අලව්වේ~යාන්ගල්මෝදර

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අලව්වේ~යාන්ගල්මෝදර

    අලව්වේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ වසා තිබූ රේල් ගේට්ටුවක් අතරින් බස් රථයක් ධාවය කැර, බස් රිය දුම්රියක ගැටීමෙන් එහි සිටි මගීන් 41 දෙනකු මරා දැමීයැයි වරද කරු වූ බසයේ රියදුරුට සහ අනියම් මිනීමැරීමට ආධාර අනුබල දුන්නැයි වරද කරු වූ කොන්දොස්තරට සිර දඩුවම් හා දඩද නියම කළ කුරුණෑගල හිටපු මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද එම දෙදෙනාටම මරණ දඩුවම ද නියම කළේය.

    2005 අප්‍රේල් 27 වැනිදා මේ අනතුර සිදුවිය.

    පෞද්ගලික බසයේ රියදුරු අබ්දුල් වාහිඩ් හප්රූල් සහ කොන්දොස්තර මිල්ලවානේ ගෙදර බුද්ධික රුවන් කුමාර යන දෙදෙනා චෝදනා 27කට වරද කරු කළ මහාධිකරණ විනිසුරුවරයා එක් චෝදනාවට වසර 10 බැගින් වසර 270ක සිරදඩුවමක් ද, එක් චෝදනාවකට රුපියල් 5000 බැගින් දඩ ද නියම කළේය.
    දඩ නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාසය බැගින් විසි හත් මාසයක සිර දඩුවමක්ද නියම කැරිණි.

    551433_602667756433002_1890680193_n.jpg
    533266_602667696433008_1119211482_n.jpg