අලි බබා සහ හොරු බබාලා
අලි බබා සහ හොරු බබාලා (මිහින්ලන්තය)
(ලංකා ඊ නිව්ස් -2010.ජන.10, ප.ව.11.00)
'අලි බබා සහ හොරු හතළිහ' අරාබි නිසොල්ලාසයේ එන කතා සමූහයෙන් එකකි. අලි බබාත් ඔහුගේ සහෝදයරයාත් ධනවත් ව්‍යාපාරිකයකුගේ පුතුන් දෙදෙනෙකි. අලි බබාගේ අයියා වන කාසිම් පියාගේ දේපළ සහෝදරයාට නොදී ගැනීමෙන් අලි බබා දුප්පත් වේ. ඔහු ජීවත්වන්නේ වනයට ගොස් දර කැපීමෙනි. දිනක් වනයට වැදුනු අලි බබාට සොර මුලක් දකින්නට ලැබේ. බියට පත්වූ අලි බබා සිදුවන්නේ කුමක්දැයි සැඟවී බලා සිටියි. සොරමුලේ නායකයා වනයෙහි ඇති ගල්ගුහාවක දොරකඩ වසා ඇති මහ ගලක් ඉදිරිපට සිටගෙන'ඕපන් සෙසමේ' යනුවෙන් මන්ත්‍රයක් ජප කළ පසු ගල් දොර ඇරෙයි. සොරමුල ගුහාවට ඇතුළු වූ පසු නැවත තවත් මන්ත්‍රයකින් ගල්දොර වසා දමන සොර මුල ටික වේලාවක් එහි රැඳී සිට ඉන් ඉවත්ව යති. සොරුන් ඉවත්ව ගිය පසු අලි බබා ගල් ගුහාව ඉදිරිපිටට පැමිණ දොර අරින මන්ත්‍රය කියයි. දොර ඇරෙයි. ගුහාවට ඇතුළුවන අලි බබා අනෙක් මන්ත්‍රයෙන් දොර වසා දමයි. පසුව ඔහු දකින්නේ ගුහාව පුරවා ගොඩ ගසා ඇති රන් කාසිය. තම අතේ වූ මලූ පිරෙන්නට රන්කාසි පුරවා ගන්නා අලි බබා පෙර පරිදිම මන්ත්‍රයෙන් දොර ඇරගෙන පිටතට පැමිණ මන්ත්‍රයෙන්ම දොර වසා පිටව යයි.
මේ අලි බබා සහ හොරු හතළිහ කතාව ආරම්භ වන ආකාරයයි. අලි බබා සොරුන්ගෙන් සොරකම් කරන්නේ අනුන්ගේ ධනයයි. ඒ ධනය සොරුන් සොරකම් කළේ සාමාන්‍ය ජනතාවගෙනි. මේ දිනවල මිහින්ලන්තයේ සිදුවෙමින් පවතින්නේද අලි බබාගේ කතාවේ නූතන සංස්කරණයයි. ගල් ගුහාවේ දොර අරින මන්ත්‍රය සේම 'අපි අපේ රජතුමා වෙනුවෙන්මයි' යන මහානුභාව සම්පන්න මන්ත්‍රය කියන කාට කාටත් මිහින් තුමාගේ ගල් ගේ දොර ඇරෙයි. ඒ තුළට වදින කලාකරුවෝද, ක්‍රීඩකයෝද, විපක්ෂ මන්ත්‍රීන්ද, පකෂ නායකයන්ද මලූ පිරෙන්නට යහමින් කහවනු රැගෙන යති.
මිහින්ලන්ත ජාතික පකෂයේ ජාතික සංවිධායක තුමා පුන පුනා කියමින් සිටියේ මිහින්පතිවරණයේදී තමන් සෙනෙවියා කරේ තබාගෙන කොටළුවා වගේ රට වටේ යන බවය. ගතවුයේ දින දෙකකි. කහවනු ලකෂ දෙසිය පණහක් ගිල දැමූ කොටළුවා බැටළුවකු සේ හීලෑ විය. ඔහු මිහින්තුමා කරට ගත්තේය.
මිහින්ලන්ත ජාතික පකෂයේ ඇතුගල පිට නැග සිටි ජොනී මන්ත්‍රීතුමා තම පකෂයේ නායකයා එළවා දැමීමේ සටනෙහි පෙරමුණෙහි සිටියෙකි. ඔහුද මිහින්තුමාගේ ගල් ගුහාවේ දොරටුවට තට්ටු කළේය. දොර ඇරුණේය. කහවනු ලකෂ එකසිය අසූවක් රැගෙන ඔහු පිටතට ආවේය. දැන් ඔහු මිහින්තුමා පස්සේය.
මිහින්ලන්ත විමුක්ති පකෂයේ පකෂියාව සිටි සෙල් වංශයෝ කල් ඇතිවම කැඩී ගොස් මිහින්තුමාට හේත්තු වූයේය. ඔහුටද ගුහාවේ කහවනු ලැබීමේ භාග්‍යය උදා විය.
කඳුරට පෙරමුණෙහි නායක සඳසේකරයන් හට ගුහා කහවනු වලින් එතරම් මුදලක් ලැබුණේ නැත. ලැබුණේ කහවනු ලකෂ පන්සීයක් පමණය. ඉහ වහා ගිය ඒ ප්‍රීතිය නිමිත්තෙන් තෙදිනක් ජය පැන් බිව් හෙතෙම සිව්වැනි දින සෙත්ත පොච්චි විය.
මේ අනුව මේ දිනවල මිහින්ලන්තයේ හොරුන්ගේ ගුහාවේ දොර හරියට බාබර් සාප්පුවේ දොර වගේය හැම වෙලේම ඇරෙයි වැහෙයි. ඇතුළේ වූ ලෝස් නැතිව දෝරේ ගලයි.
මේ ගුහාවේ ඇති කහවනු කාගේද? සොරකම් කළේ කවුද? යන ප්‍රශ්නය කවුරුන්වත් හරියට අහන්නේ නැත. අප දන්නා පරිදි නම් මේ කහවනු රටේ ජනතාවගේ කහවනුය. නැත්නම් උතුරේ සටන සඳහා කොටියාට පූජා කරන ලද ඩයස්පෝරාවේ කහවනුය. රටේ ජනතාවගේ කහවනු සිත් සේ පරිහරණය කරන්නේ මිහින්තුමා ලැබූ ජනතා පරමාධිපත්‍යයෙනි. ඩයස්පෝරාවේ කහවනු පරෙස්සමට තබාගෙන සිටී. කෙප්පයා විසුම් පායක ප්‍රාණ ඇපයට තබාගෙන ටිකෙන් ටික සූරා ගැනෙයි.
මේ කහවනු ඕනෑම කොදෙව්වක ගෙන යාමේ භාග්‍යයද කහවනුලාභීන්ට දැන් ලබා දී තිබේ. ඒ සඳහා මෙතෙක් මිහින්ලනත්යේ ක්‍රියාත්මක වූ නීති රීති ලිහිල් කර දී ඇත. මෙහෙව් සූර ලෝකයක් අම්මා මුතුන් කාලයක වත් පහළ වී නැත.
අලි බබාගේ කතාවේ අලි බබාට ද හොරෙන් සොරුන්ගේ කහවනු සොරකම් කරන්නට ගිය අලි බාගේ අයියා වැටුනේ අලි අමාරුවකය. සොරුන්ට හසු වූ ඔහුගේ සිරුර සොරුන් විසින් දෙකට කපා දැමූහ. පසුව අලිබබා සොයාගිය සොර මුළට අත්වුයේ ද එවැනිම ඉරණමකි. පීප්ප ඇතුළේ සැඟවී ගෙන අලි බබාගේ ගෙට රිංගූ සොර මුලට උණු තෙල් සප්පායමක් ලබා මිය යන්නට සිදු වූ අතර, සොර නායකයා පලා ගියේය. කලකට පසුව වෙස් වළාගෙන නැවත පැමිණි සොර නායකයාටද ඔහු හඳුනාගත් අලි ිබබාගේ සේවිකාවකගේ පිහිපාරක් කන්නට සිදු විය. ඒ අලිබබා කතාවේ අවසානයයි.
නූතන අලිබබා කතාවේ අවසානය තවම පැමිණ නැත. එය ඉදිරියටය. හොරුන්ගෙන් සොරාගත් මුදල් තම සන්තකයේ තබා ගැනීමේ හැකියාව ඒ කාලයේ අලි බබාට තිබුණත්, දැන් අලි බබාලාට එහෙම එකක් නැත. කොහොම නමුත් ජනතාවගේ කහවනු සොරකම් කළ වුන්ට නම් ඒ කාලයේ වත් සමාවක් නම් ලැබුණේ නැත.

Last edited: