අලි_මුහුදු_ගියේ ඇයි?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අලි_මුහුදු_ගියේ ඇයි?

    මුහුදට ගසාගෙන ගොස් දියඹේ අසීරු අඩියකට පත්ව සිටි අලින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගනු ලැබූ අවස්ථා දෙකක් පසුගිය සති කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශයෙන් වාර්තා විය.ජූලි 12 වෙනි දින කෝකිලායි - කෝක්කුතුඩුවායි අසල මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වූ අතර, ජූලි 23 වෙනි දින තවත් අලි දෙදෙනෙකු බේරා ගැනුනේ ත්‍රිකුණාමලය අසල මුහුදේ අනතුරට ලක්ව සිටියදීය.

    එම සිදුවීම් දෙකම දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානයට ලක් විය.
    "අලි මුහුදට ආවේ සී බාත් ගන්නද? ඕස්ට්‍රේලියා යන්නද? " ආදී ලෙසින් ඒ පිළිබඳව හාස්‍යය මතුකරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළ වූ අතර, තවත් සමහරු එහි කිසියම් පාරිසරික හේතුවක් හෝ ස්වභාවික විපතක පෙරනිමිත්තක් ඇත්දැයි සංවාදයට ලක් කරන ආකාරයක් ද දක්නට ලැබුණි.

    අලි මුහුදු ගියේ ඇයි? කෙටිකාලයක් තුළ එකම කලාපයක සිදු වූ මේ සිදුවීම් දෙක අතර සම්බන්ධයක් තිබෙන්නේ ද?

    "මේක ටිකක් අසාමාන්‍ය සිද්ධියක්. මීට පෙර එක අවස්ථාවක මේ වගේ සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. මීට අවුරුදු කිහිපයකට පෙර," වන සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය ප්‍රීතිවිරාජ් ප්‍රනාන්දු සඳහන් කළේ බීබීසී සිංහල සේවය මතු කළ එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු විසිපස් වසරකට ආසන්න කාලයක් අලි ඇතුන් පිළිබඳව පර්යේෂණවල නියැලී සිටින්නෙකි."දැන් තුන් වතාවක් මේ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා," ඔහු පවසයි.

    මෙයින් වසර කීපයකට ඉහත අලි මිනිස් ගැටුමක් හේතුවෙන් යම්කිසි ප්‍රදේශයකින් ගෙනැවිත් නැගෙනහිර වනජීවී ප්‍රදේශයකට මුදා හැර තිබු අලියෙක් ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් මුහුදට බැස පීනාගෙන යාමේදී නාවික හමුදාවෙන් බේරාගත් අවස්ථාවක් ඔහු සිහිපත් කළේය.
    "මේ සිදුවීම් දෙකත් ඒ වගේ එකක්ද කියලා කියන්න අමාරුයි. පළවෙනි එක ,එහෙම අවස්ථාවක්ද කියලත් හිතෙනවා, මොකද? නාවික හමුදාවට අනුව පළවෙනි අලියා ගොඩක් දුර මුහුදේ ගිහින් තිබුණා. හෙම්බත් වෙලා හිටියේ බේරා ගනිද්දී. අනිත් කාරණේ ඒ අලියා ඒ ප්‍රදේශයේ හිටපු අලියෙක් නෙවෙයි කියලයි කිව්වේ."

    කෙසේ නමුත් දෙවන වරට බේරාගත් අලින් දෙදෙනා එම ප්‍රදේශයේ නිතර ගැවසෙන අලි දෙදෙනෙකු බව නාවික හමුදාව හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
    බ්‍රිතාන්‍ය පාලන සමයේ අලින් ත්‍රිකුණාමල අවට දූපත්වලට පිහිනා ගිය අවස්ථා ඇති බවට වාර්තා ඇති බව පැවසූ වන සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ,ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මෙම අලි දෙදෙනාද එලෙස ගමන් කරන්නට ඇති බවට විශ්වාස කළ හැකි බව අන්දහන් කළේය.
    "දූපතකට පීනන්න ගිහිල්ලා, සැඩ පහරකට අහුවෙලා මුහුද මැදට ගහගෙන ගියා කියලා අපට සැකයක් තියෙනවා"

    අලින්ට හොඳට පීනන්න පුළුවන්ද ?

    "අලින්ට හොඳට පීනන්න පුළුවන්, ශරීරිය ලොකු නිසා නිසා හොඳට පාවෙනවා, හොඬවැල නිසා වතුරෙදි පහසුවෙන් හුස්ම ගන්නත් පුළුවන්."කෙසේනමුත්, ඔවුන්ට පැය ගණනාවක් හෝ දින ගනනාවක් පිහිනිය නොහැකි බව පැවසූ ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු, ඔවුන් බේරාගැනීමට නාවික හමුදාව කටයුතු කිරීම ඒ සතුන්ගේ භාග්‍යයක් වූ බවයි සඳහන් කළේ.ඉහත කී සිදුවීම් දෙක සඳහා යම් පරිසර සාධක බලපෑවද යන්න ගැන පැහැදිලිව ප්‍රකාශයක් කළ නොහැකි බව පැවසූ ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු, මේම සිදුවීම් දෙක එකිනෙකට සම්බන්ධ නැති සිදුවීම් ලෙස තමන් තවමත් සිතන බවත් කියා සිටියේය.

    "නමුත් නැවතත් මේ වගේ අවස්ථාවක් වුනොත් අපිට විශේෂයෙන් ඒ ගැන හිතන්න වෙනවා"
    ඉන්දියානු සාගරයේ 'අන්දමන්' දූපතෙන්ද අලි මුහුදේ පිහිනායමේ මෙවැනි සිදුවීම් වාර්තා වී ඇතත් අලි මුහුදෙන් බේරාගැනීමේ සිද්ධීන් වාර්තාවී ඇත්තේ ශ්‍රී ලංකවෙන් පමණක් බව තම අවබෝධය බවත් ඔහු පවසයි.


    _97100519_ali.jpg





    BBC​
     
    • Like
    Reactions: ForgottenSand

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අලියව සංකේතේ කරගෙන, මේ රට පාලනය කරන සමහර කට්ටිය කරන වැඩ වල හැටියට, අලින්ටත් ලැජ්ජා හිතෙන්න ඇති. රට දාල යන්න හිතෙන තරමට.:baffled::yes:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අලියට පෙරහැරේ ගිහිල්ලා එපා වෙලා.
    පව් ඉතිං උන්.
    සසර කලකිරිලා:rofl::rofl::rofl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අලියට පෙරහැරේ ගිහිල්ලා එපා වෙලා.
    පව් ඉතිං උන්.
    සසර කලකිරිලා:rofl::rofl::rofl:

    අර කුරානෙ ලියවිලා තියනවා කියපු අඩි 20-30 මිනිහගෙ ඇටකටුව හාරල ඉවරලුද බං අනේ කෝ ඒ ලින්ක් එක ආයෙ දාපන්කො ප්ලීස් :D
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අර කුරානෙ ලියවිලා තියනවා කියපු අඩි 20-30 මිනිහගෙ ඇටකටුව හාරල ඉවරලුද බං අනේ කෝ ඒ ලින්ක් එක ආයෙ දාපන්කො ප්ලීස් :D

    ඔන්න ලින්ක් ටික :rofl::rofl:

    https://www.youtube.com/watch?v=Fr0-_UdNCng

    https://www.youtube.com/watch?v=a8QsjUS4e2k

    https://www.youtube.com/watch?v=-LxRtfQnzG4

    https://www.youtube.com/watch?v=tx7UlYB2qXM
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අලියට පෙරහැරේ ගිහිල්ලා එපා වෙලා.
    පව් ඉතිං උන්.
    සසර කලකිරිලා:rofl::rofl::rofl:

    අලි පෙලහැලේ යල්ලේ ලෑලේ.
    ඇත්තුනේ පෙලහැලේ යල්ලේ.
    හු හු ඇද්ද මොහොමද් ට හු හු :D:P
     

    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    අලියව සංකේතේ කරගෙන, මේ රට පාලනය කරන සමහර කට්ටිය කරන වැඩ වල හැටියට, අලින්ටත් ලැජ්ජා හිතෙන්න ඇති. රට දාල යන්න හිතෙන තරමට.:baffled::yes:

    eththa thamai :D:D:D