අලියා ඉවරයි

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    රනිල් ඇතුළු පක්ෂයේ ජේෂ්ඨයින්ට දැඩි විරෝධය : විධායක සභාව අතරමග නවතී




    එක්සත් ජාතික පක්ෂයේ සියලු වෘත්තීය සමිති නියෝජනය කරන ජාතික විධායක සභා රැස්වීම අතරමග නවතා දමා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ විධායක සභා සාමාජිකයින්ගෙන් පක්ෂ නායකත්වයට දිගින් දිගටම විරෝධතා එල්ලවීමත් සමගයි.
    එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය ඇතුළු සියලුම වෘත්තීය සමිතිවල ජාතික විධායක සභාව අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්විය.

    ඒ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

    පක්ෂයේ මහලේකම් සහ ජාතික සේවක සංගමයේ සභාපති අකිල විරාජ් කාරියවසම්, පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන ජ්‍යෙෂ්ඨයින් රැසක් මේ රැස්වීමට සහභාගිව සිටියා.

    පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පිරිස අමතා කළ කතාව අවසන්වීමත් සමග රැස්ව සිටි පිරිස විරෝධය පළ කරන්නට විය.

    රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස අනතුරුව රැස්වීම අතරමග නවතා එම ස්ථානයෙන් පිටව ගිය අතර විධායක සභා සාමාජිකයින් ද පක්ෂ මූලස්ථානයෙන් පිටව ගියේ දැඩි අප්‍රසාදය හා විරෝධය පළ කරමිනි.

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    මේක කුමන්ත්‍රණයක් මෙහෙම සාමාජිකයෝ අපි ට නෑ.... :lol: :lol: :lol: බිහයින් ද සින්
     

    Similar threads