අලි නෙමේ යකුනේ, මේක කියවපල්ල!

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113

    සුනාමියෙන් බේරුණ තංගල්ලේ දැරිය මැදිරිගිරියෙන් හමු වෙයි



    image_13c64ede55.jpg

    (කාංචන කුමාර ආරියදාස)
    තංගල්ලෙන් සුනාමියට හසු වූ පස් හැවිරිදි දියණිය වසර 18 කට පසුව දෙදරු මවකව සිටිය දී මැදිරිගිරිය ප්‍රදේශයේ පාළු නිවෙසකින් හමුවීමේ පුවතක් ලෝක කාන්තා දිනය දා අපට වාර්තා විය.
    මුළු ලෝකයම කාන්තාවන් පිළිබඳව අවධානය යොමු කරන ලෝක කාන්තා දිනයේ මෙම අරුම පුදුම සිදුවීම් සියැසින් අත්විඳි මෙම කාන්තාවගේ දුක්බර කතා පුවත මුළු මහත් ලෝක වාසී කාන්තාවන්ටම පුදුමය දනවන පුවතක් වනු නිසැකය.
    වයස, නිසි නාමය, උප්පැන්න සහතිකයක් ආදී කිසිවක් නොමැතිව සමාජයේ අසාධාරණ කම් වලින් තවමත් බැට කන මෙම යුවතිය මේ වන විටත් ජීවත් වන්නේ අනේක දුක් කරදර මැද්දක වීම විශේෂත්වයකි.
    වයස නිසි ලෙස නොදන්නා ඇය හඳුන්වනු ලබන්නේ කේ .ඒ. කමලා පෙරේරා යන නමිනි, ඇයගේ ලිපිනය අංක191, ජයගම්පුර මහ අඹගස්වැව, මැදිරිගිරිය වෙයි.
    පෙර පාසල් වියේ පසුවන සහ මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් දෙදෙනකුගේ මවක වන ඇය කාගෙන් හෝ කුලී වැඩක් කරමින් සැමියා ද අහිමිව ජීවිතය ගැටගසා ගනු ලබන්නේ කුලී නිවෙසක වීම විශේෂ විශේෂත්වයකි.
    තංගල්ල ප්‍රදේශයේ උපත ලැබූ ඇය පාසල් ගමන ආරම්භ කිරීමට ඔන්න මෙන්න තිබිය දී එනම් 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා උදම් රළ ගොඩ ගලා ගිය දිනයේ ඇයගේ මව, පියා, සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය, ඇය ද සමගම සුනාමි උදම් රැලට හසුවී ඇති බව ඇය පැවසුවාය.
    මුළු පවුලම දිය රකුසාගෙන් අතුරුදන් වෙද්දී කොහේ හෝ තිබුණු දෛවයේ සරදමකට ඇයගේ දිවි බේරාගෙන ගෙන ඇත්තේ කවුරුන්ද යන්න ඇය අදටත් නොදැන සිටීම තවත් පුදුම දනවන කරුණකි.
    තංගල්ල ප්‍රදේශයේ සුනාමි රැඳවුම් කඳවුරක සිටිය දී තංගල්ල ප්‍රදේශයේම විදුහල්පතිනියකගේ නිවෙසට රැගෙන ගොස් ඇය හදා වඩා ගත් බව ද පැවසුවාය.
    එම නිවසේ සිටි පිරිස ඇයගේ නම කේ.ඒ. කමලා පෙරේරා නම් කොට ඇති බව ඇය සඳහන් කළ අතර ඇයට වයස අවුරුදු දොළහක් පමණ වෙද්දී එම නිවෙසේ හිමිකාරිය පිළිකා රෝගයෙන් මෙලොව හැර ගිය බව ඇය සඳහන් කළාය.
    නිවසේ මෙහෙකාර සේවයේ සිටි ඇය මියගිය විදුහල්පතිනියගේ නැගණියකගේ කොළඹ නිවෙසක වැඩකාරකමට රැගෙන ගිය බවත් නිවසේ ඇඳුම් පැළඳුම් සේදීම් දරුවන් බලා ගැනීම ආදී සියලු කටයුතු ඇයට පැවරී තිබූ බවත් ඇය සඳහන් කළාය.
    වසර දෙකක් පමණ කාලයක් නිවෙසේ මෙහෙකාර සේවය කරමින් සිටිය දී නිවසේ ඉදිකිරීම් කටයුත්තකට පැමිණි තරුණයකු එම නිවසේ ගෘහස්ත දුරකතනය හරහා සම්බන්ධ වී 14 හැවිරිදි වියේ පසුවෙද්දීම ඇය එම නිවසින් හොර රහසේ රැගෙන ගිය බවත් ඇය කියයි.
    ඔහු දුටු පළමු දිනයේම මේ සිදුවීම වීම විශේෂත්වයකි,
    වයස අවුරුදු දාහතරේදී ඇය එම නිවෙසෙන් රැගෙන යන්නේ හමුදාවෙන් පලා ආ සෙබළකු බව ද ඇය කියයි. මෙම සෙබළා ඇය කොළඹ සිට මැදිරිගිරිය ප්‍රදේශයේ නිවෙසකට රැගෙන ගොස් එහි කාලය ගත කරද්දි පළමු දරුවා එළිය දකිද්දි ඇයගේ හැඳුනුම්පත සකසා ඇත්තේ මෙම තරුණයාගේ උපන් දිනයට දිනක් ඉදිරියට දමා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් බව ඇය සඳහන් කළාය.
    නිසි අවබෝධයක් අධ්‍යාපනයක් ලබා නැති ආදරයක් ලබා නැති මෙම දැරිය බාලවයස්කාර වියේම දෙදරු මවක වීමට ඔන්න මෙන්න සිටිය දී තමන් ජීවිතය පුරාවටම රැකබලා ගන්නා බවට පොරොන්දු වී රැගෙන ආ සැමියාගේ සුපුරුදු ක්‍රියාකාරකම් රැසක් ඇයට අතටම හසුවීම පුදුම දනවන කරුණකි.
    තම සැමියා බාලවයස්කාර කුඩා දියණියන් රවටා ගන්නා අයෙකු බව දැනගත් බවත් මේ වනවිටත් තමන් වැනිම කුඩා දියණිය රැගෙන ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බව ද ඇය පැවසුවාය.
    මේ පිළිබඳව ඇය ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට පැමිණිලි කළ ද ඇයට පැමිණිල්ල විභාග වීම වෙනුවට සිදුව ඇත්තේ ඔවුන්ගෙන් ලැබෙන වෙනත් උත්තර ප්‍රතිචාර බව ඇය හැඬූ කඳුළින් අප සමග සඳහන් කළාය.
    අදට ද ඉන්න හිටින්නට තැනක් අහිමිව කුලී නිවසක පදිංචි වී සිටින ඇය ලෝක කාන්තා දිනයේ මුළු කාන්තා සමාජයෙන්ම ඉල්ලා සිටින්නේ කිසිදු හව්හරණක් නැති තමාට ආරක්ෂිතව ඉන්න හිටින්නට දරුවන් දෙදෙනාට මෙවැනි ඉරණමක් අත් නොවන්නට උදව් උපකාර කරන ලෙසය.
    මෙවැනි උදව් කිරීම මුවාවෙන් තමන්ගේ ජීවිතයට නැවත පාපතර අය හමු නොවේවායි ඇය සමාජයෙන් ඉල්ලා සිටීම විශේෂත්වයකි.
    ඇයගේ ජීවිතයට සරණක් වීමට කැමැති අයකු වෙත්නම් කේ .ඒ. කමලා පෙරේරා මහජන බැංකුව, මැදිරිගිරිය. ගිණුම් අංකය 231 2 001 2 00 82578 වන අතර වැඩිදුර තොරතුරු 0773 768474 අංකය ඇමැතීමෙන් ලබා ගත හැකි බවද ඇය සඳහන් කරයි.
    image_99046ca07d.jpg

