අලියා /හොරකම්

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    *හොරකම සුළුවෙන් තැකුවට ලෙහෙසිද එය පල දෙන විට....*

    දැන් වේලාව සවස 6.00ට පමණ ඇති. මැටි කුටියේ ඉදිරිපස තිබෙන ලෑලි බංකුවේ වාඩිවෙලා භික්ෂුව මේ සටහන තබන විට භික්ෂුවට ඈතින් ඇසෙනවා අලියෙක් අතු බිඳින වේගවත් ශබ්දයක්. අලියා අතු බිඳිමින් කුරුමානම් අල්ලන්නෙ ඇඳිරි වැටුනාට පසුව ගමට යන්න. උදේට දායක මහත්වරුන් පිංඩපාත මඩුවේදී කියනවා ඇසෙනවා ඊයේ රාත්රියේ මගේ වට්ටක්කා වගාව, බඩ ඉරිඟු වගාව ඉවරයි කියලා. මොකද අලියා ඒවා විනාශ කරලා.
    අලියා කියන සතා එයාගේ බලවත්භාවය නිසාම ගොඩක් අකුසල් සිද්ධ කරගන්නවා. හොරකමට පුරුදුවෙච්ච අලියා ගැන කතා සමහර ගම්මානවලදී භික්ෂුවට ඇසිල තිබෙනවා. හොරෙක් යම් සේද වගාවක් හානිකරන්න වගාවක් සොරකම් කරන්න සැලසුම් කරන්නේ ඒ ආකාරයටම බොහෝම සියුම් උපක්රම වල් අලින් යොදා ගන්නවා. තමා කරන්නේ සොරකමක්ය කියන චේතනාව මේ සතාට පහල වෙනවා. ඒ සතා ඒ සඳහා උපක්රම යොදනවා. නමුත් මේ සතා කර්මය කර්මඵල විශ්වාසය ගැන දන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය මේ සතා නොදන්නවා වුනාට අනුනට පීඩාකිරීමේ, සොරකම් කිරීමේ අකුසලයේ විපාකයන් අනාගතයේ විපාක පිණිස එම සතාට සකස්වෙනවා.
    භික්ෂුවක් උතුම් සමාධියෙන් පසුවන විට ප්රේත අලියන් කිහිප ආකාරයකින් දුක්විඳිනවා දැක තිබෙනවා. ප්රේත සතුනගේ ලෝකයේ අමානුෂික, වේදනාත්මක, කටුක අකුසල් විපාකයන් අත්විඳින සතෙක් තමයි ප්රේත අලියා කියන්නේ. අලියා තමාට තිබෙන බලවත්භාවය නිසා, අකීකරුභාවය නිසා තම ශක්තියෙන් සැමෝම යටත්කර ගෙනයි ජීවත්වෙන්නේ. එම නිසාම එයාට සිදුවන අකුසල් වැඩියි. තමාගේ පාඩුවේ සැරිසරමින් ජීවත්වන අලින් කැලයේ සිටිනවා. ඒ බවත් සඳහන් කරන්න ඕන. ගම් නොවදින වල් අලින් සමහර කැලෑවල ජීවත්වෙනවා. ඒ අය මනුෂ්යවාසයට බියයි. ඒත් බහුතරයක් අලින් ගම්මානවලට වැදී වගාවන් විනාශ කරනවා.
    භික්ෂුවකට එක්තරා රාත්රියකදී උතුම් සමාධියෙන් පසුවනවිට විශාල වනාන්තරයක් දර්ශනය වෙනවා. මේ වනාන්තරයේ කොළ පැහැයක් නැහැ. ඔබ දැකල ඇති හේන් වගාවට කැලය ගිනි තැබීමෙන් පසුව දැවීගිය හේනක ස්වභාවය. භික්ෂුවට උතුම් සමාධිය තුළින් මේ මුළු විශාල වනාන්තරයම පෙනෙන්නේ කිසිම ගසක කොළපැහැති කොළයක් නැති දැවීගිය වනාන්තරයක් ලෙසින්. මේ කොළ පැහැයක් නැති දැවීගිය වනාන්තරයේ ප්රේත අලි රංචුවක් සිටිනවා. මේ ප්රේත අලි හොඬවැල් දිගු කරමින් වියලි ගස් ඉව කරනවා. කිසිම ගසක අනුභව කිරීමට කොළයක් නැහැ. කුසට අහරක් නොමැතිව වැහැරුණු ශරීරයකි. මෙම ප්රේත අලි කුසගින්නෙන් දුක්විඳිනවා. ඉඩෝරයට දැවීගිය වනාන්තරයේ ආහාරයක් නැහැ. ජලය බිඳක් නැහැ. භික්ෂුව මේ දර්ශනය තමාගේ නුවනින් සලකා බැලුවා. කුමක්ද මේ සිද්ධවෙන්නේ කියලා. එවිට භික්ෂුව පැමිණි නිගමනය පහත සඳහන් කරනවා.
    භික්ෂුවට මෙතනදී දර්ශනය වෙන්නේ හොඳින් ගහකොළ තිබෙන සශ්රීක කැලෑවක්. නමුත් මේ ප්රේත අලියන් ගේ අකුසල් විපාකය නිසා එම අකුසල් විපාකය විඳීමට ඒ ප්රේත අලින්ට කොළපාට ගස් පෙනෙන්නේ දර ඉපල් වගේ. ඒ අකුසලයේ විපාකය. බලන්න පෙර මනුෂ්ය ලෝකයේ තිරිසන් කුලයේ අලි ජීවිතවල ඉපදිලා මිනිසුන්ගේ වගාවන් විනාශ කිරීම නිසාම, තම බලපුළුවන්කාරකම් පෙන්වීම නිසාම, මරණින් මතු ප්රේත ලෝකයේ ප්රේත අලියෙක් වෙලා. මුළු කොළ පැහැති කැලයම එම ප්රේත අලියාට පෙනෙන්නේ දැවී ගිය කැලයක් වගෙයි. කුසට ආහාරයක් නැහැ. ශරීරය වැහැරිලා ඇට මතුවෙලා. දුක්�ත ජීවිත ප්රේත අලියන් සැටියට ගතකරනවා. බලන්න සංසාරය කොයිතරම් නම් බියකරුද කියලා.
    මනුෂ්යයන් හැටියට ඔබ අනුන්ගේ දේවල් සොරකම් කළොත් එහි විපාකයක් හැටියට මරණින් මතු ඔබ ප්රේත ලෝකයට වැටුණොත් ප්රේත ලෝකයේදී ඔබට පෙනි පෙනී ඔබ ඉදිරියේ ආහාරයක් තිබෙනවා. ඔබ එම ආහාරය අනුභව කිරීමට සැරසෙනවිට එම ආහාරය අතුරුදහන් වෙනවා. ආහාර පිරුණු පිඟාන ඔබට පෙනෙන්නේ හිස් පිඟානක් වගේ, වතුර පිරුණු වීදුරුව ඔබට පෙනෙන්නේ හිස් වීදුරුවක් වගෙයි. හොඳින් ජලය තිබෙන දිය කඩිත්තෙන් පැන් පොදක් දෝතට ගන්න හදනවිටම එම දිය කඩිත්ත අතුරුදහන් වෙනවා. අන්සතු දෙය සොරකම් කිරීම නිසාම එහි විපාකයන් හැටියට කුසගින්නෙන් පිපාසයෙන් වැහැරුණු ශරීරයෙන් ප්රේත ලෝකයේදී දුක්විඳිනවා. තිරිසන් සතෙක් ඔබගේ වගාවන් විනාශකරන විට එම වගාව විනාශකරන තිරිසන් සතා සකස්කර ගන්නා අනාගත අකුසල් දැක ඔබ අන්සතු දෙය සොරකම් කිරීමට බිය ඇතිකර ගන්න.
    වර්තමාන සමාජයේ බොහෝම ප්රබල ආකාරයෙන් සොරකම් සිද්ධවෙනවා. මේ අය තේරුම් ගත යුතුයි ප්රේත ලෝකයට තමන් වැටුනාට පසුව ප්රේත ලෝකයේදී මඟුල් ගෙදරකට ගියත් බඩගින්නෙයි ගෙදර එන්න වෙන්නේ කියලා. අනුන්ගේ දේවල් අතුරුදහන් කළා වගේ ඔබගේ දේවල්ද අතුරුදහන් වෙනවා. අන්සතු දෙයක් සොරකම් කිරීමට ඔබට සිත සකස්වන විටම ඒවායේ දරුණු ආදිනව දැක සංසාරබිය ඇතිකරගන්න. වර්තමාන ගිහි සමාජය තුළ සොරකම කියන කාරණයේ බරපතලකම ගැන බොහෝම අඩු ලන්සුවක් දෙන්නේ. එය ඒ තරමටම සාමාන්ය වෙලා. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සොරකමෙන් වැළකීම ඉහළම සිල් පදයක් හැටියට උපසම්පදා භික්ෂු ප්රාතිමෝක්ෂය ශීලයට ඇතුළත් කර තිබෙනවා. එසේ අන්සතු දෙය සොරකම් කිරීමට එරෙහිව ප්රාතිමෝක්ෂයට එකතු කරන්නේ සොරකමේ විපාකයන් බුදුරජාණන් වහන්සේ නුවනින් දැකලාමයි.
    බුදුරජාණන් වහන්සේ යම් විනය කාරණාවක් දේශනා කළා නම්, එම විනය කාරණා දුර්වල කරගැනීමෙන් ලැබෙන විපාකයන් කවදාවත් අඩුවක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පැනවීම් කවදාවත් කාලයට අනුව වෙනස් වෙන්නේ නැහැ. අපි ධර්මයෙන් බැහැරව යනකොට, අපේ හිත රවට්ටාගෙන අමුතු ආරක්ෂාවක් ලෙසින් විනය කාරණාවන් ලිහිල් කිරීමට ගන්නා වූ උත්සාහයක් සමාජයේ තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අතීතයේ යම් විනය කාරණාවක් පැනවූවා නම්, එම විනය කාරණා දුර්වල කරගැනීම තුළ, ලැබෙන ආදීනවය අදත් එදාමෙන්මයි. විනය කාරණා ලිහිල් කරගත්තාට එහි ආදීනවයන් නම් ලිහිල් වන්නේ නැහැ.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    එලකිරිය වනසන ජංගි ත්‍රෙඩ් කාරයන් පන්නා නැවතත් සුපිරිසිදු තැනක් කිරීමට එලකිරිය ආරම්බයේ සිටම අද දක්වා එළකිරියේ උන්නතිය වෙනුවෙන් කැපවූ ජෙෂ්ට සාමාජිකයන් රැසක්‌ එලකිරිය බේරා ගැනීම සඳහා මහත්වරුන්ගේ පක්ෂය සමග එක්වීමට තීරණය කර ඇත.


    ඔබත් එහි කොටස්කරුවෙකු වීමට කැමතිනම් එන්න අප හා එක්වන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920207


    giphy.gif


    logo.png