අල්ලස් හා අපේ රාජ්‍ය සේවය

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    අල්ලස් හා අපේ රාජ්‍ය සේවය

    පසුගිය දිනෙක මාහට මුහුණපෑමට සිදුවූ සිද්ධියක් මාතෘකාවේ ආරම්භයට යොදාගනිමි. එදින මා සිටියේ අප කාර්යාලයේ වාහන බලපත්‍ර නිකුත්කරන ස්ථානයේය. ආදායම් බලපත්‍රයක් ගැනීමට පැමිණි තරුණයෙකු අත අදාල සියළු ලියකියවිලි නොතිබුනු අතර ඔහුගේ කාර්ය ඉටුකල නොහැකි බව දැන්වීමට මා හට සිදුවිය. ඔහුගේ ක්ෂණික පිළිතුර (යෝජනාව) වූයේ "මහත්තයා, කරගන්න විදියක් ඇත්තෙම නැද්ද?" යන්නයි.
    අල්ලස යනු කිසියම් ආයතනයකින් යම් සේවාවක් ලබාගැනීම සදහා ලබාදෙන ඕනෑම දෙයක් වන අතර මේවා මුදල්, භාණ්ඩ, සේවා, ආදී ඕනෑම දෙයක් වන අතර අල්ලස් වශයෙන් පැවැත්වෙන සාද සහ ලිංගික අල්ලස්ද වියහැකිය. මේවා ලබාදෙන්නවුන් බලාපොරොත්තු වන්නේ යම් සේවාවක් කඩිනමින් ලබාගැනීම, අන් අය ඉක්මවා ප්‍රමුඛතාවය ලබාගැනීම හෝ නීති විරෝධීව අදාල සේවාව ලබාගැනීමේ අපේක්ෂාවයි. ශ්‍රී ලංකාවේ පවතින සිවිල් නීති අනුව කුමන ආකාරයක හෝ අල්ලස් ලබාගැනීම මෙන්ම ලබාදීමද දඩුවම් ලැබියහැකි වැරදි වේ. රාජ්‍ය සේවය පැත්තෙන් ගත්විට අල්ලස් ලබාගැනීම යනු රැකියාවෙන් පහකරනු ලැබිම හා සිවිල් නීතිය යටතේ දඩුවම් ලැබීම යන දෙකටම යටත්ය.
    ලංකාවේ ආර්ථියය සම්බන්ධ ඉතා වැදගත් ස්ථානයක සේවය කරන නිළධාරි‍යකු වන මගේ මිත්‍රයෙක් වරක් මට පැවසුවේ "....ජොබ් එකේ අයට....පාස් කරගන්න ඕන ගානක් දෙන්න ලෑස්ති කට්ටිය ඉන්නවා.... , ලංකාවෙ ඕනම නිළියකගෙ නමක් කියල ඉල්ලුවොත් උන් ගෙනල්ල දෙන්න එයාලට පුළුවන්.." යන්නයි. මෙහි අතිශ්‍යෝක්තියක් තිබියහැකි වුවත් සම්පූර්ණයෙන්ම බැහැරකිරීමටද නොහැකිය.
    මීලගට සලකා බැලිය යුත්තේ අල්ලස් ලබාගැනීමට හේතුවන කාරණායි.
    මා හදුනාගෙන ඇති ආකාරයට මීට හේතු වශයෙන් බොහෝ දෙනා දක්වන රාජ්‍ය සේවයේ පවතින (ජීවන බරට සරිලන)වැටුප් නොලැබීම නොවේ. මූලිකම හේතුව වන්නේ "අවස්ථාව"යි.
    කුමක්ද මේ "අවස්ථාව"?
    ශ්‍රී ලංකාවේ අල්ලස ගැන ප්‍රධාන වශයෙන් චොදනා එල්ල වන අංශයන් වන්නේ පොලීසිය, මෝටර් රථ ප්‍රවාහන සදපාර්තමේන්තුව, රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන කාර්යාල හා පාසල් වැනි ආයතන වේ. මේ සියළුම ආයතන සම්බන්ධයෙන් මහා පොදු සාධකයක් ඇත. එනම් අල්ලස් දීමට පොළඹවන සුළු හේතු එකක් හෝ කිහිපයක් මෙම ආයතන වල පැවතීමයි. උදාහරණයක් වශයෙන් රථවාහන අංශයේ සේවය කරන පොලිස් නිළධාරියෙකු සැලකුවහොත් ඔහුට මාර්ග නීති කඩකරන රියදුරන් හසුකර ගැනීමේ අවස්ථා ඕනෑතරම් පවතී. මෙහිදී වැරැද්ද සිදුකරන පාර්ශවයේ කල්පනාව "කීයක් හෝ රාලහාමිට දී", අධිකරණයට යාම හෝ වඩා වැඩි දඩයකින් ගැලවීමයි. මෙහිදී "හෘද සාක්ෂිය සමග කරන සටනේදී" පරාජයට පත්වන "රාලහාමිලා" බොහෝය
    මා මුලින්ම සදහන් කල මගේ අත්දැකීම සලකා බැලුවද එහිදීද මාහට ලැබෙන්නේ අල්ලස් ලබාගැනීමේ අවස්ථාවයි. වැටුප් ප්‍රමාණවත් නොවීම යන කාරණය ප්‍රධාන කාරණාවක් නොවන අතර එය එසේ යයි සලකන්නේ නම් අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයන් පමණක් අල්ලස් ලබාගැනීමට පෙලඹෙන්නවුන් වියයුතු වුවත් එය එසේ නොවන බව අපි දනිමු.
    යම් සේවාවක් කඩිනමින් ලබාගැනීම, අන් අය ඉක්මවා ප්‍රමුඛතාවය ලබාගැනීම හෝ නීති විරෝධීව අදාල සේවාව ලබාගැනීම යන කාරනා මුල්කොටගෙන අල්ලස් දීමට වැඩිපුර පෙළඹෙන ආයතන වල ස්වභාවයේ පහත සදහන් ලක්ෂණ ඇත.
    ශ්‍රී ලංකාවටම එක් කාර්යාලයක් හෝ කාර්යාල කිහිපයක් පැවතීමේ හේතුව(උදා.මෝ.ප්‍ර.දෙ.,රේගුව..) මෙම ආයතන වල කාර්යක්ෂමතාවය කොතරම් වැඩිකලද කාර්යබහුලත්වය හේතුවෙන් ප්‍රමාදවීම් ඇතිවීම වැලැක්වීම ඉතා දුෂ්කරය. මෙම ආයතන වෙනුවට විකල්ප ස්ථාන නොමැත. ජනප්‍රිය පාසල් ආදිය ගත්විට ඒවායේ ඇති තත්වයද මෙසේ වේ.
    අල්ලස් ලබාගැනීම් ඇතිවීමට බලපාන අනෙක් මූලික හේතුවක් වනුයේ පුද්ගලික අංශයට සාපේක්ෂව රාජ්‍ය අංශයේ පවතින අධිකාරී ස්වභාවයයි. උදාහරණයක් වශයෙන් වාහනයක ආදායම් බලපත්‍රය ගැනීම යන කාර්ය සැලකුවහොත් එය ලබාගත හැක්කේ එකම ස්ථානයකදී පමණක් වුවත් වාහනය රක්ෂණය කරගැනීම සදහා පෞද්ගලික රක්ෂණ සමාගම් ඕනෑතරම් ඇත.
    අනෙකුත් හේතු ගත්විට ලබන වැටුප් ප්‍රමාණවත් නොවීම, සේවකයන්ගේ පවතින ආකල්ප, යහපාලනය ඇතිකරවීමට අදාලව ඔවුන් දැනුවත් නොකිරීම ආදිය ගතහැකිය.
    උදාහරණයක් ලෙස තමා රාජ්‍ය සේවයේ යෙදී වැටුප් ලබාගන්නේ බදුගෙවන ජනතා මුදලින් බව අමතක කරන රාජ්‍ය සේවකයන් එමටය.
    අල්ලස නැතිකිරීම සදහා ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද?
    මූලික වශයෙන්ම අල්ලස් දීම නැවැත්විය යුතු අතර ඒ සම්බන්ධ නීති රීති අකුරට ක්‍රියාත්මක කරවිය යුතුය. ඒ සදහා වන දඩුවම් වැඩිකල යුතුය.රාජ්‍ය අංශයේ සේවකයන්ගේ අල්ලස් ගැනීම් පිළිබද පැමිණිලි කිරීමට යාන්ත්‍රණයක් ඇතිකලයුතු අතර චෝදනාවකට ලක්වී එය ඔප්පු වන නිළධාරියකුට ලබාදෙන දඩුවම හුදෙක් ස්ථාන මාරුවකට සීමා නොවිය යුතුය.(යටත් සේවකයකු සම්බන්ධව එම ආයතනයේ ප්‍රධානියාට කරන පැමිණිල්ලක් පුද්ගලික අංශයට සාපේක්ෂව රාජ්‍ය අංශයේදී විභාග නොකෙරේ).
    අවසාන වශයෙන් මෙම ලිපිය කියවූ ඔබට දියහැකි පණිවුඩය වන්නේ
    "කිසිදා අල්ලස් දීමට නොපෙළඹෙන්න. අල්ලස් වශයෙන් ඔබ කරන වියදම හෝ පරිත්‍යාගය ඔබට සුළු දෙයක් වියහැකි වුවත් එය රාජ්‍ය සේවයට ඇතිකරන අයහපත් බලපෑම සුළුපටු නොවේ. සමහර විට එය ඔබේ දරුවා වැඩිහිටියෙක් බවට පත්වූ පසු ඇතිවන සමාජයට පවා බලපෑම් කලහැකිය"


    උපුටා ගැනීම:http://raj1st.blogspot.com/2011/09/blog-post_28.html
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මචන්ලා මේවා වලක්වගන්න IT use කරලා solution එක දෙන්න අපි ලෑස්ති, මේක web solution එකක් ඕනෑම රජයේ කාර්යාලයක විස්තර ගන්න ෆීද්බච්ක්ස් දෙන්න. එකට survey එකක් කරනවා feedback දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්, මෙන්න ලින්ක් එක
    https://docs.google.com/forms/d/1RjJg9IUsGYEJBgBPMw37lsAf_1xCfSGesdBLQAcqaW0/viewform?c=0&w=1
     
    Last edited:

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    මචන්ලා මේවා වලක්වගන්න IT use කරලා solution එක දෙන්න අපි ලෑස්ති, මේක web solution එකක් ඕනෑම රජයේ කාර්යාලයක විස්තර ගන්න ෆීද්බච්ක්ස් දෙන්න. එකට survey එකක් කරනවා feedback දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්, මෙන්න ලින්ක් එක
    https://docs.google.com/forms/d/1RjJg9IUsGYEJBgBPMw37lsAf_1xCfSGesdBLQAcqaW0/viewform?c=0&w=1
    ela machan dennam help 1k :):)
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    දියුණු රටවල් වලත් bribery ඕනේ තරම් තියෙනවා... ඒවා වෙන්නේ ලොකු ගණන් වලින් වීනයි ප්‍රශ්නේ...

    ඉතින් අපෙත් අල්ලස් limit එක ඉස්සුවනම් හරි.... :D