අල්ලා ගන්න හදන්නේ

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අල්ලා ගන්න හදන්නේ

    නාසා විද්‍යාඥයන් දැන් සැලසුම් කරල තියෙනව ටොන් 500ක් බර ග‍්‍රහකයක් අල්ලා ගෙන ඇවිත් පෘථිවියත් හඳත් අතර තැනක රඳවන්න. එය අඟහරු වෙත මිනිසා යන ගමනේ දී අතරමඟ නවා තැනක් ලෙස පාවිච්චි කරන්නයි බලාපොරොත්තු වන්නෙ.

    මේ සැලැස්ම දැන් ධවල මන්දිරයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවට අනුමැතිය සඳහා යවා තිබෙනවා. ඩොලර් බිලියන 2.7ක් වැය වන මේ සැලැස්මට ලබන සතියේ අනුමැතිය දෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. අනුමත වුවහොත් මීළඟ දසකය තුළ එය කි‍්‍රයාත්මක වනු ඇති.

    මෙය අනුමත වුවහොත් මිනිසා විසින් ප‍්‍රථම වරට ආකාශවස්තුවක් චලනය කරන ආකාරය අපට දැක ගත හැකි වේවි.

    1.jpg

    නාසා ආයතනය ‘ලැසෝ’ නම් ග‍්‍රහකය අල්ලා ගෙන ගොස් සඳේ කක්ෂයක රඳවන්න බලාපොරොත්තු වන්නේ මෙසේයි. මිනිසුන් රහිතව උඩුගුවනට යැවෙන ඇට්ලස් -5 රොකට්ටුවකින් තමයි, ග‍්‍රහකය මල්ලක දවටා ගෙන ගොස් හඳ වටා කක්ෂයක රඳවන්නේ. අඟහරු වෙත යන ගමනේ දී එම ග‍්‍රහකය නැවතුම් පොළක් ලෙස පාවිච්චි කරන්න නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා.

    නාසා ආයාතනය මෙසේ අල්ලා ගෙන යන්නට අපේක්ෂිත ග‍්‍රහකය නම් කර ඇත්තේ ‘ලැසෝ’ (Lasso) කියලයි.

    මේ පිළිබඳව ශක්‍යතා අධ්‍යයන වාර්තාව පිළියෙල කර ඇත්තේ නාසා ආයතනයත් ‘කැල්ටෙක්’ යන කෙටි නමින් හැඳින්වෙන කැලිෆෝනියාවේ තාක්ෂණික ආයතනයත් එක්වයි.

    විද්‍යාඥයන් මේ ග‍්‍රහකය අල්ලා ගෙන යන විධිය සැලසුම් කරල තියෙන්නෙ මෙහෙමයි.

    මුලින් ම ග‍්‍රහක අල්ලා ගන්නට විශේෂයෙන් සැකසූ කැප්සියුලයක් පැරණි ඇට්ලස් -5 රොකට්ටුවක් මගින් උඩු ගුවනට යවනවා. මෙසේ අල්ලා ගන්නට යන්නේ පොළොවත් සඳත් අතර ඇති ග‍්‍රහකයක්. එය ‘ලැසෝ’ කියලයි නම් කර තියෙන්නේ.

    ග‍්‍රහකයට ළං වූ පසු ‘ග‍්‍රහක ග‍්‍රාහක කැප්සියුලය’ මගින් අඩි 50ක විෂ්කම්භයක් ඇති බැගයක් මුදා හරිනවා. ඒ බෑගය එම ග‍්‍රහකය වෙත යවා භ‍්‍රමණය වන ඒ ග‍්‍රහකයෙහි දවටා ඒ සමගම එය ඇද ගෙන යාමට යොදා ගන්නා රැහැන්වලින් බඳිනවා.

    ඊළඟට එම යානයේ ඇති ප‍්‍රචාලන තෙරපුම් රොකට්ටු කි‍්‍රයාත්මක කර කි.ග‍්‍රෑම් 399ක ප‍්‍රචාලන බලයක් යොදවා එම ග‍්‍රහකය යන ගමන නවතා ගුරුත්වාකර්ෂණය උදාසීන තැනකට ඇද ගෙන ගොස් නවත්වනවා.

    ඉන්පසු අභ්‍යවකාශ ගවේෂකයන්ට අතරමග නැවතුම්පොළක් ලෙස එය භාවිත කළ හැකියි. ඈත අභ්‍යවකාශයේ යන ගමන් අරඹන්නට සුදුසු කඳවුරක් ලෙස එය යොදා ගත හැකියි.

    ‘ස්වාභාවික සම්පත් සොයා ග‍්‍රහකවලට යාමේ සිහිනය වසර 100ක් විතර පැරණි එකක්. ඒත්, එවැන්නක් කළ හැකි, ඒ සිහිනය සැබෑ කළ හැකි, තාක්ෂණය අපට ලැබිලා තියෙන්නෙ දැන් තමයි.’ ඒ වාර්තාවේ සඳහන් වෙනවා.

    ‘අපට මේ හැකියාව ප‍්‍රධාන වශයෙන් සංවර්ධනය වූ අංශ තුනකින්ම ලැබී තියෙනවා: පෘථිවියට ආසන්න කුඩා ග‍්‍රහක සොයා ගැනීමට, ඒවායේ ගතිලක්ෂණ හඳුනා ගැනීමට වගේම ඒවාට ගොස් නැවත පැමිණීමේ හැකියාව; අල්ලා ගත් ග‍්‍රහකයක් ප‍්‍රවාහනය කිරීමට අවශ්‍ය ප‍්‍රමාණවත් තරම් බලයක් යෙදවිය හැකි සූර්ය බලශක්තියෙන් කි‍්‍රයා කරන විදුලි ප‍්‍රචාලන පද්ධතියක් ඇති කිරීමේ හැකියාව; යෝජිත ආකාරයට 2020 ගණන්වලදී සඳත් පොළොවත් අතර මිනිසුන් යොදවා කරන ගවේෂණයන් හා උපයෝජනයන් කිරීමේ හැකියාව ආදී වශයෙන් ඒ අංශ තුන දැක්විය හැකියි.


    2.jpg

    ග‍්‍රහකයක් අල්ලා ගැනීමෙන් පසු එහි ඇති ඛනිජ සම්පත් ලබා ගැනීමට කැණීම් කළ හැකියි. මෙහි දක්වෙන්නේ ‘සිල්වියා 87’ නම් ග‍්‍රහකයයි. මේ ග‍්‍රහකයත් ඒ වටා භ‍්‍රමණය වන කුඩා චන්ද්‍රයන් වූ රොමියුලස් හා රීමස් දෙදෙනාත් සොයා ගනු ලැබුවේ 1866දීයි.

    දැනට ධවල මන්දිරයට අනුමැතියට යවා ඇති නිසා නාසා ආයතනය මේ ගැන කෙළින් ම අදහස් දැක්වීම ප‍්‍රතික්ෂේප කරනවා. දැන් ලබා ඇති තාක්ෂණික දියුණුව නිසා තවත් වසර 10-12ත් අතර මෙය සාර්ථකව කි‍්‍රයාවට නංවනු ඇතැයි සිතිය හැකියි.

    තාක්ෂණික දියුණුව නිසා දැන් අපට හැකියාව තියෙනවා ග‍්‍රහකවල ඇති ලෝහ හා ඛනිජ ද්‍රව්‍ය සොයා ගවේෂණය කරන්න.

    සමහර ග‍්‍රහක යකඩවලින් පිරී පවතිනවා. අලූත් අභ්‍යවකාශ නැවතුම්පොළවල් තැනීමේ දී ඒ යකඩ ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්. සමහර ඒවායේ ජල අංශු තියෙනවා, ඒවායේ ඔක්සිජන් හා හයිඩ‍්‍රජන් වෙන් කර ඉන්ධන වශයෙන් භාවිත කරන්න පුළුවන්.

    2012 වසර මුලදී ඇමරිකාවේ සියැටල්වල ‘ප්ලැනටරි රිසෝසස්’ නමින් සමාගමක් පිහිටුවා ගත්තා, මේ ග‍්‍රහක ගවේෂණය අරමුණු කර ගත් බිලියනපතියන් කීපදෙනකු එකතු වෙලා. ඇමරිකානු ජනපති අපේක්ෂකයකු වූ රොස් පෙරෝ, ගූගල් සමාගමේ අයිතිකරු එරික් ෂ්මිට්, ලැරී පේජ් ඒ ආයෝජකයන් අතර ඉන්නවා. ඔවුන්ගේ අරමුණ මීළඟ අවුරුදු 10 ඇතුළත පෘථිවි ආසන්න ග‍්‍රහකවල කැණීම් කරන්නයි. (අපි ජේම්ස් කැමරන්ගේ අභ්‍යවකාශ ගවේෂණය ගැන ‘මල් කැකුළු’ තුළින් කතා කළා ඔබට මතක ඇති.)

    මේ ව්‍යාපෘතියට සමගාමීව තවත් එකක් 2016 දී ඔසිරිස්-රෙක්ස් යනුවෙන් කි‍්‍රයාත්මක වීමට නියමිතයි. ඒ අනුව අභ්‍යවකාශ යානයක් ‘1999 ආර්කිව්36’ (1999 RQ36) නම් ග‍්‍රහකය වෙත ගොස් පස් සාම්පල පොළොවට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.


    3.jpg


    අල්ලා ගන්නා ග‍්‍රහකය අභ්‍යවකාශ නැවතුම්පොළක් බවට පත් කොට එතැනින් යළි ඉන්ධන ලබා ගෙනයි, මේ පින්තූරයේ දැක්වෙන අඟහරු මතුපිටට පා තබන්නට මිනිසා බලාපොරොත්තු වන්නේ.

    මේ නව ව්‍යාපෘතිය නිසා ග‍්‍රහක පිළිබඳ අප සතු දැනුම වැඩි වේවි. ඒ වගේ ම පෘථිවියේ ජීවය පහළ වීම පිළිබඳ දැනුමත් අලූත් වේවි.

    ‘1999 ආර්කිව්36’ ග‍්‍රහකය සෞර ග‍්‍රහ මණ්ඩලයේ ඉතා පැරණි එකක් වන අතර එය පහසුවෙන් ළඟා විය හැකි කාබනික ද්‍රව්‍ය අඩංගු ග‍්‍රහ වස්තුවක්. එහි සාමාන්‍ය විශ්කම්භය අඩි 1,600ක් පමණ වෙනවා. එය අපේ පාපන්දු පිටි හතරක් තරම් විශාලයි.

    මේ ග‍්‍රහකය කාබන් ද්‍රව්‍යවලින් පොහොසත් නිසාත්, ජීවය බිහිවීමට අවශ්‍ය මූලික පදාර්ථ කාබනික අණු වන නිසාත් අපේ ග‍්‍රහයා මත ජීවය බිහිවීමට හේතු වූ කරුණු ගැන තවතවත් දැනුම හෙළිදරවු වෙන්න පුළුවන් මේ ගවේෂණවලදී.

    ‘1999 ආර්කිව්36’ ග‍්‍රහකයට අලූත් නමක් ඕනෑ!

    ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය දැනටමත් ලොව පුරා පාසල් සිසුන්ට ආරාධනා කරල තියෙනවා, මේ ‘1999 ආර්කිව්36’ ග‍්‍රහකයට වඩා හොඳ නමක් යෝජනා කරන්නැයි කියා.

    එසේ යෝජනා කරන නම් අතරින් සුදුසු නම තෝරා ගැනීම කරන්නේ විශේෂ කමිටුවකින්. ජය ගන්නා නම අන්තර්ජාතික තරකා විද්‍යා සංගමයේ කුඩා ග‍්‍රහ වස්තූන් නාමකරණය පිළිබඳ කමිටුව විසින් අනුමත වූ පසු දැනට පවතින නම වෙනුවට භාවිතයට ගනීවි.

    ”අපි මේ ග‍්‍රහකය ගැන විමසිල්ලෙන් ඉන්නේ අවුරුදු දහයක් විතර තිස්සෙයි.” ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මෙම මෙහෙයුම බාරව ඉන්නා ප‍්‍රධානියා වූ ඩාන්ටේ ලොරෙට්ටා කියනවා.

    ”අපි සොයන්නේ භාවිතයට පහසු නමක්. අනාගතයේ කීප වතාවක් මිනිසුන් ගොඩ බසින. ඈත අභ්‍යවකාශයට අනාගත මෙහෙයුම්වල නැවතුම්පොළ වන මෙයට ගැළපෙන නමක් තමයි අපි සොයන්නේ.” (ඔබටත් ඕනෑ නම් මේ සඳහා නමක් යෝජනා කරන්න පුළුවන්.)

    අලූත් අජටාකාශගාමී ඇඳුමක්!

    තවදුරටත් ඈත අභ්‍යවකාශ ගවේෂණය කරන්න බලාපොරොත්තු වන නිසා අජටාකාශගාමීන් සඳහා අලූත් ඇඳුමකුත් අවශ්‍ය වෙනවා. මේ සඳහා නව අභ්‍යවකාශ ඇඳුමක් පසුගියදා ෆ්ලිකර් (Flickr) නම් වෙබ් අඩවියෙන් දොරට වැඩියා.

    එය සැලැසුම් කර ඇත්තේ ‘ටොයි ස්ටෝරි’ චිත‍්‍රපටවල ආ බස් ලයිට්ඉයර් (Buzz Lightyear) නම් අභ්‍යවකාශ වීරයාගේ ඇඳුමට සමාන ආකාරයටයි.


    4.JPG


    චිත‍්‍රපට වීරයා අඳින අභ්‍යවකාශ ඇඳුම (දකුණේ) හා වෙබ් අඩවියේ පළ වූ යෝජිත නව අජටාකාශගාමී ඇඳුම. (වමේ)

    විනිවිද පෙනෙන විශාල ගෝලාකාර හිස්වැසුමකින් යුත් මේ නව අභ්‍යවකාශ ඇඳුම නාසා ආයතනය සැලසුම් කරන ඇඳුමට බොහෝ සේ සමාන බවයි, කියැවෙන්නේ.

    නාසා ආයතනය සැලසුම් කරන නව අජටාකාශගාමී ඇඳුමට ඇතුළු වන්නේ පසු පසින් බවයි, ඔවුන් ඒ පිළිබඳව නිතර කෙරෙන කතාබහෙන් පැහැදිලි වන්නේ.

    දැනට තියෙන අභ්‍යවකාශ ඇඳුමක් අඳින්නට අභ්‍යවකාශගාමියකුට පැයක් විතර ගත වෙනවා. ඒත් නව ඇඳුම ඇඳීම චිත‍්‍රපටවල එන්නාක් මෙන් ඉක්මනට කළ හැකියි. මේ නව ඇඳුමට සාර්ථකව භාවිතා කළ හැකි වා අගුලක් තියෙනවා, ඒ මගින් ඉක්මනින් ම නියමිත පීඩනය ඇඳුම ඇතුළේ ඇති කර ගන්නත් පුළුවන්.

    මේ නව ඇඳුම නිසා කලින් ඇඳුමට වඩා හොඳින් දෙපා, දණහිස්, ඉණ, උකුල් පෙදෙස ආදිය පහසුවෙන් හසුරුවන්න පුළුවන්. මෙහි ඇති යුරෙතේන් ආලේප කළ නයිලෝන් හා පොලියෙස්ටර් ස්තර නිසා ඇඳුම ඇතුළේ වායු පීඩනය වඩාත් කාර්යක්ෂමව සිදු කළ හැකියි.

    මෙය නම් කර ඇත්තේ ‘ඉසෙඞ් -1 අභ්‍යවකාශ ඇඳුමේ මුලාකෘතිය හා අතේ ගෙන යා හැකි දිවිසුරැකුම් පද්ධතිය 2.0’ කියායි. මෙය ලබන වසර දෙක තුන ඇතුළත භාවිතයට ඒවි.

    Code:
    http://www.malkakulu.com/2012/12/blog-post_6879.html
    උපුටා ගැනීම
     
    Last edited by a moderator:
    • Like
    Reactions: bandara77

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    කෙලවගන්න ඕකෙන් තමයි..ඕක කඩන වැටුනම පොලවට........මල මගුලයි....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලොක ආර්තික මද්යස්තානය අරක්ශා කර ගන්න බෑරි උන උන් ඔකවත් හරියට කරයිද?????තමන්ගෙම ප්ලෙන් වලින් තමන්ටම ඈවිත් ගහනකම් උන් දන්නෙ නෑහෑ,,එකදෙකටනම් දක්ශයි,,එ තමා උඩින් ගිහින් බොම්බ දාලා මිනිස්සු සමුල ගාතනය කරන්න,,,කලෙ නෑහෑ,තවම උන් යුද්ද පටන් ගත්ත රටවල් වල රට ඈතුලෙ ත්‍රස්ත වාදින් යුද්ද කරනවා,,එකටත් එක්ක අපෙ රන විරුවො..ලොකෙ අ0ක එක,,එකට කිසිම විවාදයක් නෑහෑ,,
     
    ඒ කියන්නෙ අයිනකින් පොඩි කඩ කැල්ලක් ගහගන්න පුලුවන් වෙයි හදට යන මිනිස්සුන්ට ප්ලැන්ටියක් හරි ගහල යන්න හොද ආයොජනයක් :yes::yes::yes::yes::lol::lol::lol::lol::lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ගල් කොල්ලා;14155283 said:
    ඒ කියන්නෙ අයිනකින් පොඩි කඩ කැල්ලක් ගහගන්න පුලුවන් වෙයි හදට යන මිනිස්සුන්ට ප්ලැන්ටියක් හරි ගහල යන්න හොද ආයොජනයක් :yes::yes::yes::yes::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලොක ආර්තික මද්යස්තානය අරක්ශා කර ගන්න බෑරි උන උන් ඔකවත් හරියට කරයිද?????තමන්ගෙම ප්ලෙන් වලින් තමන්ටම ඈවිත් ගහනකම් උන් දන්නෙ නෑහෑ,,එකදෙකටනම් දක්ශයි,,එ තමා උඩින් ගිහින් බොම්බ දාලා මිනිස්සු සමුල ගාතනය කරන්න,,,කලෙ නෑහෑ,තවම උන් යුද්ද පටන් ගත්ත රටවල් වල රට ඈතුලෙ ත්‍රස්ත වාදින් යුද්ද කරනවා,,එකටත් එක්ක අපෙ රන විරුවො..ලොකෙ අ0ක එක,,එකට කිසිම විවාදයක් නෑහෑ,,
    :lol::lol::lol: