අද මගේ ත්‍රෙඩ් එකෙන් කියන්න යන්නේ අපේ උතුරු පලාතේ තවත් බොහෝම වැදගත් ඒ වගේම දිගු ඉතිහාසයක් තියන තැනක් පිළිබඳව. ඒ තමයි අලිමංකඩ.
උතුරු පලාතේ පිහිටා ඇති මේ නගරය යාපනය අර්ධද්විපයට ඇති ඇතුල්වීමේ දොරටුව කිවොත් මම නිවැරදී. ඒ වගේම අතීතයේ පැවති විශාලම ලුණුලේවාය පිහිටා තිබුනේත් අලිමංකඩයි.
ඈත අතීතයේ සිටම අලිමංකඩ යුධමය වශයෙන් බොහෝම වැදගත් වූ කපොල්ලක් කියන්න පුලුවන්. ඉතිහාසය ගත්තොත් 1760 වගේ කාලයේ ඉඳලා මෙතන හමුදා කඳවුරු තිබිලා තියනවා. 1760 කාලයේ පෘතුගිසි ජාතිකයින් විසින් මෙහි කොටුවක් ඉදිකර තියෙනවා. එය නැවත්ත 1796 ලන්දේසීන් විසින් නැවත ඉදිකර තියෙනවා. එය නැවතති ඉංග්‍රීසීන් විසින් භාවිතයට ගෙන තියනවා. අවසානයේ 1952 වසරේ තමයි ශ්‍රී ලංකා යුධහමුදාව විසින් කඳවුරක් ඉදිකර තිබෙන්නේ. ඒ කදවුර කි.මී. 23ක් දුරට ඉදිවෙලා තියෙනවා.
කොටි ත්රස්තයන් හා අපේ වීරෝධාර රණවිරුවන් අතරේ අලිමංකඩ සිදුවූ පළමු ගැටුම සිදුවෙලා තියෙන්නේ 1991 වසරේ. ඒ ගැටුමින් කොටි ත්රස්තයන්ට බරපතල හානි සිදුවෙලා තියෙනවා. යාල්දේවි මෙහෙයුම, සත්ජය මෙහෙයුම වගේ මෙහෙයුම් කිහිපයකට අලිමංකඩ ප්‍රධාන වෙලා තියෙනවා. යුධ හමුදා ඉතිහාසයේ බරපතලම පරාජය ලෙස 2000 වසරේ අප්‍රේල් 22 අපේ වීරෝධාර හමුදා සෙබලුන්ට අලිමංකඩ අහිමි උනා. ඒ අවස්ථාවේ අලිමංකඩ රැකගැනීමට තම ජීවිතය පූජාකළ සෙබලුන් අපි බොහෝම ගෞරවයෙන් සිහිපත් කළ යුතුවෙනවා.
අලිමංකඩ ගැන කියනකොටම ඕනෑම කෙනෙකුට එක වරම සිහිපත් වෙන්නේ හසලක ගාමිනී විරුවා.
1991 වසරේ ජූලි 10 වෙනිදා දරුණු සටන් ඇවිලෙමින් තිබුනු අලිමංකඩ බේරාගැනීමට කොටි බුල්ඩෝසරයට පැන්න මේ වීරයා අපේ සිංහල නියම කොල්ලෙක්. ඔහුට එලකිරි අපි හැමෝගේම ආචාරය හිස නමා ඔහුට පුදකළයුතු වෙනවා.
මේ ස්ථානයේ මේ බුල්ඩෝසරය අදටත් ඒ ලෙසම පවතිනවා.
කෙසේ හෝ අවසානයේ අපේ වීරෝධාර රණවිරුවන් 2009 වසරේ ජනවාරි 9 වෙනිදා නැවතත් අලිමංකඩ අත්පත් කරගත්තා. ඒ අල්ලා ගැනීමත් සමගම A9 මාර්ගයේ සම්පූර්ණ බලය අපේ හමුදාව සතු වූවා. අලිමංකඩ පිහිටීම බොහෝම අපූරුයි. අපි පොඩිකාලේ ලංකාවේ බෙල්ල වගේ කියලා අපේ වැඩිහිටියෝ අලිමංකඩ ගැන කියලා දුන්නා මට මතකයි. යාපනේ පැත්තේ යන්න ඉන්නවා නම් පොඩ්ඩක් ගමන් රථයෙන් බැහැලා පැරණි ඉතිහාසයක් තියන මේ යුධබිම බලන්න අමතක කරන්න එපා.
අලිමංකඩ පේන්නේ මෙන්න මෙහෙමයි. බොහෝම අපූරු දසුනක්.
අලිමංකඩ තල්
යාපන අර්ධ්ද්වීපයට ඇතුල් වීම
හමුදා කඳවුරු.
මේ තියෙන්නේ මම කැමතිම තැන. අලිමංකඩ දුම්රිය ස්ථානය අතීතයේ පිහිටියේ මෙන්න මෙතනයි.
උතුරු මාර්ගයේ දුම්රිය ස්ථාන ගැන ඔයාලාට දැන ගන්න ඕනා නම් මගේ වැඩි විස්තර මෙන්න මෙතනින් බලා ගන්න පුලුවන්.

Click Here
Please Put A Comment And Leave.
Thanks Guys!

thnx 4 sharing