හම්බන්තොට අලි පැටවා අසරණව මියයයි.
පසුගිය මස 29 වැනි දින හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සිදුකරන කොටසේ මාර්ගයක අනාරක්ෂිත කානුවකට වැටි සිටි මාස 03ක් පමණ වයසැති අලි පැටවෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා වරාය ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටින සේවකයින්ගේ දැඩි පරිශ‍්‍රමයකින් පසුව බේරා ගනු ලැබිය.
ඉන් අනතුරුව අදාළ ඇත් පැටවා වන ජීවී නිළධාරීන් විසින් උඩවලව ඇත් අතුරු සෙවනට ගෙන යනු ලැබුවේ කානුවේ සිරවීමෙන් ඇති වූ තුවාලවලට ප‍්‍රතිකාර කිරීමටයි.
නමුත් ඊයේ (22* අළුයම 5.00ට පමණ ප‍්‍රතිකාර ලබමින් සිටි මාස හතරක් පමණ වූ එම අලි පැටවා මියගොස් තිබේ.
පසුගිය 17 වන දින සිට ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරයෙකු නොමැතිවීම නිසා අලි පැටවා හට නියමිත අන්දමින් ප‍්‍රතිකාර කිරීමට නොහැකි වූ බව සඳහන් වේ.