අල්ලස, නීතිය

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා



    Hiru CIA

    රථ වාහන වැරදි සඳහා පොලිසියට හසුවන්නන් නීතියෙන් ගැලවීමට අල්ලස් ලබා දීම නිතර සිදුවන ක්‍රියාදාමයක්. නමුත් පොලිසියේ ගෞරවය රැක ගැනීම සඳහා පොලිස් නිලධාරීන් සිවිල් වැසියන්ට මුදල් ලබාදීම පුදුමයට කරුණක් නොවන්නේද?

    නමුත්, නීතිය රැකීමට බැඳී සිටිනා නිලධාරීන් ඒ හරහා අධිකරණය පවා නොමග යැවීමට කටයුතු කිරීමත් දක්නට ලැබෙනවා.
    මෙම CIA හෙළිදරව්ව හරහා අප ඔබට සිතීමට යමක් ඉතිරි කරන්නේ පොලිසියට නීතිය අවනීතිය කිරීමට ඇති හැකියාව පිළිබඳ උදාහරණයක් ද ලබාදෙමින්.

    මාතර සිට කඳුකරය බලා විනෝද චාරිකාවක් ගිය බස්රථයක් මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වරදකට හසුවනවා. රියදුරා පවසන පරිදි දඩ කොළයක් ලබා නොදී අධිකරණයට පැමිණීමට පොලිසිය විසින් ඔහුට දිනයක් ලබාදී තිබුණා.

    රියදුරා අදාළ දිනයේදී අධිකරණයේ පෙනී සිටීමට ගිය අවස්ථාවේ, මුණ ගැසෙනා වෙනත් පොලිස් නිලධාරියෙකු රියදුරාට පවසා ඇත්තේ රුපියල් 7000ක මුදලක් ලබාදුනහොත් නඩුව ඉවත් කරනා බවයි.

    ඒ අනුව රියදුරා එම මුදල ගෙවා රියදුරු බලපත්‍රය ලබාගෙන තිබුණා.

    රියදුරු බලපත්‍රය ලැබුණ ද අධිකරණයෙන් නඩුව ඉවත් වී නොමැති බව පසුව කල සොයා බැලීමකදී හෙළිවනවා.

    ඒ අනුව මෙම රියදුරා මේ පිළිබඳව අදාළ පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කරනවා.

    ගැටලුව සමථයකට පත්කර ගැනීමට පොලිසියට පැමිණෙන ලෙස ඔහු දන්වන්නේ ඒ අනුවයි.

    නීතිය නොපිට පෙරළා - අදාළ රියදුරා නඩුවෙන් නිදහස් කරන අයුරු මේ පොලිස් නිලධාරියා පැහැදිලි කරනවා.

    මේ...මෙරට නීතිය සමග සෙල්ලම් කරන, නීතිය ක්‍රියාත්මක කරන ඇතැම් නිලධාරින්ගේ සැබෑ ප්‍රතිරූපය නොවේද?