අලියට ඡන්දේ දාන උන් සිරසට ආවම

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    160897965_267812434803706_7830818886563758033_n.jpg




    Chamara Herath

    tSpc8onslohured ·
    සිංහරාජයේ ප්‍රධාන අලි මංකඩ ව්‍යාපාරිකයනට වනසන්නට ඉඩ දීමට තරම් දේශපාලන බලපුලුවන්කාරයන් මේවාට අනිවාර්යයෙන්ම සම්ඹන්ද වී තිබිය යුතුය.
    ඉහලම පුටුවල උන්ට කුට්ටිය හා ඉදිවන හෝටල් එල අයිතිය තිබිය යුතුව ඇත, නැතිනම් වගකිවයුතු නිලදාරින් මේවා වලක්වනු ඇත.
    අවංක නිලදරුවන්ගේ කොදු නාරටි සිද දමා...උබලා අපි පත්කරන දේශපාලකයින් නිර්ලජ්ජිතව අපේ අනාගත දරු පරපුරට උරුම සම්පත් විනාශ කර දමමින් සිටියි.
    අපට ඉතිරිව ඇති එකම සම්පත වන පරිසර සම්පතවත් රැකගැනීමට පෙල ගැසෙමු, නැතිනම් අප රටේ අනාගතයේ උපදින දරුවන්, කුසට අහරක්, බොන්නට දිය බිදක්, හිසට සිසිල් සෙවනක් නැතිව, සාපිපාසාවෙන් මන්දපෝෂණයෙන් මිය යනු ඇත.
    එවැනි දිනක මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන්ට ලැබෙන ලෝක ආධාර වලිනුත් අද මෙන්ම දේශපාලකයින් ගසා කනු ඇත.
    ශ්‍රී ලාංකීය වන සම්පතේ ලෝක උරුම වනාතරයක අවසන් අලි දෙදෙනාගේත් ජීවිත අනතුරේ... අපි එය රැක ගනිමු.
    💐






    158292481_3819801644747646_4569255600276860714_n.jpg



    158208219_3819801691414308_198572019237010775_n.jpg



    159788925_3819801821414295_3340494369509308386_n.jpg



    159384462_3819802024747608_781146541588939834_n.jpg


    160220541_3819802154747595_4149641164878514950_n.jpg
     
    • Like
    Reactions: hodakolla

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනේ මන්ද ඉතිං

    දැක්ක
    මාත් උස්සගෙන ඇවිල්ල දැම්ම :P
    කොහොමත් ඉතින් ඕවා බොරු නම් ආණ්ඩුවෙන් ක්‍රියාමාර්ග ගන්න එපෑ බන්. එහෙම වෙන පාටකුත් නෑනේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    කොහොමත් ඉතින් ඕවා බොරු නම් ආණ්ඩුවෙන් ක්‍රියාමාර්ග ගන්න එපෑ බන්. එහෙම වෙන පාටකුත් නෑනේ
    කෙල්ලට විරුද්දව නම්⁣ ගේමක් දායි මොනා නැතත්.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    සිංහරාජ අඩවියේ විශාල වනාන්තර ප‍්‍රමාණයක් රක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දී තිබිය දී මේ ආකාරයෙන් ඒ වටා පිහිටි වනාන්තර එළි කිරීම, තේ වගාව ව්‍යාප්ත කිරීම හා හෝටල් ඉදි කිරීම ව්‍යාපාරික බලය හා දේශපාලන බලය භාවිත කරමින් සිදු කරමින් පවතී.
    මෙම වනාන්තර ඉඩම් සිංහරාජයට සම්බන්ධ කිරීමේ සැලැසුම් ක්‍රියාත්මක වන අතරතුර එම කටයුතු වැළැක්වීම සඳහා කඩිනමින් මෙම වනාන්තර එළිපෙහෙළි කර තේ වගාව ව්‍යාප්ත කර සංවර්ධනය කර ඇති බවට සනාථ කර ඉඩම් අයිතිය ලබා ගැනීමට සූදානම් වේ.
    සුවිශේෂී වනාන්තර සිංහරාජයට අහිමි කිරීම
    "ගම සමඟ පිළිසදරක්" වැඩසටහන මගින් අතිගරු ජනාධිපතිතුමන් විසින් රක්ෂිත වනාන්තරවල වගා බිම් ව්‍යාප්ත කිරීමට අනුබල ලබා දීම හා රක්ෂිත වල මායිම් සංශෝධනය කර නීති විරෝධී හා අනවසර වගා බිම් පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙසට නිලධාරීන්ට නියෝග නිකුත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙවන් තත්ත්වයන් සිංහරාජය වටා වර්ධනය වෙමින් පවතී. එපමණක් නොව 2004 වසරේ දී ජනාධිපති කාර්යය සාධක බලකාය විසින් රටේ අනාගතය ගැන සිතා සැකසූ ඉතා හොද තීරණ ක්‍රියාත්මක නොවීම ද මෙම වන විනාශයන්ට ප‍්‍රධාන හේතුව වී ඇත. එම සැලසුමට අනුව 2004 ජූලි 22 වන දින අංක PS/CS/26/2004 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ඉල්ලා සිටියේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප‍්‍රමාණය ඇතුළත පිහිටි සියලු ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (tA) වගන්ති ප‍්‍රකාරව පසුව වන්දි ගෙවීමේ පදනම මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට නිර්දෙශ ලබා දෙන ලෙස ය. ඒ සඳහා නිර්දේශ ලැබුණ මුත් ඊට අදාළ ලිපි ගොණු පරිසර අමාත්‍යංශයේ පරිසර කළමනාකරණ අංශයේ වසර ගණනාවක කාලයක් තිස්සේ ගොඩ ගසා තිබෙන නමුත් ලියකියවිලි හුවමාරුවට පමණක් මේ ක්‍රියාවලිය සීමා වී ඇත. අද දක්වා ම එම වනාන්තර සිංහරාජ වන රක්ෂිතයට ඇතුළත් කිරීමට නොහැකි වීම නිසා මෙම වනාන්තර දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් එක් ව ව්‍යාජ ඔප්පු සකස් කර රටට අහිමි කරමින් පවතී.
    වර්ෂ 2010 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව සමස්ත තෙත් කලාපීය ස්වාභාවික වනාන්තර ආවරණය සියයට 3 ක් බව හඳුනාගෙන තිබේ. මේ තත්ත්වය තුළ රක්ෂිත ආශ්‍රිත ව පිහිටන තෙත් වනාන්තර මේ ආකාරයෙන් විනාශ කිරීමෙන් තෙත් කලාපය දැවැන්ත පාරිසරික බිඳ වැටීමකට ඉදිරි කාලය තුළ දී මුහුණ දීමට සිදු වනු ඇත. මේ තත්ත්වය වැළැක්වීම සඳහා තෙත් කලාපයේ සියලූ වනාන්තර රක්ෂිත බවට පත් කිරීම මෙන් ම එම වනාන්තර ජාල ගත කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු ව ඇත.
    සිංහරාජ රක්ෂිතයට අලූතින් වනාන්තර එක් කිරීම
    සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටන රක්ෂිත නොවන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හෙක්ටයාර 2508.4 ක නැතහොත් අක්කර 6200 ක නොයිඳුල් වනාන්තර විශාල ප‍්‍රමාණයක් 2004 වසරේ කැබිනට් අනුමැතියට අනුව සිංහරාජයට අළුතින් එක් කිරීමට නියමිත ව තිබේ.
    එම වනාන්තර රත්නපුර දිස්ති‍්‍රක්කයට අයත් මුරකැළේ වත්ත (50.4 ha), ෆැබ් වත්ත (181.3 ha), ඉළුබකන්ද වත්ත (567 ha), මෝර්නිග්සයිඞ් වත්ත (55.4 ha), කැන්ටර් වත්ත (130 ha), ගේස් වත්ත (137.5 ha), ගොන්හෙළ වත්ත (137.9 ha), ඇබරොස් වත්ත (35.4 ha), බැක්වෙයා වත්ත (109.9 ha), කෝදුරුගල වත්ත (99ha) හා දඹහේන වත්ත (8.6 ha), මාතර දිස්ත‍්‍රික්කයට අයත් එන්සල් වත්ත (436 ha), කුරුගල වත්ත (188 ha), බෙවර්ලි වත්ත (28 ha) හා හේමගිරි වත්ත (40 ha), ගාල්ල දිස්ත‍්‍රික්කයට අයත් හෝමදොළ වත්ත (304 ha) යන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් වතු සමාගම් වලට ලබා දුන් ඉඩම් වල පිහිටා තිබේ. අද වන විට මෙම ඉඩම් පවරා ගැනීමට නිර්දේශ ලබා දී වසර 16 ක් ගත වී ඇතත් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු අවසන් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත. එය පමා වන සෑම මොහොතක ම විශාල වැසි වනාන්තර ප‍්‍රමාණයක් එළි පෙහෙළි කරමින් තේ හා එනසාල් වගා බිම් ව්‍යාප්ත කිරීම සහ හෝටල් ඇතුළු ඉදි කිරීම සිදු කරනු ලැබේ.
    සිංහරාජයේ ජෛව විවිධත්වය
    ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප‍්‍රමාණයෙන් සියයට 0.17 ක් පමණ ආවරණය වන සිංහරාජ අඩවියේ මෙරට ගොඩබිම් පරිසරවල ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් සියයට 38 ක් වාර්තා වේ. ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතරින් සියයට 37 ක් හා මෙරටට ආවේණික ශාක විශේෂ වලින් සියයට 53 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වෙයි. එම සියලූ ම විශේෂ වාර්තා වන්නේ දැනට සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය ලෙස හා සිංහරාජ වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති සීමාවේ පමණක් නොවේ. බොහෝ ස්ථානීය ආවේණික විශේෂ සිංහරාජ රක්ෂිත භූමි වලින් පිටත පිහිටි රක්ෂිත නොවන වනාන්තර ප‍්‍රදේශ වලින් වාර්තා වේ. මේ නිසා සමස්ත සිංහරාජ අඩවිය ම ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
    මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික ජීවී විශේෂ 40 ක් මේ වන විට පර්යේෂකයින් විසින් සොයා ගෙන ඇත. ඉන් විශේෂ 15 ක් සපුෂ්ප ශාක වන අතර ඉතිරි විශේෂ 25 සත්ත්ව විශේෂ වේ. මේ අතර උරග විශේෂ 11 ක්, උභයජීවී විශේෂ 9 ක්, මිරිදිය කකුළුවන් විශේෂ 3 ක්, මකුලූවන් හා ක්ෂීරපායීන් විශේෂ එක බැගින් වේ.
    ශ්‍රී ලංකාවට වැඩි ම වර්ෂාපතනයක් හිමි වන නිරිතදිග මෝසම් සුළං මගින් ගෙන එන වළාකුළුවල ජලය වර්ෂාව ලෙස ලබා ගැනීම හා එම වර්ෂා ජලය භූගත කිරීමේ යාන්ත‍්‍රනය ශක්තිමත් ව ක්‍රියාත්මක කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන සිංහරාජ අඩවිය ඒ අවට ජනතාවගේ ජල අවශ්‍යතාවන් හා පහතරට සුළු පරිමාණ තේ වගාවට අවශ්‍ය ජලය ප‍්‍රමාණවත් ව ලබා ගැනීමට මනා දායකත්වයක් සපයයි.
    ලංකාවේ ප‍්‍රධාන ගංගාවක් වන කළු ගෙඟ් හා ගිං ගෙඟ් ප‍්‍රධාන ජල පෝෂක අතු ගංගා ජලයෙන් පෝෂණය කරන සිංහරාජ අඩවිය මේ ගංගා ද්‍රෝණිවල ජීවත් වන ජනතාවට අවශ්‍ය පානීය හා දෛනික ජල අවශ්‍යතාවන් ප‍්‍රමාණාත්මක ව හා ගුණාත්මක ව ලබා දේ.
    සිංහරාජ අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. නිවර්තන තෙත් සදාහරිත වනාන්තර වැස්මක් සහිත මේ ප‍්‍රදේශයේ හොර ශාක ප‍්‍රජාව, නා-දුන් ප‍්‍රජාව සහ මිල්ල-දියපර-හෙදවක-වැලිපැන්න ප‍්‍රජාව වශයෙන් සුවිශේෂී ශාක ප‍්‍රජා ත‍්‍රිත්වයක් පවතී. මීට අමතර ව සිංහරාජ අඩවියට අයත් නමුත්, රක්ෂිත ප‍්‍රදේශයට ඇතුළත් ව නොමැති සිංහරාජවත්ත හා එන්සල්වත්ත ලෙස හඳුන්වන වතු සමාගම් දෙකට අයත් නොයිඳුල් තෙත් සදාහරිත විශාල වනාන්තර ප‍්‍රදේශයේ ලංකාවට ආවේණික ශාක විශේෂ දෙකක් වන රත්දුන් (Shorea gardneri) හා යකහලූ දුන් (Shorea trapezifolla) යන ශාක විශේෂ දෙකෙන් සමන්විත සුවිශේෂී ශාක ප‍්‍රජාවක් දැක ගත හැකි ය. මේ අනාරක්ෂිත ශාක ප‍්‍රජාව වත්මන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සැබෑ ස්වරූපය මනා ව විද්‍යමාන කරන කැටපතක් බඳු ය. මේ අනාරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ දිනෙන් දින එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කැරේ. එකී වනාන්තර පවරා ගැනීමට සැලැසුම් සකස් වන විට මේ සියල්ල වැනැසී ගොස් අවසාන වීමට ඉඩ ඇත.
    ලංකාවට ආවේණික සපුෂ්ප ශාක විශේෂ 926 අතුරෙන් විශේෂ 495 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. ලංකාවට ආවේණික ශාක ගණ 25 අතුරෙන් 13 ක් ම සිංහරාජ අඩවියෙන් වාර්තා වන අතර, මුළු ලොවින් ම සිංහරාජ අඩවියේ පමණක් දැක ගත හැකි ශාක විශේෂ 15 ක් පමණ වෙයි. දැවමය ශාක විශේෂ 340 ක් පමණ සිංහරාජ අඩවියෙන් හඳුනාගෙන ඇති අතර, ඉන් විශේෂ 192 ක් පමණ ලංකාවට ආවේණික වේ.
     
    • Like
    Reactions: hodakolla

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දැනට ඇති වාර්තාවලට අනුව සිංහරාජ අඩවියේ මීවන හෙවත් පර්ණාංග ශාක විශේෂ 42 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 10 ක් පමණ ලංකාවට ආවේණික වෙයි. පාත‍්‍රා කොකු (Cyathea crinita), ගිනි හොට (Cyathea spp), වල් මැඩ (Angiopteris evecta), බරු කොකු (Blechnum orientale), කුරුලූ කූඩු මීවන (Asplenium nidus), මහ හැඩයා (Huperzia phlegmaria) වැනි මීවන ශාක අති බහුතරයක් සිංහරාජ අඩවියේ වාර්තා වේ. ලංකාවේ කුඩා ම මීවන ශාකය වන අපිශාකීය Microgonium motleyi ශාකය ද සිංහරාජයේ දැකගත හැකි වේ.
    ලංකාවේ වාර්තා වන උඩවැඩියා ශාක විශේෂ 173 අතුරෙන් 80 කට වැඩි ප‍්‍රමාණයක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. වනරාජ (Anoectochilus setaceus), ඉරුරාජ (Zeuxine regia), මහාපද්ම (Podochilus malabaricus), කුඩාපද්ම (Podochilus saxatilis), ජටාමකුට (Flickingeria macraei), වෙසක් මල් (Dendrobium maccarthiae) ඇතුළු ආවේණික හා ඉතා දුර්ලභ උඩවැඩියා විශේෂ රාශියක් සිංහරාජ අඩවියේ දැකගත හැකි ය.
    ලංකාවේ වාර්තා වන වේවැල් ශාක විශේෂ දහය අතුරෙන් නවයක් ම සිංහරාජ අඩවියෙන් හමු වේ. වඳවීමේ තර්ජනයට දැඩි ලෙස පාත‍්‍ර වූ ලංකාවට ආවේණික කුකුළුවැල් (Calamus pachystemonus) ශාකයේ සිට ලංකාවට ආවේණික තම්බොටුවැල් (Calamus zeylanicus), තුඩරෑන (Calamus ovoideus), නරවැල් (Calamus delicatulus), මා වේවැල් (Calamus thwaitesii) වැනි දුර්ලභ වේවැල් විශේෂ සිංහරාජයෙන් වාර්තා වේ.
    සිංහරාජයේ දියපහරවල ලංකාවට ආවේණික ඉතා දුර්ලභ අති උඩයන් විශේෂ පහක්, කෙටල විශේෂ තුනක් වෙයි. ලංකාවට ආවේණික දුර්ලභ කෙකටිය ශාක විශේෂයක් වන Aponogeton rigidifolius, ලංකාවට ආවේණික දුර්ලභ කෙටල ශාක විශේෂ වන Lagenandra praetermissa, Lagenandra lancifolia, Lagenandra koenigii, Lagenandra thwaitesii, Lagenandra bogneri ශාක ද මෙහි වෙයි. මීට අමතර ව ලංකාවට ආවේණික දුර්ලභ අති උඩයන් විශේෂ වන Cryptocoryne beckettii, Cryptocoryne thwaitesii, Cryptocoryne bogneri දියපහරවල දැකගත හැකි වේ. මේ දැනට සිංහරාජ අඩවියෙන් හඳුනාගත් අති විශාල ශාක විවිධත්වයෙන් ස්වල්පයක් පමණි.
    සිංහරාජයේ සත්ත්ව විවිධත්වය ද මීට නොදෙවැනි තත්ත්වයක පවතී. මත්ස්‍යයන්, උභයජිවීන්, උරගයන්, පක්ෂීන්, ක්ෂීරපායීන් හා සමනළුන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් සත්ත්ව විශේෂ 455 ක් සිංහරාජයේ වාර්තා වන අතර, ඉන් විශේෂ 144 ක් නැතහොත් 32% ක් ලංකාවට ආවේණික වෙයි.
    ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 එක ම කලාපයක දී වාර්තා වන්නේ සිංහරාජ අඩවියේ හා ශ‍්‍රී පාද අඩවියේ පමණි. මෙපමණක් නො ව සිංහරාජයේ වාර්තා වන උභයජීවී විශේෂ අතුරෙන් නවයක් සිංහරාජ අඩවියට ආවේණික වෙයි. උරගයන් අතුරෙන් විශේෂ 11 ක් මුළු ලොවින් ම දැක ගත හැක්කේ සිංහරාජ අඩවියෙන් පමණි. ක්ෂීරපායී සතුන් අතුරෙන් එක් විශේෂයක් (කුණු හික් මීයා - Crocidura hikmiya) හා ලංකාවේ මිරිදිය කකුළුවන් අතුරෙන් විශේෂ තුනක් (Ceylonthelphusa savitriae, Perbrinckia quaratus හා Perbrinckia rosae) සිංහරාජ අඩවියට පමණක් සීමා වී ඇත. මීට අමතරව Onomustus nigricauds නම් මකුළු විශේෂය සිංහරාජ අඩවියට ආවේණික වේ. මේ අනුව දැනට හඳුනාගත් හා පර්යේෂණයන්ට ලක් කර ඇති සත්ත්ව කාණ්ඩ අතුරෙන් විශේෂ 25 ක් මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් සීමා වී තිබීම සිංහරාජ අඩවියේ අද්විතීය වූ ද අමිල වූ ද ජෛවීය වටිනාකම විද්‍යමාන කිරීමට ඇති ප‍්‍රධාන සාක්ෂි අතුරෙන් එකකි.
    සිංහරාජ අඩවියට ආවේණික උභයජීවීන් විශේෂ නවය 2012 රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. එනම් සිංහරාජ පඳුරු මැඬියා (Pseudophilautus simba)" කම්මුලේ පැල්ලමැති පඳුරු මැඬියා (Pseudophilautus procax), පොපී ගේ පඳුරු මැඬියා (Pseudophilautus poppiae), දිවේ ගැටිති පඳුරු මැඬියා (Pseudophilautus papillosus), හඳපාන් ඇල්ල පඳුරු මැඬියා (Pseudophilautus lunatus), රන්වන් ඇස් ඇති පඳුරු මැඬියා (Pseudophilautus ocularis), භූෂණ පඳුරු මැඬියා (Pseudophilautus decoris), කරුණාරත්නගේ මුව පටු මැඩියා (Microhyla karunaratnei) හා එන්සල්වත්ත පඳුරු මැඬියා (Taruga fastigo) ය.
    සිංහරාජ අඩවියට ආවේණික උරග විශේෂ 11 ම වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. ඒ අතුරෙන් පාංශුවාසී සර්ප විශේෂයන් වන දැරණියගල ගේ වල්ගා ඇඹයා (Rhinophis tricoloratus), එරංග විරාජ්ගේ තුඩුල්ලා (Rhinophis erangaviraji), රුක්වාසී සර්ප විශේෂයක් වන සිංහරාජ පදුරු හාල්දණ්ඩා (Dendrelaphis sinharajensis), සිව්පා උරගුන් වන අර්ඩලන් ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni), කරු ගේ අඟ කටුස්සා (Ceratophora karu), මෝර්නින් සයිඞ් සිව්රුවන්ලන කටුස්සා (Calotes dersilvai), මෝර්නින්සයිඞ් මහකැළෑ හූනා (Cyrtodactylus subsolanus), සිහින් මහකැළෑ හූනා (Cyrtodactylus cresenes), ගොඩගෙදරගේ දිවාසැරි හූනා (Cnemaspis godagedarai), අලංකාර දිවාසැරි හූනා (Cnemaspis pulchra), මෙරිල්ගේ සිගිති හිකනලා (Lankascincus merrill) හා සමීරගේ සිගිති හිකනලා (Lanakascincus sameerai) යන විශේෂ වේ. නවතම පර්යේෂණ වාර්තාවකට අනුව මෙතෙක් කලක් සබරගමු කඳුවැටියට ආවේණික විශේෂයක් ලෙස හඳුනාගෙන සිටි රළු අඟ කටුස්සා (Ceratophora aspera) සිංහරාජයට පමණක් ආවේණික විශේෂයක් ලෙසත් සබරගමුව කඳු වැටියේ අනෙක් ප‍්‍රදේශ වලින් වාර්තා වන විශේෂය නව විශේෂයක් ලෙසත් හඳුනාගෙන ඇත. මීට අමතර ව සිංහරාජ අඩවියට ආවේණික Rhinophis ගණයට අයත් පාංශුවාසී තුඩුල්ලන් විශේෂ දෙකක් අලූතින් සොයා ගෙන ඇති අතර මෑතක දීම එම විශේෂ නාමකරණයට ලක් කළ පර්යේෂණ වාර්තාව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත ය.
    මෙරටට ආවේණික මේ සියලූ දුර්ලභ ජීවීන්ගේ හා ජලපෝෂක ප‍්‍රදේශ වල සුරක්ෂිතතාව මෙන්ම සුළු පරිමාණ තේ වගාබිම් වල සුරක්ෂිතතාව උදෙසා මේ සියලූ වනාන්තර සුරක්ෂිත කිරීමට පියවර ගත යුතු ය. සිංහරාජ වන රක්ෂිතය වටා ඉඩම් වලට විශාල වාණිජ වටිනාකමක් ලැබෙමින් පවතින නිසා එම වනාන්තර ඉඩම් රක්ෂිත බවට පත් කර ගැනීමට දැවැන්ත අරගලයක් කිරීමට අපට සිදු වනු ඇත. ඒ සඳහා සියලූ ජනතාවගේ සහයෝගය මේ වන විට අවශ්‍යය.[/CODE]


    හරිත තුරුපත්

    tSp1ocnsoShredS ·
    සිරස ලක්ශපතියට ආ දැරිය දෝෂයට ලක් කරන්නවුන් වෙතයි
    ====================================

    Code:
    සිරස ලක්ශපතියට ආ රක්වානේ භාග්‍යා දැරිය කීවේ ඇත්තය. කැපෙන්නේ වනය ඇතුලේද, පිටතද යන්න අදාල නැත. ගස් කපන්නට රටේ පවතින වන නීතිය යටතේ   බලපත්‍රයක් උවමනාය. ප්‍රවාහනයට බල පත්‍රයක් උවමනාය. වනය සහිත ඉඩම පුද්ගලික වුවද හෙක්ටෙයාර 1 කට වඩා කපන්නේ නම් පරිසර පනත යටතේ පරිසර වාර්තාවක් සකසා අනුමැතිය ගත යුතුය. ඔප්පු තිබීම වනය විනාශ කිරීමට  බලපත්‍රයක් නොවේ.
    
    මම මොරපිටියේය. කලුතර දිස්ත්‍රික්කයේ කොනේය. මොරපිටිය රූනකන්ද මෙන්ම සින්හරාජයද වැඩි ඈතක නොවේ. මට මතක අවුරුදු 50 ක කාලය තුල වනාන්තරය කිලෝ මීටර 5 කට වැඩි ප්‍රමාන‍යකින් ඈතට තල්ලු විය. පිටින් ආ උන්ද කැපූ බව සැබෑය. වැඩිපුර කැපුවේ මායිම් වාසීන්ය අද කොලබ වාසීන්ටද, ක්‍රිකට් ක්‍රීඩකයන්ටද එහි ඉඩම් ඇත. උන්ටද පැරණි ඔප්පු ඇත. වරෙක මොරපිටීයෙන් ගලා යන ගග ඉහත්තාවේද හෝටලයක් තනන්නට ක්‍රිකට් කීඩකයෙක් උත්සාහ දරන බව ආරන්චි විය.
    
    දැරියට ඇගිල්ල දික් කරන්නට අපහාසයෙන් කතා කරන්නට පෙර හොරට ඉඩම් හෙලි පෙහෙලි කල උන් සුද්ධ කරන්නට පෙර ඈ කිවු කාරනය වටහා ගත යුතුය. ඇයට එලෙස ප්‍රකාශ කිරිම තුල ගමෙන් පවා බුරුලක් නොලැබේ යයි දැන දැනම ඇය එම සත්‍යය  ප්‍රසිද්ධ මාධයයක නොපැකිල හෙලි කලේ එය ඇයගේ වගකීම බව  තේරුම් ගෙනය.  ගමෙන් පවා බුරුලක් නොලැබේ යයි දැන දැනම ඇගේ පියා ඇය කැදවාගෙන ආවේය.
    
    නුබලා මෙතෙක් ඒ ගැන නිහඩව සිටියේ බිය නිසා නොවේද? නීතිය ගැන නොදැනුවත් කම නිසා නොවේද, ඒ ගැන උනන්දුවක් නැති කම නිසා නොවේද, පක්ශග්‍රාහිත්වය නිසා නොවේද? තමනුත් මෙම වැරැද්දම යම් හේතුවක් නිසා කරන නිසා නොවේද?
    වසර 30ක්   පරිසර කටයුතු කල මා මේ සියල්ල ඇත්ත බව දනී. ඊයේ දින මුතුරාජවෙල සම්බන්ධ රැස්වීමකදීද මතුවූයේ මේ කරුනය.
    
    සල්ලිකාරයන් සමග හැප්පෙන්නට අපට හැකි වුවත් උන්ට කඩේ යන මෝඩ වන්දිභට්ටයන් සමග හැප්පෙන්නට අපට නොහැක. ඒ සත්‍යය හෝ නීතිය තේරුම් ගැනීම උන්ගේ අවශ්‍යතාවය නොවන බැවිනි.
    
    අපට නිවැරදි වන්නට ඇත්තේ තවත් සුලු කාලසීමාවක් පමනි. පරිසර සම්පත් එක් සීමාවකට වඩා අඩුවූ පසු නැවත ආපසු හරවන්නට නොහැහ. තවත් වසර දහයක් පමන මේ ආකාරයෙන්ම  පැවතුනොත්  අපට නිවැරදි කරගන්නට දෙයක් ඉතුරු නොවනු ඇත.
    කොහොමත් ඉතින් ඕවා බොරු නම් ආණ්ඩුවෙන් ක්‍රියාමාර්ග ගන්න එපෑ බන්. එහෙම වෙන පාටකුත් නෑනේ


    පරිසර විද්‍යාඥ - හේමන්ත විතානගේ.
     
    • Like
    Reactions: hodakolla