අලියා තනිව ආන්ඩුවක් පිහිටුවීම ස්ථිරයි..!

Jul 5, 2012
1,773
265
0
අලියා තනිව ආන්ඩුවක් පිහිටුවීම ස්ථිරයි..!

අලියා තනිව ආන්ඩුවක් පිහිටුවීම ස්ථිරයි..! ඡන්ද ප්‍රචාරක අවසන් දින රාත්‍රී ලැබුණු රාජ්‍ය බුද්ධි අංශ, මැතිවරණ දෙපාර්තමේන්තු සහ කැළනිය සරසවි, මැතිවරණ ප්‍රතිඵල පුරෝකථන මෙන්න

Election_Prediction.jpg


2015 පාර්ලිමේන්තු මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු අද (14) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර අද රාත්‍රී වන විට දිවයින පුරා සිටින බුද්ධි අංශ නිලධාරීන් විසින් දෙන ලද තොරතුරු මත පදනම්ව රාජ්‍ය බුද්ධි අංශය විසින් මැතිවරණයේ ප්‍රතිඵල පිලිබඳ පුරෝකතනයක් ජනාධිපතිවරයා වෙත ලබා දී තිබේ. එමෙන්ම ජනාධිපතිවරයාට සිය ලේකම් කාර්යාලය මගින් ද පුරෝකතනයක් ලබා දී තිබේ.

ඒ වාර්තා දෙකේම සාරාංශය ලෙස ගත් විට සමස්ථ ප්‍රතිඵල පුරෝකතනය මෙසේය

එක්සත් ජාතික පක්ෂය - මන්ත්‍රී ආසන 116 යි
එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත්‍රී ආසන 77 යි
දෙමළ ජාතික සන්ධානය - මන්ත්‍රී ආසන 18 යි
ජනතා විමුක්ති පෙරමුණ - මන්ත්‍රී ආසන 12 යි
වෙනම තරඟ කරන මුස්ලිම් පක්ෂ - මන්ත්‍රී ආසන 2 යි
ෆොන්සේකා මහතාගේ පක්ෂය කිසිදු මන්ත්‍රී ආසනයක් ලබා නොගනී

මෙම වාර්තාව සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් ඡන්ද දායකයන් යොදා ගනිමින් පුරෝකතන සමීක්ෂණ නිල වශයෙන් නොකරන නමුත් ලැබී ඇති නිලධාරීන්ගේ වාර්තා අනුව ඔවුන්ගේ තක්සේරුව ඉහත ගණන් හිලව් වලට වඩා වැඩි වෙනසක් නොදක්වන බවයි.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියා පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයත් මන්ත්‍රී ආසන 30 ක් බෙදා ගන්නා බවයි. ඉතිරියෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩිම වාසිය දී ගණන් බැලුවද ලබා ගත හැක්කේ ආසන 80 ක් පමණක් බවත් වෙනම තරඟ කරන මුස්ලිම් පක්ෂ දෙක ආසන 2 ක් දිනා ගන්නා බවත් ඉතිරි ආසන 113 එක්සත් ජාතික පක්ෂය දිනා ගන්නා බවද එම නිලධාරියා පැවසීය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට කිසිදු ගැටළුවකින් තොරව පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගත හැකි වෙතැයි ඔවුන්ගේ අවසාන තක්සේරුව යැයි පැවසීය.

මේ අතර අද ලංකා ඊ නිව්ස් වෙත ලැබුණු කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලැගුම්දෙනියේ පියරතන හිමි ඇතුලු කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ආචාර්යවරුන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ස්වාධීන සමීක්ෂණයක සාරාංශය අනුව ද එක්සත් ජාතික පක්ෂය ආසන 115 ක් ලබා ගන්නා බවත් එජනිසය ආසන 74 ක් ලබා ගන්නා බවත් දක්වා තිබිණ. ඔවුන්ගේ වාර්තාවේ තිබූ ලොකුම අඩු පාඩුව වන්නේ වෙනම තරඟ කරන මුස්ලිම් පක්ෂ දෙක නොතකා හැර තිබීමයි.

ඉහත සියළු වාර්තා වල එක් පොදු ලක්ෂනයක් වූයේ අද අවසන් ප්‍රචාරක දිනය දක්වාම පාවෙන ඡන්ද ප්‍රතිශතය මෙවර පෙර දාට වඩා වැඩි අගයක් ගන්නා බවයි.
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    කාටවත් තනියෙන් ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙයි
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හෙළයෙක්;18828642 said:

    අනිවර්යෙන්! මහින්දට චන්දේ දිපු ඔක්කොම 18න් පස්සේ ටයර් දාලා පාරවල් පාරවල් ගානේ පුච්චලා දාන්න රනිල් වැඩේ සෙට් කරලා තියෙන්නෙ. අනුරත් එනවලු සපොට් එකට. :yes: :yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    reputation_neg.gif
    අලියා තනිව ආන්ඩුවක්... 08-16-2015 11:54 PM sukranu anathaya, puke hila lokuyida

    mn ubage ammage hile ewala athi tikak diwa dala blpn ponnaya :lol: