අලි සෙනෙහස ගැන අපූරැ කතාවක්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අලි සෙනෙහස ගැන අපූරැ කතාවක්

    මොවුන් අපට හමුවූයේ ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහ පෙරහර මංගල්‍යයේදීයි. වයස 70කට ආසන්න වයසැති ගුණේ නම් සුරතල් නාමයෙන් හඳුන්වන මේ අලියා සමග පෙරහරේ ගමන් කිරීමේදී සුවිශේෂී කාන්තා චරිතයක්ද ඔහු අසලින් ගමන් කරනු දැකිය හැකියි. ඥානවතී නම් වූ එම කාන්තාව නැතිනම් අලියා කීකරු මදි බව ඇයගේ සැමියා වන සරත් ගාමිණී මහතා පවසනවා. -

    vlcsnap-2015-10-04-13h33m13s248.jpg


    දොම්පෙ මාපිටිගම පදිංචි සරත් ගාමිණී රාඡපක්ෂ (62) පවසන්නේ, " මට වයස 17 දී පාසල් අධ්‍යාපනය අවසන් කර ගෙදරින් පිටවෙලා දොම්පෙ උඩුමිරිස්සෙ රොමියෙල් නම් ඇත්ගොවුවා සමග එකතුවෙලා අලි බලා ගනිමින් අලියන් හැසරවීම, අලි භාෂාව ඉගෙන ගන්තා. එහෙ වැඩ කර කර ඉද්දි තමා මට ඥානවතීව හම්බ උනේ. ඔය අතරතුරේදි අපි විවාහ වුණා. ඥානවතීගේ ඉඩමෙම ගෙයක් හදාගෙන අපි ජීවත් වුණා.

    vlcsnap-2015-10-04-13h33m53s134.jpg


    ටික කාලයක් ගියාම අපි බලාගත්තු අලියා වික්කා.ඹය අතරෙ යාලුවෙක්ගෙ මාර්ගයෙන් දැනගන්න ලැබුණා අබතලේ ගොඩමුනේ මහත්තයගේ අලියෙක් ගස් බැඳල ඉන්නවා කියල. ඒ මහත්තයම මට කිව්වා අලිය බලාගන්න කියලා.අපි ඒ අලියව අරන් ආවා. ගොඩමුනේ මහත්තය කිව්වෙ අපිට අලියගෙන් කිසි දෙයක් එපා අලියව හොඳින් බලාගන්න කියල විතරයි. මේ අලිය ටිකක් දරුණුයි කියලා කිව්වා. මම මගේ නෝනට මේ බව කිව්වම එයා අලියව බලාගන්න කැමති වුණා" යනුවෙනි. -

    vlcsnap-2015-10-04-13h35m11s148.jpg


    පී. ඥානවතී (60) මහත්මිය "අලියා මුලින්ම දරුණුයි කිව්වම මම ටිකක් බය වුණා. නමුත් මම අලියට ආදරෙන් කතා කළා. මගේ මහත්තයා මුලින්ම මට ගොඩාක් උදව් කළා. මම එයාට අලි භාෂාවෙන් කතා කළේ නෑ. මම ආදරෙන් මගෙ පැටියෝ කියලයි කතා කළේ. අපි දෙන්නට දරුවො නෑ. අපි දරුවෙකුට වගේ එයාට ආදරේ කළා. එයාට මම නැතුව කොහෙවත් යන්න බෑ. ගියත් කම්මැලිකමින් තමා යන්නෙ.
    මම හිතනව මම තමා ලංකාවෙම අලියෙක් බලාගන්න පළමු කාන්තාව කියලා. දැන් මෙයා වයසයි. අපි මේ අලියගෙන් ලැබෙන දෙයකින් තමා ජීවත් වෙන්නෙ. අපිට වෙන ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නෑ. ඒ නිසා රජයෙන් තව අලි පැටියෙක් අපට ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා" යනුවෙන් පැවසුවාය.


    උපුටා ගැනීම - අද දෙරණ -
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මද කිපුනාම තමා පෙලක් හුරි හැත්ත පිස්සු ඩාන්ස් දාන්නේ :angry: