අලිදූපත

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මුම්බායි නුවර අලි දූපත

    ඉන්දියාවේ ඓතිහාසික හා සුන්දර ස්ථානයන් පිලිබදව තොරතුරු ගෙනෙන ලංකාදීප එසැණ පසුගියදා එලිපන්ටා ගුහා (ගාරාපූර් ගුහා) දුපතට ගියේය.
    එහි බෞද්ධ හා හින්දු ගුහා ඇත. හින්දු ගුහා පහකි. බෞද්ධ ගුහා තුනකි.
    මහාරාස්ට්‍රයේ මුම්බායි නුවර වෙරළ අද්දර ඇති ගේට් ඔෆ් ඉන්දියා හා 2008 වර්ෂයේදී ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ ටාජ් හෝටලය අසලින් බෝට්ටුවට නැගුණු අපි දුපත කරා පිටත්විමු. දූපතේ ගම් තුනකි. ප්‍රමාණය වර්ගකිලෝමීටර් 16කි. පෘතුග්‍රිසීහූ මුලින්ම මේ දූපත සොයා ගත්හ.
    පැයක බෝට්ටු ගමනකින් පසු අපි එලිපන්ට් ටකෙව් දුපතට ළගා වීමු. මුම්බායි නුවර ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලයේ විසා භාර නිලධාරි වීරසේන හා ඉන්දියා අර්නෙග් කර්මාන්ත සමාගමේ අලෙවි කළමනාකරු විනෝද් ශර්මා ද මහත්වරුද ගමනට එක් වූහ.
    දුපතට ගොඩබැස්ස අපට එකවර සිහිවුයේ බුදුන් වැඩි නාගදිපයයි. දුපත පහළ සිට මීටර් 300ක් පමණ ඉහළට ගියපසු ඓතිහාසික ශිව දේවාලයකි. සංචාරකයින් අතරින් අපි ගමන ඇරඹුවෙමු.
    මග දෙපස කුඩා වෙළද සල්ය. මීටර් 300ක් ඉහළට නැගීමට අපහසු අය සදහා උදව් කරුවෝය.ලි දෙකක් මැද සවිකළ පුටුවක ඉදගත් පසු හතර දෙනෙක් ඔහු ඔසවාගෙන යති. එය ලංකාවේ පැරැණි දෝලාව සිහිපත් කරයි.
    ඒ සදහා ඉන්දියා රුපියල් 350ක් ගෙවිය යුතුය. ඇතැම් යුරෝපිය හා ජපන් ජාතිකයින් විනෝදය සදහාද පුටුවෙන් උඩට යති. විශාල ගල් කුහර වල නෙළා ඇති ඇතැම් ශිව ප්‍රතිමා කැඩි ගොස් ඇත.
    ලෝක උරුමයක් වන එලිපන්ට් ටකෙව් දුපතේ ඉපැරණි ශිව ප්‍රතිමා ගැන විනෝද් ශර්මා මෙසේ කීය. මේ ප්‍රතිමා වසර දහස් ගණනක් පැරණියි. ආගමික කැරලි වලදී මේවා විනාශ වෙලා ගිහින්. නමුත් යුනෙස්කෝ සංවිධානය මේවා රැකගන්න ලොකු වෙහෙසක් ගන්නවා.ඒ ගැන සතුටුයි.


    IMG_7025.jpg


    IMG_7060.jpg


    IMG_7061.jpg


    IMG_7062.jpg


    Elephanta-Caves9.jpg


    images4.jpg


    imagesa.jpg


    index3.jpg


    IMG_7026.jpg


    IMG_7030.jpg


    IMG_7040.jpg


    IMG_7041.jpg


    IMG_7054.jpg