බැසිල්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,063
    5,824
    113
    canada
    ආණ්ඩුවක් බිඳහෙළා නව ආණ්ඩුවක් පත් කරගෙන ගතව ඇත්තේ මාස දෙකහමාරක කාලයක් පමණි. මේ වනවිට නව ආණ්ඩු පාර්ශ්වය තුනෙන් දෙකක බලයක් සහිත තනි ආණ්ඩුවක් පිහිටුවීම ගැන කතා කරමින් සිටින අතර හිටපු ආණ්ඩු පාර්ශ්වය යළි ආණ්ඩු පෙරළියක් ඇතිකර නව ජනපතිගේ සහ තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ගැන කතා කරමින් සිටිති.

    දේශපාලන පක්ෂ පිහිටුවාගන්නේම බලය ලබාගැනීම සඳහාය. එහි වරදක් නැත. එහෙත් යම් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට වුවමනා වූ පමණින් බලය ලැබෙන්නේ ද නැත. ආණ්ඩු බලය යනු කිහිප දෙනෙකුට හදිසි වූ පමණින් ලබාගත හැකි යමක් නොවේ. වත්මන් දේශපාලනයෙහි බොහෝ චරිත තේරුම් නොගන්නා, ඉගෙන නොගන්නා යතාර්ථය මෙයයි.

    මේ දේශපාලන පාඩම ඉගෙන ගැනීම සඳහා අධ්‍යනය කළ යුතු, වත්මන් දේශපාලනයෙහි නියැළී සිටින හොඳම චරිතය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාය.

    2015 ජනවාරි 08 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් සමුගත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ද සහිත තම ආණ්ඩු බලය ද අත් හරිමින් ජයග්‍රාහී පාර්ශ්වයට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ අවස්ථාව ද ලබා දෙමිනි. පරාජයේ කම්පනයෙන් ටික කලක් පසුවුණු නමුත් මහින්ද රාජපක්ෂ මහතා වටා යළි දේශපාලන බලවේග ඉතාම ඉක්මනින් ගොනුවන්නට පටන් ගත්තේ විස්මිත ලෙසය.

    ඒ බලවේගයත් සමඟ 2015 අගෝස්තු මහමැතිවරණයට වෙනම පක්ෂයකින් ඉදිරිපත් වීමට ඇතැමුන්ට වුවමනා වී තිබිණි. එහෙත් සුපුරුදු එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළින්ම තම මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු ගෙන්වාගෙන එතැන් සිට දේශපාලනය කළමනාකරණය කරනවා විනා ඒ හදිසියේ නව පක්ෂයක් බිහිකිරීමට බැසිල් රාජපක්ෂ මහතා උනන්දු වූයේ නැත. ඒ, එම මොහොතට අදාළව ගත් කල එය අනවශ්‍ය අවදානමක් ගැනීමක් නිසාය. ඇතැම්විට එදා තනිව මහමැතිවරණයට ඉදිරිපත් වූයේ නම් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට ලැබෙන ආසන ගණන ඉතා සුළු ප්‍රමාණයක් වීමට ද ඉඩ තිබිණි. එහෙයින් නුගේගොඩ රැළියට පැමිණි සෙනඟින් උදම් වී ඇතැමුන් වෙනම යන්නට ගර්ජනා කළ ද බැසිල් ඊට ඉඩ තැබුවේ නැත. එහි ප්‍රතිඵලය ලෙස විපක්ෂ නායක ධුරය අහිමි වූ නමුත් මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගෙන් යුත් ශක්තිමත් කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගනු ලැබිණි.

    තම කඳවුරෙන්ම පහර වදිද්දීත් බැසිල් කළ සටන

    ඒ සියල්ලෙන් පසුව, තමන්ට නඩු පිට නඩු වැටී තිබියදීත් පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගැනීමේ අවස්ථාව අහිමිව තිබියදීත් ජනාධිපතිවරණ පරාජය සම්බන්ධයෙන් තමන්ගේම පිලෙන් කර්කෂ විවේචන ඉදිරිපත් වෙමින් තිබියදීත් බැසිල් රාජපක්ෂ මහතා නිවාඩු පාඩුවේ නව පක්ෂ යාන්ත්‍රණයක් පිහිටුවීම ආරම්භ කළේය. මහින්ද රාජපක්ෂ මහතා සමඟ දේශපාලන ගමන යාමට වුවමනාවෙන්, කැමැත්තෙන්, උනන්දුවෙන් පසුවන පිරිස් සඳහා දේශපාලන මූලස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා 2016 වසරේ පටන් ඔහු අඩිතාලම සකස් කළේය.

    නෙළුම් පොහොට්ටුව ලකුණින් යුතුව ඔහු නව දේශපාලන පක්ෂය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිවරාගෙන කොළඹ පවත්වන මාධ්‍ය හමු හරහා නොවේ. ඔහු හැරුණේ මීට කලකට පෙර සිටම තමන් සමඟ ගනුදෙනු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා මට්ටමේ එනම් පළාත් පාලන ආයතන මට්ටමේ දේශපාලන නියෝජිතයින් වෙතටය. වඩාත් පැහැදිලිව කියන්නේ නම් ඔහු පක්ෂය ආරම්භ කළේ දැවැන්ත ලෙස මුල් විහිදුණු බිම් මට්ටම තුළය. පළමු පියවරේ පටන් ඔහු ශක්තිමත්ව ඉදි කළේ පක්ෂයේ බිම් මට්ටමේ අත්තිවාරමය.

    එහි ප්‍රතිඵලයක් ලෙස ඊළඟ වසරේදී, එනම් 2017 වසරේදී ජාතික දේශපාලනය තිගැස්මකට ලක් කරන සුවිශේෂී ජන ගඟක් සමඟින් කොළඹ ගෝල්ෆේස් පිටියේදී මැයි රැළියක් පැවැත්වීමට ඔවුන්ට හැකියාව ලැබිණි. 2017 ගෝල්ෆේස් මැයි රැළිය යනු මෑත දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නැත. බලයේ සිටි යහපාලන ආණ්ඩුව සොලවා දැමීමට එම මැයි රැළිය සමත් වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ වූ හවුලෙන් වෙන් කිරීමේ පළමු මිටි පහර වැදුණේ ද එතැනිනි.

    ඊළඟ වසරේදී, එනම් 2018දී ශ්‍රී ලංකා දේශපාලනය තුළ භූමිකම්පාවක් ඇති කරමින් සිය පළමු මැතිවරණ ජයග්‍රහණය සනිටුහන් කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත් වූ පළමු පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වාර්තා කළේ සුවිශේෂී ජයග්‍රහණයක් බව දේශපාලන භේදයකින් තොරව සැවොම පිළිගන්නා කරුණකි. යන්තම් වසර දෙකක් වයසැති පොහොට්ටු පක්ෂය එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය උඩු යටිකුරු කළේය. ඒ, බැසිල් රාජපක්ෂ මහතා විසින් ඒ දෙවසර පුරා බිම් මට්ටමේ සිදුකළ දේශපාලන ව්‍යාප්තිය නිසා බව ද සියල්ලන්ම විසින් පිළිගත යුතු සත්‍යයකි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවදුරටත් දේශපාලන භූමියෙහි රැඳී සිටින්නට නම් ඔවුන් පොහොට්ටුවත් සමඟ එක්විය යුතු බවට ප්‍රබල අනතුරු හැඟවීමක් 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය හරහා ලැබුණු අතර එහි ඊළඟ පියවර ලෙස රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනාවේදී ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් තවත් 15 දෙනෙකු පොහොට්ටුවට එක්වීම සිදුවිය.

    මේ සියල්ලෙන් උද්දාමයට පත් වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් පිරිසකට වුවමනා වූයේ වහාම යහපාලන ආණ්ඩුව බිඳ දමා බලය අත්පත් කරගැනීමටය. නමුත් බැසිල් එහිදී තීරණාත්මක ලෙස ඊට එරෙහි වූයේය. ඔහු ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළේ පස්සා දොරෙන් ගොස් බලය ලබාගැනීමෙන් ප්‍රතිඵලයක් නොලැබෙන බවයි. එහිදී තමන්ම නිර්මාණය කළ පක්ෂයේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි මන්ත්‍රීවරුන් තමන්ට එරෙහිව ප්‍රසිද්ධියේම අපහාස, උපහාස කරද්දී පවා බැසිල් සිය ස්ථාවරය වෙනස් කළේ නැත.

    එහෙත් බැසිල්ගේ මතය නොසලකා හරිමින් හදිසිකාරයින් මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව 2018 ඔක්තෝබර් 26 වනදා ආණ්ඩුව පෙරළා දැමූහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ දැවැන්ත අපවාදයක් පමණකුත් නොවේ. භේද භින්න වී සිටි එක්සත් ජාතික පක්ෂයට නව පණකුත් ලබාදෙමින් දින 52ක් තුළ ඒ ආණ්ඩුව බිඳ වැටුණි. ඒ, බැසිල්ගේ කීම නොඅසා දේශපාලනයෙහි ළඟ පමණක් බලන්නට යාමේ ආදීනව මනාව පෙන්නුම් කරමිනි. දේශපාලනයෙහිදී ඉවසීම කොතරම් වැදගත්ද යන පාඩම කාටත් කියා දෙමිනි.

    ඊළඟ වසර වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු ගමින් ගමට නොව ගෙයින් ගෙයටම යමින් ශාඛා සංවිධාන පිහිටුවා, සාමාජිකයින් බඳවා ගෙන, නවීන තාක්ෂණය ද මුසු කරමින් ලංකා ඉතිහාසයේ මෙතක් පැවති දැවැන්තම සංවිධාන ජාලය සහිත පක්ෂය බවට පරිවර්තනය විණි. ඒ, බැසිල්ගේ සැලසුම් ප්‍රකාරවය. රටපුරා එක රැයින් එකම පෝස්ටරය ඇළවිය හැකි සංවිධාන ජාලයක් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බවට මීට පෙර පැවති වාර්තාව බැසිල් විසින් ඉතා පහසුවෙන් බිඳ හෙළන ලද්දේ වසර තුනක් තිස්සේ ක්‍රමානුකූලව ඉවසීමෙන් ගොඩනැඟූ යාන්ත්‍රණය නිසාවෙනි.

    ඒ අනුව 2019 නොවැම්බර් ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වූයේම ජයග්‍රහණය තම සාක්කුවේ තබාගෙන බව කීම වැරදි නැත. වැඩි ඡන්ද ලක්ෂ 14කින් එය ස්ථිර කෙරිණි. සෙස්ස ඉතිහාසයට විවෘතව තිබේ.

    බැසිල්ගෙන් උගත යුතු දෑ

    මෙහිදී බලය ලබාගැනීමේ පිපාසාවෙන් පසුවන දේශපාලනඥයින්, විශේෂයෙන්ම ක්ෂණිකව බලය ලබාගැනීමේ උන්මාදයෙන් පසුවන කවර හෝ පක්ෂයක දේශපාලනඥයින් බැසිල්ගෙන් උගත යුතු ප්‍රධාන පාඩම වන්නේ බලය යනු තමන්ට හදිසි වූ පමණින් ලබාගත හැකි යමක් නොවන බවත් එය ඉවසීමෙන් යුතුව ක්‍රමිකව ඒ ඒ මොහොතට අදාළ නිවැරදිම දේශපාලන තීන්දු තීරණ ගනිමින් යන වෙහෙසකර ගමනක අවසන් ඵලය ලෙස පමණක් ලබාගත හැක්කක් බවත්ය.

    එසේම මේ වසර හතරක ගමන තුළ බැසිල් රාජපක්ෂ තමන්ට පුද්ගලිකව තනතුරු ලබාගැනීමට, තමන් පුද්ගලිකව කැපී පෙනීමට දැඟළුවේ ද නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර විනා ඉන් එහා බැබළෙන නිලයක් මෙතෙක් ඔහුට ලැබී ද නැත. ජනමාධ්‍ය හරහා වොයිස් කට් දේශපාලනයෙහි යෙදීම ඊට කැමති අයටම පැවරූ බැසිල් තෝරාගත්තේ අසීරු කොටස වන බිම් මට්ටම සංවිධානය කිරීමය. ජයග්‍රහණයේ අනිවාර්යය පළමු පියවර වන්නේ එය මිස ඉහළ මට්ටමේ නායකයින් අතර සිදුවන මාළිගා කුමන්ත්‍රණ නොවන බවත් බැසිල්ගේ දේශපාලන ගමන තුළින් සෙසු අය උගත යුතුව ඇත.

    අනෙක් අතට තමන්ට එරෙහි දේශපාලන බලවේගය තුළ කොතරම් අභ්‍යන්තර අර්බුද තිබුණ ද ඒවා මත්තෙහිම යැපෙමින් දේශපාලනය කිරීමට කිසිසේත්ම උත්සාහ නොදැරිය යුතු බව ද 2018 ආණ්ඩු පෙරළිය හමුවේ බැසිල් දැරූ ඉතාම නිවැරදි ස්ථාවරය හරහා ඔහු පෙන්වා දී තිබේ.

    මීට අමතරව තමන්ගේ කඳවුරේම බහුතරය තනිකරම ජාතිවාදය මත යැපෙමින් ඒ හරහාම බලය ඇල්ලීමට සැලසුම් කරද්දී ඊට සපුරා පටහැණි ලෙස සුළු ජාතිකයින්ගේ ප්‍රශ්න වෙනුවෙන් බැසිල් සංවේදී වූයේය. තමන් ද විදෙස් රටක සුළු ජාතිකයකු වශයෙන් වාසය කර ඇති හෙයින් ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව තමන්ට වැටහීමක් ඇති බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඒ ඒ මොහොතට අදාළව ජනප්‍රිය රැල්ලට ගසාගෙන නොයා තමන්ගේ දේශපාලන ස්ථාවරයෙහි රැඳී සිටින ආකාරය ද, පක්ෂයක නිර්මාතෘවරයා වශයෙන් එක් ජාතියක් වෙනුවෙන් පෙනී නොසිට සියලුම ජාතීන් වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම ද බැසිල්ගෙන් ඉගෙන ගත යුතුමය.

    අනාගත දේශපාලන නායකයින්, අනාගත රාජ්‍ය නායකයින් වීමේ බලාපොරොත්තුවෙන් පසුවන අය මේ පාඩම් කොතෙක් දුරට ඉගෙන ගන්නවාද නැද්ද යන්න මත ඔවුන්ගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතිනු ඇත. ඓතිහාසික තත්වයන් යනු සුළු මිනිස් වැරදීම් නිසා උද්ගතවන ඒවා නොවේ, සමහර අවස්ථාවලදී ඊට ගැළපෙන පුද්ගලයා කරළියට එනතුරු ඉතිහාසය ද මඟ බලා සිටී. එහෙත් එතැනදී පවා පළමු කොන්දේසිය වනු ඇත්තේ නිවැරදි මොහොත එළඹෙන තුරු ඉවසීමෙන් මඟබලා සිටීමත් ඒ අතරතුරේ තමන්ට අවැසි මාර්ගය විවෘත කරගැනීමට වෙහෙස නොබලා කටයුතු කිරීමත්ය.

    copyright : Lankanewsweb
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    බැසිල් එක්ක ජන්ද ව්‍යාපාරය කරන්න කෙනෙක් නෑ බන් ලංකාවේ. පුදුම කැපවීමක් තියෙන මිනිහෙක්.බැසිල් නැත්තන් ගෝටයි මහින්දයිත් අනාතයි.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පුංචි දිවයිනෙන් කීයක් හරි හොයාගෙන යන්න අවිත්ද ?
    ඇමරිකාවේ ජීවන වියදම වැඩි ඇති දැන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,063
    5,824
    113
    canada
    බැසිල් එක්ක ජන්ද ව්‍යාපාරය කරන්න කෙනෙක් නෑ බන් ලංකාවේ. පුදුම කැපවීමක් තියෙන මිනිහෙක්.බැසිල් නැත්තන් ගෝටයි මහින්දයිත් අනාතයි.

    :yes::yes:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa

    😆😆😆😆😆😆😆😆😆😆මොළ 7ක් තියෙන පොරක්නේ..මාත් ළගදී දැනගත්තෙ..😆😆😆😆
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,575
    113
    ආශ්චර්යමත් රටක
    වත්මන් දේශපාලනයෙහි නියැළී සිටින හොඳම චරිතය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාය.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    සෑර් ටත් බෑ. බැසිල් හිටියනම් මචන් මෙහෙම වෙන්නෙ නෑ. 🤭 🤭
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    • Haha
    Reactions: hasithayad

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මෙච්චර සටන් වදින්නේ අපි වෙනුවෙන් කියලා දැනෙද්දි මාර ගැම්මක් එනවා.
    එදා 2020,2019 මෙහෙම සටන් කරලා අද අපිට මෙහෙම 2021 ජීවත් වෙන්න ලබා දුන්නට බොහොම ස්තූතියි සර්...
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    සෑර් ටත් බෑ. බැසිල් හිටියනම් මචන් මෙහෙම වෙන්නෙ නෑ. 🤭 🤭

    ඊළගට මූ සපෝර්ට් කරන්න වෙන්නෙ බැසිල් ස'ට ද නාමල් ස'ට ද කියල පට්ට සීතලේ කෝපි ඵකක් බිබී කන්පියුස් වෙලා හිත හිත අැත්තෙ දැන්..නියම පට්ටි ගොනෙක් මූ නම්.තවත් ලැජ්ජ නෑ අදත් ත්‍රෙඩ් ඵකක් දාල රාජපක්ෂලව බේරගන්න.මූ ඵළියට ඵන්නෙ ජන්දෙට මාස ගාණක් වගේ තියෙනකොට.අැවිත් ඵක ඵක පඬි පල් හෑලි දානව මේකේ උන්ව brain wash කරන්න...බයියොත් දැක්ක ඒත් මෙහෙම බයියෙක්නම් දැක්කෙ නෑ..රාජපක්ෂ කෙනෙක්ට පුක දීලද කොහෙද කැනඩා ගිහින් තියෙන්නෙ..😆😆