අලි පැටියාගේ කකුලත් තුවාලයි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අලි පැටියාගේ කකුලත් තුවාලයි

    අධිකරණ නියෝග අනුව රහස් පොලිසිය හා වනජීවී නිලධාරීන් බදාදා (07) ඇරැව්වල පන්නිපිටියේ අලි රොෂාන් ගේ නිවසේ දී වනජීවී භාරයට ගත් අලි පැටවුන් දෙදෙනා පින්නවල අලි අනාථාගාරයට බාරදුන් බව වනජීවී නිලධරයෝ කියති.

    elephnt_2015108L-1.jpg


    elephnt_2015108L-2.jpg


    elephnt_2015108L-3.jpg


    elephnt_2015108L-4.jpg


    elephnt_2015108L-5.jpg




    එක් අලි පැටවකුගේ පිටුපස දකුණු පාදයේ විශාල තුවාලයක් වසර එකහාමාරකට පෙරසිට පවතින බවත් අලි පැටවා පිරිසිදු ස්ථානයක තබා නිසි පරිදි ප්‍රතිකාර කර එය සුව නොවන තෙක් ප්‍රවාහනය නොකරන ලෙස කැස්බෑව අධිකරණය මගින් නියෝගයක් දි තිබු බවත් කියති.

    බදාදා වනජීවීභාරයට ගන්නා අවස්ථාවේදි අලි පැටවාගේ තුවාලය ප්‍රවාහනය කළ හැකි තත්වයට සුව වී තිබු බවත් වයස 5 ක් පමණ වන අලි පැටවාගේ එම පාදයේ ඇඟිලි දෙකක් හා නියපොතුද ගැලවි තිබූ බව වනජීවී ඒකකයේ වෛද්‍ය නිලධරයෝ පවසති.

    අනෙක් අලි පැටවා සාමාන්‍ය තත්වයේ පසුවුවත් ආහාර ලබා දිමේ අඩුවක් ඇතැයිද වෛද්‍යවරු කියති.​