    image_d3e63f1c71.jpg



    ඔටාර ගෑනිට පෙරහැරේ අලිය ගැන තියන ගිණි පුක් ගාය, මේවගේ දේවල් වලට නැති එක තමා දුක!
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මොන අපරාධයක්ද දෙයියනේ ☹️☹️ දැන්වත් මේ මනුස්සයට කාගේ හරි පිළිසරණක් ලැබුනොත් හොදයි.මේ කියන. දේවල් ඇත්ත. නම් අර විදුහල්පතිගේ නංගියි කියන ගෑණිව හොයාගෙන වෙනම නඩුවක් දාන්න ඕන
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    යකෝ විදුහල්පති කියන උනුත් අවුරුදු 12දීම ළමා මෙහෙකාර සේවයේ යොදවනවද? මුන්ව අල්ලලා දාන්න එපැයි ජීවිතාන්තෙටම හිරේ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    යකෝ විදුහල්පති කියන උනුත් අවුරුදු 12දීම ළමා මෙහෙකාර සේවයේ යොදවනවද? මුන්ව අල්ලලා දාන්න එපැයි ජීවිතාන්තෙටම හිරේ..
    ඉස්සර මට මතකයි බන් ඔය ළමා මෙහෙකාර සේවයට ළමයි ගොඩක්ම අරන් තිබ්බේ ඔය ගුරුවරියන් , විදුහල්පතිවරියන්. ඉස්සර ජාතික රුපවාහිනියේ ඔයවගේ උන් අල්ලන ඒවා පෙන්නුවා ගොඩක්. ඒ ළමයින්ට දස වද දීල තිබ්බේ. සමහර ළමයි චෙන් පවා දාල තිබ්බ.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඇයි දැන් ඔය ගමේ ග්‍රාමසේවක කෙනෙක් එහෙම ඉද්ලා නැද්ද

    ඔය විදියට ත්‍රස්තවාදීයෙක් ට උනත් අවුරුදු ගානක් හැන්ගිලා හිටියහැකිනේ
    ඔව්ව නම් බයිලා

    ඔටාරා ගෑනියෙක්වැඩක් නෑ
    මේ රටේ ග්‍රාමසේවක , පොලිසිය, පවුල් සෞඛ්‍ය වගේ උන් පොල් ගාලා ද අදාල අංශ දැනුවත් කරන්නේ නැතුව
    ------ Post added on Mar 8, 2022 at 7:33 PM
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,583
    6,336
    113
    යකෝ විදුහල්පති කියන උනුත් අවුරුදු 12දීම ළමා මෙහෙකාර සේවයේ යොදවනවද? මුන්ව අල්ලලා දාන්න එපැයි ජීවිතාන්තෙටම හිරේ..
    Anika Kamala kiyala Nama dala.2006 welath.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔටාරට බනින එවුන් ගොඩක් වෙලාවට බයියො. අර මේ දවස්වල හැංගිල ඇඳයට ඉන්න බයියො ටික ඔටාරට බනින්න එලියට ඇවිල්ල :rofl:
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    947
    1,563
    93
    ආර්ටිකල් එක කොහෙන් ද මචන් ගත්තේ??ආර්ටිකල් එකේ කන්ෆ්ලික්ට් වගයක් තියනවා නේද?


    වයස නිසි ලෙස නොදන්නා ඇය හඳුන්වනු ලබන්නේ කේ .ඒ. කමලා පෙරේරා යන නමිනි, ඇයගේ ලිපිනය අංක191, ජයගම්පුර මහ අඹගස්වැව, මැදිරිගිරිය වෙයි.

    වසර දෙකක් පමණ කාලයක් නිවෙසේ මෙහෙකාර සේවය කරමින් සිටිය දී නිවසේ ඉදිකිරීම් කටයුත්තකට පැමිණි තරුණයකු එම නිවසේ ගෘහස්ත දුරකතනය හරහා සම්බන්ධ වී 14 හැවිරිදි වියේ පසුවෙද්දීම ඇය එම නිවසින් හොර රහසේ රැගෙන ගිය බවත් ඇය කියයි.

    වයස අවුරුදු දාහතරේදී ඇය එම නිවෙසෙන් රැගෙන යන්නේ හමුදාවෙන් පලා ආ සෙබළකු බව ද ඇය කියයි.
    මොනවා උනත් ඉතිං පවු.