අල්ලස්_දෙන්න_ගිහින්_අත්අඩංගුවට

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අල්ලස්_දෙන්න_ගිහින්_අත්අඩංගුවට

    😵😵පොලිස් ඩමියට අල්ලස් දෙන්න ගිහින් අත්අඩංගුවට😵😵

    collage.png


    රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට අල්ලස් දෙන්නට උත්සාහ කරන පිරිස් පිළිබඳ නිතර වාර්තාවේ. එනමුත් එසේ පණ ඇති නිලධාරීන්ට අල්ලස් දෙන්න උත්සාහ කරද්දී අත්අඩංගුවට පත්වීමේ ආරංචි විරලය. කෙසේ වෙතත් පණ නැති පොලිස් ඩමියකට අල්ලස් දෙන්න උත්සාහ කිරීමට ගොස් තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට පත්වූ සිද්ධියක් වවුනියාවෙන් වාර්තාවේ.
    වවුනියාව යාපනය පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර් ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු ඊයේ 3 දා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇති බව වාර්තාවේ.
    පොලිස් රථවාහන අංශය මගින් වවුනියාව යාපනය පාරේ මෙම ඩමිය ස්ථාපිත කරන ලද්දේ රියදුරන්ගේ වේගය සීමා කිරීමේ හා රියදුරන්ගේ අවධානය යොමු කරවීමේ පියවරක් වශයෙන් වුවත් මේ ඩමිය ඉදිරියට ගිය එක් පුද්ගලයෙකු පොලීසියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපනය කරමින් ඩමියට උසුළු විසුළු කරමින් හැසිරී ඇති අතර ඔහු මිතුරෙකු ලවා එය වීඩියෝ කරවාගෙන 'ටික් ටොක්' නමැති සමාජ මාධ්‍ය වෙත යොමු කොට විනෝදයක් ලබාගෙන තිබේ.

    සමාජ මාධ්‍ය ඔස්සේ එය වේගයෙන් සංසරණය වෙද්දී පොලිස් නිලධාරීන්ටද එය දැක ගන්නට ලැබී ඇති අතර එයින් ඔවුන් සිත් රිදවාගෙන ඇත.
    මේ පිළිබදව අවධානය යොමු කළ වවුනියාව පොලීසිය මෙම සිද්ධිය ජෙයෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැන්වීමෙන් පසුව එම දර්ශන වීඩියෝ ගත කරන ලද පුද්ගලයාත් දර්ශන වලට පෙනීසිටි පුද්ගලයාත් අත් අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සමච්චලයට ලක් කිරීම, 😄😄 පොලීසියට අපහාස කිරීම,මහජනතාව තුළ පොලීසිය පිළිබදව වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීම 😜😜 හා පොලීසියට අල්ලස් ලබා දීම සදහා ජනතාව පෙළඹවීම 🤐🤐 යන චෝදනා ඔවුන් දෙදෙනා වෙත ඉදිරිපත් කරමින් වවුනියාව පොලීසිය එම තරුණයින් දෙදෙනාව අත් අඩංගුවට ගෙන වවුනියාව දිසා අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි.
    දිසා විනිසුරුවරයා එම තරුණයින් දෙදෙනාව ඇප මත නිදහස් කොට ඇති අතර යළි ලබන 24 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් නියෝග කොට තිබේ.




    police-001.jpg


    police-003.jpg


    Source: Gossiplankanews
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    449
    303
    63
    පොඩි මිනිහට නීතිය ක්‍රියාත්මක වන ඉක්මන
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    එතකොට අර පාර්ලිමේන්තු වලිය දවසෙ පොලිසියට පුටු වලින් ගහල මිරිස් වතුර පොවල පොත් වලින් කෙලල පුකේත් එක්ක ඇරපු හොනරබල්ස් තුමාලට කේස් නැතෙයි??
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "පොලීසිය සමච්චලයට ලක් කිරීම, 😄😄 පොලීසියට අපහාස කිරීම,මහජනතාව තුළ පොලීසිය පිළිබදව වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීම 😜😜 හා පොලීසියට අල්ලස් ලබා දීම සදහා ජනතාව පෙළඹවීම 🤐🤐 යන චෝදනා " :baffled:

    මෙහෙම චෝදනා ජාතියකුත් තියෙනවද :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එතකොට අර පාර්ලිමේන්තු වලිය දවසෙ පොලිසියට පුටු වලින් ගහල මිරිස් වතුර පොවල පොත් වලින් කෙලල පුකේත් එක්ක ඇරපු හොනරබල්ස් තුමාලට කේස් නැතෙයි??
    ඒකනේ :yes: චෝදනා ලිස්ට් එකේ පොලිසිය වෙනුවට පාර්ලිමේන්තුව කියල දැම්ම නං එත් මේ වැඩේම නේ උනුත් කරේ
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    ඒකනේ :yes: චෝදනා ලිස්ට් එකේ පොලිසිය වෙනුවට පාර්ලිමේන්තුව කියල දැම්ම නං එත් මේ වැඩේම නේ උනුත් කරේ

    පහත් තැනෙන් යයි ගලා ජලේ බ්‍රො.. පහත් තැනෙන් යයි ගලා ජලේ

    ලෝකෙන්ම උතුම් එක නෙ මේ...
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    හැම හෙන ගෙඩියක්ම දුප්පත් එකාට....බලයක් නැති එකාට.......පාර්ලිමේන්තුවේදි ලෝකයක් බලා ඉද්දි පොලිසියේ මහත්තයෙකුට අත දිග ඇරලා කන ගහද්දි........මිරිස් කුඩුවලින් නාවද්දි.....ඔය රිදුනැයි කියන හිත් පොලිසියේ ඇත්තන්ගේ කොහෙද මන්දා තිබ්බේ.......:no::no::no:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    හැම හෙන ගෙඩියක්ම දුප්පත් එකාට....බලයක් නැති එකාට.......පාර්ලිමේන්තුවේදි ලෝකයක් බලා ඉද්දි පොලිසියේ මහත්තයෙකුට අත දිග ඇරලා කන ගහද්දි........මිරිස් කුඩුවලින් නාවද්දි.....ඔය රිදුනැයි කියන හිත් පොලිසියේ ඇත්තන්ගේ කොහෙද මන්දා තිබ්බේ.......:no::no::no:

    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි:lol:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    tik tok ne dan usawith gihin dada kannath wela.

    Mamath dawasak rawatuna anuradapure yaddi oya dummyakata. Mama dakke wedi thabanna lesti wage. :baffled:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    tik tok ne dan usawith gihin dada kannath wela.

    Mamath dawasak rawatuna anuradapure yaddi oya dummyakata. Mama dakke wedi thabanna lesti wage. :baffled:
    :lol::lol::lol: Sirawata bn. kohomada kawru hari ehema hithala baya wela panic break gahuwoth, :lol: pitipasse ena eka yatakaragena yai :baffled::baffled:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    ඩමිය උනත් පොලිස්නේ, මොන රෙද්දට කෝචොක් කරන්න ගියාද?
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මේක ලන්කාවේ නොවේන දෙයක් වගෙ මුන් කතා කරන්නේ...කොහමත් පොලිසියෙ 10ක් ගත්තොත් 8ක්ම දූෂිතයි...කොහම උනත් හොන්ද වැඩේ උන්ට.හැම ලබ්බෙන්ම ආතල් ගන්නවට...