අලිගැට පේර කෑමෙන් තෘප්තිය වැඩිවේ

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
අලිගැට පේර කෑමෙන් තෘප්තිය වැඩිවේ

දිවා කාලයේ දී අලි ගැට පේර ආහාරයට එක්කැර ගැනීමෙන් අමතර ආහාර ගැනීමේ අවශ්‍යතාව මගහැරී යන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත. අලිගැට පේර ගෙඩියක භාගයක් කෑමෙන් ආහාරයේ තෘප්තිය වැඩිවන බවත් පර්යේෂකයෝ කියති. නැවුම් අලිගැට පේරවලින් ආහාරයට සිදුවන බලපෑම ගැන මේ පර්යේෂණයෙන් සොයා බලා ඇත.

පර්යේෂණය සදහා අධික ස්ථුලතා‍වයෙන් පසුවන නිරෝගී වැඩිහිටියන් 26ක් සහභාගී කරගෙන ඇත. අලිපේර භාගයක් කෑමට එක්කැරගත් අයගෙන් සියයට 40ක් එම ආහාරයෙන් පසු ඊළග පැය තුනේ දී කිසිදු ආහාරයක් ගැනීමට අවශ්‍ය බවක් පෙන්වා නැත. ආහාරයේ තෘප්තිමත් බව පැය තුනක් යනතුරු පවතින බව ද පෙනීගොස් ඇත.

කැලිෆෝනියා හි ලොමා ලින්ඩා විශ්වවිද්‍යාලයේ පෝෂණවේදී ආචාර්ය ජෝන් සැබටේ පවසන්නේ ආහාරයේ තෘප්තිමත් බව ස්ථුලතාව අඩුකිරීමේ වැදගත් ම සාධකයක් බවයි. ඊට හේතුව නම් ආහාරවේලක් සම්බන්ධයෙන් තෘප්තිමත් බවින් යුත් මිනිසුන් එම ආහාර වේලෙන් පසු සුළු ආහාර ගැන තැකීමක් නොකිරීමයි.

අලිපේර ආහාරයට එක්කර ගැනීම හේතුවෙන් එම පුද්ගලයන්ගේ කැලරි පුමාණය සහ පිෂ්ඨධාතු ප්‍රමාණය ඉහළ ගියත් රැධිර ගත සීනි ප්‍රමාණය ඉහළ නොගිය බව නිරික්ෂණය කර ඇත. මෙ මගින් පිලිබිඹු වන්නේ අලිපේර මගින් රැධිරගත සීනි ප්‍රමාණය පාලනය කිරීමක් ද යන්න ගැන සොයා බලන බව ද පර්යේෂකයෝ කියති. ආචර්ය සැබටේ මහත්මියගේ අදහස වන්නේ මෙය ධනාත්මක ප්‍රතිඵලයක් වුවත් අවසන් තීරණයක් ගැනීමට තවමත් ඉක්මන් වැඩි බවයි.

නැවුම් අලිපේර භාගයක් තුළ කැලරි 150 ක ශක්තියක් ඇති බව පැවසේ. කෙදිති සහිත අලිගැට පෙර් වඩාත් සුදුසු මේද අම්ල සහිත ආහාරයක් ද වේ.



 
  • Like
Reactions: IDG

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අලිපේර භාගයක් කෑමට එක්කැරගත් අයගෙන් සියයට 40ක් එම ආහාරයෙන් පසු ඊළග පැය තුනේ දී කිසිදු ආහාරයක් ගැනීමට අවශ්‍ය බවක් පෙන්වා නැත

    ai yako paya 3n 3ta kanne kawda :rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අලිපේර භාගයක් කෑමට එක්කැරගත් අයගෙන් සියයට 40ක් එම ආහාරයෙන් පසු ඊළග පැය තුනේ දී කිසිදු ආහාරයක් ගැනීමට අවශ්‍ය බවක් පෙන්වා නැත

    ai yako paya 3n 3ta kanne kawda :rofl:
    පුසෝ ඤාව් ඤාව් :P