අල්ලසට යටවෙන දූෂිත පළාත් පාලන ආයතන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    ලංකාවේ අනවසර ඉදිකිරීම් බහුල වෙමින් ඇත්තේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු, පළාත් පාලන ආයතන වල සිටින දූෂිත නිලධාරීන්ගේ අතයට ගණුදෙනු හේතුවෙනි. නීත්‍යානුකූල පදනම මත ඉදිකිරීම් කරගෙන යාමට ඔවුන් කිසිවෙකුටත් අවසරය නිකුත් නොකළද, අතයට ගනුදෙනු වලට අනීතික අන්දමේ ඉදිකිරීම් වලට අවසර දෙමින් සිටින්නේ කෙසේද? මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් පළාත් සභා වලට කොතෙකුත් පැමිණිලි යොමු වුවත්, ඒකපාර්ශවිකව එකී අතයට ගනුදෙනු මත එම ඉදිකිරීම් සිදුකරගෙන යාමට සියල්ලන් ඉඩහැර ඇත්තේ, ඔවුනටද කුමන හෝ ප්‍රතිලාභයක් ඉන් සැලසෙන නිසාද? අල්ලසට යටව ඇති මෙවන් ආයතන නිසා අල්ලස පිටු දකින මිනිසුන්ට හඬක් නැති උන් ලෙස සිටීම සිදුව ඇත්තේ, අල්ලස පිටු දැකීම උදෙසා පවතින ආයතනත් පැමිණිලි තිබියදී ඒවා පිලිබඳ විමර්ශනයන් පැහැර හැරීමෙනි.
     
    • Like
    Reactions: supun_sg