අල්ලස් ඉල්ලුවොත්

elakiri3

Banned
Jan 18, 2015
241
18
0
අල්ලස් ඉල්ලුවොත්





ඇගේ නම අකුෂ්ලා උමයංගනී. ටිකක් අමාරුයි නේද නම කියවා ගන්න. මමත් දෙතුන් පාරක් අහලයි අකුෂ්ලාගේ නම හරියටම සටහන් කර ගත්තේ. ඇය නම් ඒ නම හරිම වාසනාවන්තයි කියලා කියනවා. ඒ හින්දලු තමන්ට රඟපාන්න ලැබුණු පළමු චරිතය ප්‍රධාන එකක් වුණේ. මේ දිනවල විකාශය වන මොණර කඩදාසි ටෙලි සිතුවමේ සිතුමිණීගේ චරිතය හරහා තමයි අකුෂ්ලා රංගනයට පිවිසෙන්නේ. ඊට කළින් ඇය ප්‍රකට නිරූපණ ශිල්පිණියක් විදිහට. මේ ලියවෙන්නේ අකුෂ්ලාගේ කුලුඳුල් පුවත්පත් ලිපිය. ඒ හින්දාම ඇය අපත් සමඟ කතාබහ කළේ හරිම පරිස්සමින්.

අකුෂ්ලාට තියෙන්නේ හරි අමුතු නමක් නේද?
ඔව්. ඒකෙ තේරුම නම් මම හරියට දන්නේ නැහැ. හැබැයි කියවගන්න අමාරු වුණාට ඕනෑ කෙනෙකුට මතක හිටින නමක් මට තියෙන්නේ.

අකුෂ්ලා ක්ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක් විදිහට?
හරියටම හරි. අවුරුදු හයකට විතර කලින් තමයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ. එහෙම කාලාන්තරයක් නිරූපිකාවක් විදිහට හිටියා. ඔය අතරේ විවිධ චැනල්වල අවුරුදු කුමරි තරගවලටත් සහභාගි වුණා. ඒවායින් ජය නොලැබුණත් අන්තිම තරගකරුවන් අතරට එක්වන්න හැකි වුණා. පසුව සිංහ සමාජය සංවිධානය කළ සිංහ කුමරිය තරගයකදී සිංහ කුමරිය වශයෙන් අභිෂේක ලැබුවා. මිස් වර්කිං ගර්ල් තරගයටත් එක් වුණා. මේ හින්දා වැඩි දෙනකු මාව හඳුනන්නේ නිරූපිකාවක් විදිහට.

එතකොට ඔබ රංගනයට පිවිසෙන්නේ?
මිස් වර්කිං ගර්ල් තරගයෙන් පසුවයි ඒ සඳහා අවස්ථාව උදා වුණේ. චාමර සමරවික්‍රම මට කතා කරලා සිතුමිණීව භාර දුන්නා කිව්වොත් මා නිවැරිදියි.


සිතුමිණී කියන්නේ ඔබට වඩා වයසින් වැඩි චරිතයක්?
ඒක ඇත්ත. සිතුමිණී තමයි චන්දික නානායක්කාරගේ බිරිය(ටෙලි නාට්‍ය රංගනයට). මට වඩා වයසින් සහ සිතුවිලිවවලින් මුහුකුරා ගිය චරිතයක්. මොනවා වුණත් සිතුමිණී මගේ ජීවිතයට ගොඩක් වැදගත් කියලා කියන්න පුළුවන්.

ඒ කොහොමද?
මාත් කවදා හරි වයිෆ් කෙනෙක් වෙනවා. අන්න එතකොට මම හැසිරෙන්න ඕනෑ කොහොමද කියලා මට දැනගන්න ලැබුණා මේ චරිතය හරහා. සිතුමිණී නිතරම හස්බන්ඩ්ගේ පැත්ත ගන්නවා. මාත් කවදා හරි එහෙම තමා කරන්නේ.

ඔබට මේ චරිතය තදින් හිතට දැනුණද?
ඔව්.

ඒ කියන්නේ චන්දික ඔබේ ස්වාමි පුරුෂයා වගේ ඇත්තටම දැනුණා?
මෙහෙමයි ඉතින්, කැමරාව ඉදිරියේ රඟපාද්දී නම් චන්දික අයියා මගේ හස්බන්ඩ් කියලා ඇත්තටම හිතලා රඟපෑවේ. කට් කිව්වට පස්සේ හැබෑ ලෝකෙට ආවා.

ඔබ කවදා හරි ඔබේ සැබෑ ජීවිතේ ස්වාමි පුරුෂයා හැටියට නළුවෙක්ම තෝර ගන්නවාද?
අපෝ නැහැ.

ඇයි ඒ?
මං හිතනවා මේ ක්ෂේත්‍රයේ ඉන්න අය වෙනත් ක්ෂේත්‍රයක කෙනෙකු සමඟ විවාහ වුණොත් හොඳයි කියලා.

හේතුව?
එතකොට දෙන්නා ක්ෂේත්‍ර දෙකක හින්දා විවිධත්වයක් තියෙනවානෙ.

හැබැයි දෙන්නා එකම ක්ෂේත්‍රයේ වුණාම අවබෝධය වැඩියි නේද?
මං ඔය මතයට එකඟ නැහැ. මගේ විශ්වාසයට අනුව නම් දෙන්නා ක්ෂේත්‍ර දෙකක විය යුතුයි. එතකොට තමයි ජීවිතය රසවත් වෙන්නේ.

සාමාන්‍යයෙන් ඔබගේ වයසේ නිළියන් රංගනයට එන්නේ පෙම්වතියගේ චරිතය රඟපාමින්. නමුත් ඔබට වුණේ ඒකෙ අනික් පැත්ත?

ඒක තමයි. මං රඟපාන්න එන්න බලාපොරොත්තුවෙන් හිටියේ පෙම්වතියක් විදිහට. නමුත්ත ලැබුණේ බිරියක්. මං කොහොමත් ලැබෙන දෙයින් සතුටුවන කෙනෙක්. ඒ හින්දා අවුලක් නැහැ. මං හිතනවා දෙවනුව මට පෙම්වතියක් වෙන්න ලැබේවි කියලා.

මොණර කඩදාසි ටෙලි සිතුවමේ ඔබ ආසාවෙන් රඟපෑ දර්ශනය මොකක්ද?
ඔන්න මගේ හස්බන්ඩ් පදම ටිකක් වැඩි කරගෙන ගෙදර එනවා. මම ඔහුගෙන් අහනවා මොකක්ද ජයම්පති මේ නටන අලුත් සෙල්ලම කියලා. එතැන ඉඳලා පොඩි රණ්ඩුවක් යන්නේ. මම ඒ දර්ශනය බොහොමත්ම ආසාවෙන් රගපෑවේ.

සාමාන්‍යයෙන් ඔබ බඳින කෙනා බීලා ගෙදර ආවොත් මොකද කරන්නේ?
මොනවා කරන්නද එයාව තේරුම් අරගෙන එයාගේ විදිහට හැඩ ගැහෙනවා.

අකුෂ්ලාට පෙම්වතෙක් ඉන්නවාද?
ඒ ගැන විස්තර මුකුත් තවම කියන්න බැහැ.

ඔය උත්තරයෙන් නම් පැහැදිලි වෙන්නේ ඔබට පෙම්වතකු ඉන්න බවයි?

ඔබ ජීවිතයේ කර ගත්තු ලොකුම මෝඩ වැඩේ මොකක්ද?
එහෙම දේවල් නම් කරලා නැහැ.
ඔබ නොකියා කියන්නේ ඔබ නුවනක්කාරියක් කියලද?

කොහෙත්ම නැහැ. මම කියන්න තරම් ලොකු මෝඩ වැඩ මං කරලා නැහැ. ඒකයි මං කිව්වේ.
තරුණ නිළියන්ගෙන් ක්ෂේත්‍රයේ විවිධ පුද්ගලයින් ලිංගික අල්ලස් ඉල්ලීම ගැන අකුෂ්ලාට මොනවද කියන්න තියෙන්නේ?

මම ඕකට තදින් විරුද්ධයි. එය නොවිය යුත්තක්.
හැබැයි ඒ යෝජනාවලට කැමැති වෙන නිළියොත් ඉන්නවනෙ?

අන්න ඒක තමයි වැරැද්ද. එක් කෙනෙක් දෙන්නෙක් ඒවාට එකඟ වුණාම ඇතැම් අය සියල්ල ගැනම හිතන්නේ එහෙමයි. ඒක අපිටත් අවුල්.

අකුෂ්ලාගෙන් කවුරුවත් එහෙම ලිංගික අල්ලස් ඉල්ලලා නැතිද?
නැහැ. හැබැයි එහෙම ආවොත් මගෙත් එක්ක ලෙහෙසි වන එකකුත් නැහැ.

අකුෂ්ලා ටිකක් සැරයි වගේ?
ඔව්. අසාධාරණකම් ඉදිරියේ මම කොච්චි කරලක් වගේ.

කුෂ්ලා වෘත්තීය කලාකාරිණියක්ද?

නැතුව.

ලැබෙන ආදායම ජීවත්වීමට ප්‍රමාණවත්ද?

මම තවම ඉන්නේ මව්පියන් ළඟනේ. ඒ හින්දා ලැබෙන සල්ලි දැනට ඇති.

සියලුම නලු නිලියන්ගේ තොරතුරු එකම තැනක

http://gossipnalunelinews.blogspot.com
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
අකුෂ්ලාගෙන් කවුරුවත් එහෙම ලිංගික අල්ලස් ඉල්ලලා නැතිද?
නැහැ. හැබැයි එහෙම ආවොත් මගෙත් එක්ක ලෙහෙසි වන එකකුත් නැහැ.

:rofl: උපාසක බළල්, මීයො එක්ක ජුවල්.
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අකුෂ්ලාගෙන් කවුරුවත් එහෙම ලිංගික අල්ලස් ඉල්ලලා නැතිද?
    නැහැ. හැබැයි එහෙම ආවොත් මගෙත් එක්ක ලෙහෙසි වන එකකුත් නැහැ.

    :rofl: උපාසක බළල්, මීයො එක්ක ජුවල්.

    අමාරු ඒවාටයි මන් කැමති පැටියෝ :rofl::rofl: