ඩස්පයෝ IELTS හොරට කරන්නේ. ඒක බොරුවක් නෙමෙයි කියලා ඕසි, කැනඩා ඉන්න උන්ම කියනවා. අනික ඕකුන් තැන් තැන්වල හොර උපාධි කඩ අටවලා රට යන උන්ට ඩිග්‍රි, මාස්ටස් එහෙම දෙනවා. සමහර කැම්පස් කඩ කාමරයක් තරම් පොඩියි. බොරු නෙමෙයි කියලා පෙන්වන්න බෝඩි දාලා පොඩි ඉඩෙත් ලොකුවට කරගෙන යනවා. හොදට වෙබ් සයීට් එකකුත් මේන්ටේන් කරනවා. ගූගල් එකෙත් ලොකේෂන් තියනවා. සල්ලි දීලා රීවීව් එහෙමත් දාගන්නවා. එතකොට ඉතින් සුද්දොත් හිතන්නේ මේවා ඇත්ත උපාධි කියලා. කිසි ඉගෙනීමක් නැතුව දෙන මේ උපාධි ඇත්ත ඒවම තමයි. හැබැයි ඉතින් සහතිකේ ගන්න එකා ඉගෙනගෙන නෑ. වැඩක් දුන්නොත් නානවා.
