අල්පතරයෙන් එකෙක්...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    අල්පතරයෙන් එකෙක් වන්නට...
    හුදකලාවේ ගියෙමි දුරකට...
    පාළු පාරක මැදුරකට මම...
    දිවියෙ වෙනසක් අවැසි හින්ද ම...

    කිමද වෙන දේ සිතන්නට බැරි...
    ගුප්ත භාවය වෙලාගෙන ඇති...
    සියළු දේ එකිනෙකට සබැඳිව...
    ඇති බවක් මට හැඟෙන්නට විය...

    දැල්ව තිබුනා වූ පහන්සිළු...
    සැලෙන්නට විය සුළං දහරින්...
    එක්වර ම බිම නේක දේවල්...
    පාව ගොස් වෙන තැන් බදාගති...

    2304120943
    #spn