අලි සබ්‍රි මහතා සහ ලංකාවේ දෘඪ සහ මෘදු වහාබ් අන්තවාදී ව්‍යාප්තවාදය

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    අලි සබ්‍රි මහතා සහ ලංකාවේ දෘඪ සහ මෘදු වහාබ් අන්තවාදී ව්‍යාප්තවාදය

    Untitled-1-2.jpg

    අත්‍යවශ්‍ය කරුණු ලුහුඬින් දැක්වුවත් මග හැරිය නොහැකි කරුණු එකතුවක් නිසාවෙන් අන්තර්ගතය තරමක් දීර්ඝ වුනා.

    • ජනාධිපති නිතික්ඥ අලි සබ්‍රි මහතා මෑතකදී කරලියට එන්නේ 2019 අප්‍රේල් 21 ප්‍රහාරයත් සමග. ඊට පෙර ඔහු ද සන්ඩේ ලීඩර් පුවත්පතේ ෆෙඩ්රිකා ජෑන්ස් නඩු කටයුත්තෙදි එවක ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියා. ඉන් පසු, ගිය වසරේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය මහතාගේ ඇමෙරිකන් පුරවැසිභාවයට අදාළව නඩු කටයුත්ත වෙනුවෙන් ජේෂ්ඨ ජ.නි. රොමේෂ් ද සිල්වා මහතා ප්‍රධානීත්වය දැරූ නීතිඥ මණ්ඩල සාමාජිකයෙක් ලෙසත් පෙනී හිඳියා. සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ රොමේෂ් අත ගහන වැඩ පරදින්නේ නැහැ කියල. ඒ නඩු කටයුත්තේදී, අලි සබ්‍රි මහතා කැපී පේන්නේ, ඔහු වැඩිපුර මාධ්‍ය ආවරණයන් සහ හමුවලට දැක්වූ උනන්දුව නිසා කිවුවොත් වැරදි නැහැ. මේ තත්ත්ව යටතේ, අලි සබ්‍රි මහතා ජනාධිපතිතුමාගේ විශ්වාසය දිනාගැනීම සහ ජාතික ලැයිස්තුවේ ඉහලින්ම පත්වීම ගැන පුදුමයක් නැහැ.

    මුලධර්මවාදී අන්තවාදය විවිධ ප්‍රවේශයන්ගෙන් එන්න පුළුවන්. සමහරක් විට එය කලු ලෝගුවෙන් එනකොට (මේක සාපේක්ෂව අහිංසක මෝඩ ත්‍රස්තවාදයක්), තවත් සමහර ඒවා බැක්පැක් විදිහට එනවා, තව සමහර ඒවා ඉතාම මෘදු පොෂ් උපාංග වලින් අයිසින් කරල නියම ප්‍රශ්ණය ගැන බරපතල ලෙස සැලකිලිමත් නොවෙන බහුතරයේ කන් වලට මී පැණි වගේ වෙඩි ලුණු වක් කරලත් එන්න පුළුවන් බව දශක 4කට වඩා වැඩි දෙමළ වාර්ගික ත්‍රස්තවාදී ගිණි පෙලෙල්ලෙන් බැට කාපු අපි කවුරුත් දන්නා කරුණක්.​

    කොහොම නමුත්, අලි සබ්‍රි මහතා අවස්ථා කීපයකදී වහාබ්/ජිහාඩ් අන්තවාදයන් සම්බන්ධව දැක්වූ පරස්පර අදහස් රාශියක් නිරික්ෂනය වෙනවා. ඒවා පිලිවෙලින් මේ සමග එකතු කරනවා​


    • 2018 වර්ෂයේ “වහාබ්වාදය මුස්ලිම් විරෝදී ගැටුම් වලට හේතුව නොවේ” යන උදෘතය යටතේ පළවූ මාධ්‍ය වාර්තාවක අලි සබ්‍රි මහතා කියනවා[1],
      Ali Sabry meanwhile believes that there are regional and international players with regional and international agendas trying to create divisions and diversions of the real cause and the real problems amongst the Sri Lankans.
      “Of course we need to address the root cause. But to exaggerate that Sri Lankan Muslims are somewhere close to any sort of insurgency is absolute rubbish and nonsense,” he told Ada Derana.”
      අන්තර්ජාතික සහ කලාපිය මැදිහත්වීමෙන් ලංකාවේ බෙදීම් ඇති කිරීම මුලිකම ප්‍රශ්නය බව. එයට විසදුම් සෙවිය යුතු නමුත් මුස්ලිම් ජන කොටස් ත්‍රස්තවාදය හෝ කැරැල්ලකට අර අදින බව කීම එක දෙක කරල කියන සපුරා ප්‍රතික්ෂේප කලයුතු විකාරරුපි කිසිදු වැදගත්කමක් නැති අදහසක් බව.

    “Mr Sabry said that there is absolutely no basis at all to the reports “painting a very bleak picture” about certain well-known Islamic priests who have come to Sri Lanka, probably one a year. “They never ever advocate any sorts of hardlining.”​
    ඉස්ලාම් ඉගැන්වීම් වලට පැමිණි සමහර ඔවුන්ගේ ආගමික නායකයන් සම්බන්ධව විකුර්ති කරන ප්‍රතිරුප පැතිරීම ස්ථිර ලෙසම කිසිම පදනමක් නැති බව.​

    දැන් එතකොට ඕනෙම කෙනෙක්ට රුජුවම ප්‍රශ්න 3ක් එනවා.​
    1. එක තමයි, දැන් එතකොට ඊට අවුරුද්දකට පස්සේ මිනිස් බෝම්බ විදිහට පත්තු වුනේ සිංහල බෞද්ධයොද, දෙමළ හින්දුන්ද?
    2. දෙක තමයි, ජාතික, ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන අලි සබ්‍ මහතා නීතිපති දෙපාර්තමේන්තුව පවා බරපතල ගනයේ පරීක්ෂණයක් තිබු තරමට ලංකාවේ වහාබ්/ජිහාඩ් අන්තවාදය පැතිර තිබු බව නොදැන සිටියේද? එක්කෝ තමන් සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස යහපත් සමාජයක් වෙනුවෙන් පෙනී ඉන්නවා කීම බොරුවකි. ඒ ඔහු ඔහුගේ මුස්ලිම් සමාජය ගැන අපිට පවා දැනු ගිණියම දැනගෙන හිඳ නැත, නැත්තන් ඔහු එවක ඔවුන්ගේ සමාජයේ කාටත් පෙනෙන්නට තිබු අළු යට ගිනි නිර්ලජ්ජිත ලෙස වසා දමා එහි වරදත් පොදු සමාජයට (සිංහල සමාජයට) දමා ගැසීමට කල සවිඤානික ප්‍රකාශයකි.
    3. තුන තමයි, ඔහු මෙතන ඊළඟට සදහන් කරන විවාදයට තුඩු දුන් මුස්ලිම් පුජකයා අසාද් සාලි මහතාගේ ආවරණය ලැබුණු අයිසිස් ඉගැන්වීම් කල මුස්ලිම් පුජකයාද? එහෙම වුනොත් අපිට බුදු සරණයි. මෙතුමා ගෝඨාභය ජනාධිපති ළඟ ඉන්න කෙනෙක් නිසා, එසේ නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. කෝකටත් හොයල බලන එක කාගේත් ඇඟට ගුණයි.
    කියවන්න වටින ලිපියක්. ඉතිරි කොටස මෙතනින්. LINK
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බදියුදින්ල හිරේට වන විනාසෙට, සතො විකුණන් කෑවට, ලංකා ඛණිජ වැලි ලිමිටඩ්1 හොරෙන් පන්නපුවට මිනිහ හිරේ යන්න වෙනව හෙට අනිද්දම... :D :D :(