරහ බ්රේක් කළා.ඒ වෙලාවේ එක පාරටම මම බයික් එක බ්රේක් කරලා නවත්තල බැලුව ඇයි කියල. යකෝ හන්දියෙන හරවල ඒ වෙනකන් මම ඇවිත් තියෙන්නේ රෝන්ග් සයිඩ්.මට ඒ වුනාට අද වෙනකන් 100 % ෂුවර් මම රෝන්ග් සයිඩ් නෙමේ ආවේ කියල. හන්දියේ ඉඳල මීටර් 10 -15 විතර ඉස්සරහට ඇවිත්.මම හිමින් සීරුවේ අයිනට කරලා හරි ලේන් එකේ දාගෙන කෙලිම්ම ගෙදර ආව. බයික් එකේ අවා උනත් පට්ට දාඩියක් දාලා, ඇඟ පන නැති වගේ වෙලා, කකුල් දෙක පවා වෙව්ලනවා.ටිකක් වෙලා ගිහින් තමා පියවි තත්වෙට ආවේ.අදටත් මට හිතා ගන්න බෑ හන්දියෙන් හරවල මම ඒ පොඩ්ඩ කොහොමද වැරදි පැත්තේ ආවේ කියල ? පස්සේ මම නෙට් එකේ එහෙම නිකන් හොයල බැලුව. සමහරක් වෙලා වලට අපේ මොලේ තත්පර ගානකට යම් යම් සිද්ධි වලට ප්‍රතික්‍රියා දක්වන්නේ නැතිලු. ඒ වෙලාවට නිකන් බ්ලින්ක් වෙලා වගේලු.සිරාවට මට අදටත් හන්දියෙන් හරවල, හෝන් සද්දේ ඇහෙනකන් තත්පර දෙක තුන මතකයේ නෑ.
    ජීවිතේ මරණයෙන් ගැලවුණු දෙවෙනි අවස්තාව.

    ඔයා ඕක කියද්දී මටත් මතක් උනා එකක්. මට කිව්වෙ අපේ ඉන්ග්‍රීසි සර්.එයා වැඩකරන ඉස්කෝලෙ ගුරුවරයෙකුට මෙ සිද්දිය වෙලා තියෙන්නෙ.මෙ සිද්දිය උන සර්ට අනුරාදපුරේ නෑයො ඉන්නවා.අනුරාදපුරේට අපේ ගෙවල් වල ඉඳන් කිලෝ මීටර් 100 ක් විතර දුරයි. අර සරුත් අනුරාදපුරෙ යනවා සමහර දවස් වලට නෑයො බලන්න. ඔන්න දවසක් ඒ සර් කඩේට ගිහිල්ලා තියනවා ඒ සර්ගෙ සී ඩී ෆිෆ්ටියෙ මොනවද ගේන්න. දන් බලද්දී එකපාරටම කරකවලා අතඇරියාවගේ නුපුරුදු ගතියක් දැනුනලු.කලබල වෙලා. දන්නවනෙ වෙන කොහෙහරි ඉන්නෙ කියලා.ඒවෙලේම එතනම තිබුන කඩේක බෝඩ් එක බැලුවලු.බලද්දී තඹුත්තේගමලු.. ඊට පස්සෙ එතනින් අනුරාදපුරේටම ගිහිල්ලා ගෙදරට කෝල් එකක් දීලා
     
    Last edited: