9-116. අහස්වල සහ මහපොළොවේ රාජධානිය නියත වශයෙන් අල්ලාහ්ට අයත් වේ. ඔහු ජීවිතය දෙයි. මරණය නියම කරයි. ඔහුගෙන් නුඹ ගලවා ගැනීමට කිසිම උදව්කරුවකු හෝ ආරක්ෂකයකු නැත.
10-3. දින හයකින් අහස් සහ මහපොළොව මැව්වේ නියතවශයෙන් නුඹලාගේ රබ්(පරමාධිපති)වූ අල්ලාහ්ය. ඉන්පසුව ඔහු (තම රාජධානියේ) අර්ෂ් (පරමාසනය) හොබවමින් (විශ්වයේ) කටයුතු මෙහෙයවන්නේය. ඔහුගේ අවසරයෙන් පසුව මිස (ඔහු වෙත කිසිම කෙනකු වෙනුවෙන්) මැදිහත්වන්නකු නැත. ඒ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. එනිසා ඔහු නමඳිනු. (මෙසේ තිබියදීත් මේ ගැන) නුඹලා වටහා ගන්නේ නැද්ද.
10-5. හිරුට දීප්තියද සඳුට ආලෝකයද ලබාදී එයට(සඳුට) කලාවන් නියම කළේත් ඔහු(අල්ලාහ්)මය. (එමගින්) වර්ෂ සංඛ්‍යානයද දින ගණන්ද නුඹලා දැන ගැනීම පිණිසය. අල්ලාහ් මේ සියලූ දෙය සත්‍යාර්ථයක් ලෙසින් මිස නිර්මාණය නොකළේය. දැනුමැති ජනතාවට ඔහු මෙසේ සංඥා හෙළි කරයි.
10-55. අහස්වල සහ මහපොළොවෙහි ඇති සියලූ දෑ නියත වශයෙන්ම අල්ලාහ්ටමය. අල්ලාහ්ගේ ප්‍රතිඥාව නියතවශයෙන් සත්‍යයමය. නමුත් ඔවුන්ගේ වැඩි දෙනෙක් එය නොදනිති.
10-17. බොරු ගොතා එය අල්ලාහ්ට ආරෝපණය කරන්නාට හෝ ඔහු(අල්ලාහ්)ගේ ආයාත් බොරු යැයි කියන්නාටද වඩා දරුණු පව්කාරයා කවරකුද? වැරදිකරන්නවුන් නියත වශයෙන්ම(කිසිම දාක) ජය ලබන්නේ නැත.
10-18. අල්ලාහ් හැර, ඔවුනට විපතක් සිදුනොකරන්නා වූද, ඔවුනට සැපතක් නොකරන්නා වූද අන් දෑට ඔවුහු නමදිති. තවද මේ අය, අල්ලාහ්ගේ සන්නිධානයෙහි අපගේ අතරමැදියන් යැයි ඔවුහු කියති. අහස්වල හෝ මහපොළොවෙහි ඔහු නොදන්නා දැයින් නුඹලා අල්ලාහ්ට
දන්වන්නෙහුද? ශ්‍රී විභූතිය ඔහු(අල්ලාහ්)ටමය. ඔවුන් සමානයන් තබන දැයට වඩා ඔහු(අල්ලාහ්) උත්තරීතර යැයි (නබි මුහම්මද්) පවසනු.
10-21. (ජනයා හැසිරෙන්නේ මෙලෙසයි.) ඔවුනට සිදුවන විපතකට පසු අප මිනිසුනට දයාලූභාවයේ රස බලන්නට සැලැස් වූ කල්හි, ඔවුහු අපගේ ආයාත්වලට එරෙහිව (වංචා සහගත) කුමන්ත්‍රණ යොදා ගනිති. සැලැසුම් කිරීමේදි අල්ලාහ් (නුඹලාට වඩා) ඉක්මන්ය. නියත වශයෙන්ම නුඹලා කුමන්ත්‍රණය කරන දෑ අපගේ දූතයෝ (මලායිකාවරු) සටහන් කර ගනිතියි (නබි මුහම්මද්) පවසනු.