අලිඇතුන්ගේ පිරිමි සමාජයේ සැඟවුන රහස් රැසක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    අලිඇතුන්ගේ පිරිමි සමාජයේ සැඟවුන රහස් රැසක්: අලි හැදෑරීමක අලුත් තොරතුරු

    _114247575_fd92c9df-aacf-4424-9fb9-b44f85f18e3b.jpg

    බොටෙටි(Boteti) ගංගාවේ දිය සොයාගිය පිරිමි අලි රංචුවක්


    තම පරපුර පවත්වා ගැනීමට ඉවහල්වෙන ආකාරයට සිය දැනුම සහ හැකියාවන් ඔවුන්ගේ තරුණ පිරිමි අලිඇතුන්ට දායාද කිරීම සම්බන්ධයෙන් වැඩිහිටි පිරිමි හස්තීන් විසින් වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබන බව අප්‍රිකානු අලිඇතුන් සම්බන්ධයෙන් සිදුකරන ලද හැදෑරීමක් මගින් අනාවරණය වී තිබේ.

    ඇතින්නන් සිය දියණියන්ට සහ පැටවුන්ගෙන් සැදුම්ලත් අලි රංචුවලට නායකත්වය දෙන අතරවාරයේ වැඩුන පුරුෂ පක්ෂය රංචුව හැරයන බව එම හැදෑරීමේ දී හෙළිවී ඇත.
    වැඩුන පිරිමි අලිඇතුන් බාල වයසේ පිරිමි අලිඇතුන්ට නායකත්වය දීම අතින් වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව ඉහත කී හැදෑරීමේ තවත් සොයා ගැනීමකි.

    දඩයම් කරනු ලැබීම එසේත් නැත්නම් අනවසරයෙන් මරාදමනු ලැබීම මගින් අලිඇතුන් අහිමිව යාම "විනාශකාරී බලපෑමක්" ඇතිකරයි.
    ඉහත කී තොරතුරු ඇතුළත් අධ්‍යයන වාර්තාව 'Scientific Reports' විද්‍යා සඟරාවේ පළකරනු ලැබ ඇත. සිය වර්ගයා බිහිකරන්නියන්ගේ රංචුවලට ඇතින්නියන් නායකත්වය දෙන පරිදි, වැඩිහිටි අලිඇතුන් ඔවුන්ගේ පුරුෂ සමාජය තුළ ක්‍රියාත්මක වෙන ආකාරයක් දක්නට ලැබෙන බව එම වාර්තාව පවසයි.



    _114247846_1a2c4a35-b8b8-43ca-b71b-4649961a290a.jpg

    සිය වැඩිහිටියකුගේ ඇසුරේ සිටින අලි තරුණයෙක්


    "ස්වීය විශාල අත්දැකීම් හේතුවෙන් වැඩිහිටි ඇතින්නන් සිය පැටවුන් බිහිකරන රංචුවල ඉතා ප්‍රබල නායිකාවන් නිර්මාණය කරන බව අපි කලක පටන් දැන සිටියා. ඔවුන්ගේ පුරුෂ සමාජයේ වැඩිහිටියන් ඊට සමාන භූමිකාවක් ඉටුකරන බව පෙන්නුම් කෙරෙන තොරතුරු අපි ඉදිරිපත් කරනවා," අප්‍රිකානු අලිඅතුන්ගේ ශුභසාධනය සඳහා වන සංවිධානයේ ක්‍රියාධාරිනියක වන එක්ස්ටර් (Exeter) සරසවියේ කොනී ඇලන් (Connie Allen) ප්‍රකාශ කළාය.

    පර්යේෂකයන් විසින් අප්‍රිකාවේ තැනිතලා තෘණ භූමීන්හි සැරිසරන 1250ක් පමණ පිරිමි අලිඇතුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කරනු ලැබ ඇත. මෙහිදී ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත්තේ බොට්ස්වානාහි 'මැක්ගදික්ගාඩි පෑන්ස්' (Makgadikgadi Pans National Park) ජාතික වනෝද්‍යානයේ 'බොටේටි' (Boteti) ගංගාව ඔස්සේ සැරිසරන පිරිමි අලිඇතුන්ය.

    කැමරා අටවන ලද අලිමංකඩවල් ඔස්සේ ගමන් ගන්නා ලද හුදෙකලා පිරිමි අලිඇතුන් පස්වතාවක් එම මාවතේ ගමන්ගෙන ඇති බවක් පෙනීගිය අතර, බාල යොවුන් පිරිමි අලිඇතුන් එහි සැරිසරනු දැක තිබෙන්නේ බලාපොරොත්තු වූ තත්ත්වයට වඩා අඩු වාර ගණනකි. එයින් නිගමනය කරනු ලැබ තිබෙන්නේ යොවුන් සහ අත්දැකීම් අඩු පිරිමි අලිඇතුන් හුදෙකලාව සැරිසැරීම අනතුරුදායක බවකි.
    පිරිමි අලි රංචුවල ඉදිරියෙන්ම වැඩුන පිරිමි හස්තීන් වැඩිවශයෙන් ගමන්ගන්නා බවක් පෙනීයයි. වැදගත් පරිසර දැනුමක් සහිත ඔවුන් වැදගත් නායකයන් විය හැකිබව එමගින් පෙන්නුම් කෙරෙයි.




    පැවැත්මේ රහස්
    වෘද්ධ පිරිමි අලිඇතුන් මරා දමනු ලැබීමේ නෛතික බලය තහවුරු කර ගැනීමට ගොඩ නගන තර්කයක් ලෙස භාවිතයට ගනු ලබන්නේ, සිය වර්ගයාගේ පැවැත්ම සඳහා එම වෘද්ධ පිරිමි සතුන්ගෙන් මෙහෙයක් ඉටුනොවන්නේය යන අදහසය.
    එහෙත් පිරිමි හස්ති සමාජයේ ප්‍රධාන සහ වැදගත් නායකයන් මරා ඔවුන් එම සමාජයෙන් ඉවත්කරනු ලැබීම '' විනාශකාරී ප්‍රතිවිපාක'' අත්වීමට හේතුවනු ඇතැයි ඉහත කී සමීක්ෂණය මගින් පෙන්වා දෙයි.



    _114247847_f5eb67c4-fddd-4e5b-be0b-ef8fb5360029.jpg

    බොටෙටි(Boteti) ගංගාවේ සතුටුවෙන පිරිමි අලි ඇතුන්


    "පරිසරයෙන් ප්‍රයෝජන ගැනීම සහ ප්‍රධාන සම්පත් මූලයන් කරා මග පෙන්වනු ලැබීම අතින් මහලු වැඩිහිටි පිරිමි අලිඇතුන්ට දශක ගණනාවක් පුරා ලබන ලද ඉතා ප්‍රයෝජනවත් අත්දැකීම් සම්භාරයක් තියෙනව. අපේ අධ්‍යයනය සියලු පිරිමි අලිඇතුන් දෙසට වැඩි වශයෙන් යොමුවූ හැඩක් තියෙනව," කොනී ඇලන් පවසන්නීය.

    "බාල වයසේ, යොවුන් වියට පත්ව සිටින මෑතදී ස්වාධීන වූ පිරිමි හස්තීන් ඉහළ මට්ටමේ සමාජමය සහ පරිසර දැනුම සැලකිල්ලට ගනිමින් එම වෘද්ධ පරපුර අනුව කටයුතු කරනවා."

    "එවැනි වැඩිහිටි සමාජයක් මරා ඉවත්කරනු ලැබීම පිරිමි අලි සමාජය කෙරෙහි විනාශකාරී ප්‍රතිවිපාක අත්කර දීමට හේතුවෙන්න පුළුවන්. එවැනි ක්‍රියාවක් දීර්ඝායුෂ විඳින මෙම සත්ත්ව වර්ගයාගේ දැනුම පරපුරෙන් පරපුරට දායාදවීම අඩාල කෙරෙන ප්‍රධාන අපරාධයක් වෙන්න පුළුවන්," කොනී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.




    රංචුව තුළ සිය පවුලෙන් නිදහස ලැබීමෙන් අනතුරුව පිරිමි හස්තීන් වැඩිවශයෙන් හුදෙකලා සතුන් ලෙස කල්ගත කරන බවට දිගුකලක පටන් විශ්වාසයක් පැවතිණි. එහෙත් අලි සමාජයේ ගැහැණු සතුන් මෙන්ම පිරිමි සතුන් ද සමාජමය ජීවිතයක් ගෙවන බවට බොහෝ සාක්ෂි ලැබෙමින් ඇත.


    _114247848_541fef5b-cee8-442c-bfbb-48b1b26f427f.jpg

    බොටෙටි(Boteti) ගංගාව ඔස්සේ සැරිසරන පිරිමි අලි සමාජයේ රංචුවක්


    විශාල දුරක් සැරිසරන, ඒ නිසාම ඇසට හසුකර ගැනීම දුෂ්කර වන හෙයින් පිරිමි අලිඇතුන් හැදෑරීම අසීරු කාර්යයකි.
    "ආහාර සහ ජලය ඇත්තේ කවර ස්ථානවලද, කවර කාලවලද? වැනි කරුණු ඇතුළත් පරිසර දැනුම අන්තර්ගත කෝෂ්ටාගාර ලෙස කටයුතු කිරීම අතින් වැඩිහිටි පිරිමි අලි පරපුර හැදී වැඩෙන අලුත් පිරිමි පරපුරේ පැවැත්ම සඳහා බලවත් ආධාරකයක් වන," බව නව අධ්‍යයනයේ දී ඉස්මතුව පෙනීගිය බව 'එක්ස්ටර්' (Exeter) සරසවියේ මහාචාර්ය ඩරන් ක්‍රොෆ්ට් (Prof Darren Croft) පවසයි.

    "දඩයම සහ අනවසරයෙන් මරා දැමීම යුක්ති සහගත කිරීම මගින් වෘද්ධ පිරිමි හස්තීන් ඉවත්කරනු ලැබීමේ ප්‍රතිවිපාක ඉහත අධ්‍යයනයේ දී හෙළි වූ කරුණු මගින් පෙන්නුම් කෙරෙනවා. ඒ සමඟම, එමගින් මහලු වයසේ පිරිමි අලි පරපුර රැකගැනීමේ අවශ්‍යතාව පෙන්නුම් කෙරෙනවා," මහාචාර්යවරයා කියා සිටියි.




    උතුරු බොට්ස්වානාහි 275 කට අධික අලිඇතුන් සංඛ්‍යාවක් හිටිඅඩියේ මරණයට පත්වීම මේ වසර මුලදී ප්‍රධාන සිරස්තලයක් බවට පත්විය.
    අලිඇතුන් එතරම් විශාල ගණනක් එකවර මරණයට පත්වීමට ස්වාභාවික විෂක් ද ඇතුළුව කරුණු ගණනාවක් හේතුවූ බව අවිනිශ්චිත මට්ටමින් සඳහන් කරනු ලැබ ඇත.

    ඒ අතරම, අසල්වැසි මොසැම්බික්හි විස්සකට අධික අලි මරණ වාර්තා විය. එම මරණවලට හේතුව බැක්ටීරියා ආසාදනයක් හෝ ආහාර සහ ජලය සොයා දීර්ඝ දුරක් අවිදයාම නිසා ලද වෙහෙස වියහැකි බවට සැකයක් පවතී.
    බොට්ස්වානා සහ මොසැම්බික් යන රටවල් දෙකෙන් වාර්තා වූ එම අලි මරණ රැසට අනවසර දඩයම හේතු නොවූ බව තීන්දු කර ඇත.



    (බීබීසී පරිසර වාර්තාකාරීනී හෙලන් බ්‍රිග්ස් සකස් කළ වාර්තාවක් ඇසුරිණි)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් මාස 6,7කට කලින් යාල කැළෙන් අලි/ඇත්තු සෙට්1ක් ගිහින් උඩවලවෙන් ඇතින්නියක් කැන්දන්/හදපානේ පන්නන් ඇවිත් යාලට...ගෙනල්ල සතියයි මෙන්න උඩවලවෙන් දඩ සෙට්1ක් ඇවිත් බුත්තල පැත්තෙ මහ යුද්ධෙ.. එහෙ ගම් වල මිනිස්සු ගිහින් බලන්න... අන්තිමේ උඩවලවෙන් ආපු උන් ටික උන්ගෙ ඇතින්නිත් අරගෙනමයි ගිහින් තියෙන්නේ... මරු සෙල්ලම් තියෙන්නේ බං.. අපි ඒ සමාජෙට එඹිල බලන් නෑනේ ඒක නිසා අපි දන් නෑ අපට තේරෙන් න වෙන දේවල්...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    දැන් මාස 6,7කට කලින් යාල කැළෙන් අලි/ඇත්තු සෙට්1ක් ගිහින් උඩවලවෙන් ඇතින්නියක් කැන්දන්/හදපානේ පන්නන් ඇවිත් යාලට...ගෙනල්ල සතියයි මෙන්න උඩවලවෙන් දඩ සෙට්1ක් ඇවිත් බුත්තල පැත්තෙ මහ යුද්ධෙ.. එහෙ ගම් වල මිනිස්සු ගිහින් බලන්න... අන්තිමේ උඩවලවෙන් ආපු උන් ටික උන්ගෙ ඇතින්නිත් අරගෙනමයි ගිහින් තියෙන්නේ... මරු සෙල්ලම් තියෙන්නේ බං.. අපි ඒ සමාජෙට එඹිල බලන් නෑනේ ඒක නිසා අපි දන් නෑ අපට තේරෙන් න වෙන දේවල්...
    ඇතින්නට අතවරයක් වෙලා නැලුද යාල සෙට් එකෙන්