අලි_සිගරැට්_බොයි?

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අලි_සිගරැට්_බොයි?

    අලි සිගරැට් බොනවා දැකලා තියෙනවද..? – ලොවම මවිත කරමින් අලියෙකු කටින් දුම් පිටකරයි

    6ZYNPu0.png


    මේ ලෝකේ සමහර වෙලාවට අහන්න දකින්න ලැබෙන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි.ඒවගේ සිදුවීමක් ගැන අපට වාර්තා වුණා.

    ඒ තමයි වන අලියෙකුගේ මුවින් දුමක් වැනි දෙයක් පිටවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක්.මේ වීඩියෝව දැකීමෙන් ලොව පුරා සිටින වනජීවී විශේෂඥයෝ ඒ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කරමින් සිටිනවා.

    ඉන්දියාවේ වනජීවී සංරක්ෂණ සමාජයේ විද්‍යාඥ විනෙයි කුමාර් විසින් 2016 අප්‍රේල් මස කර්ණාටක ප්‍රාන්තයේ ‘නගර්හෝල්’වනයේ සිදු කළ නිල සංචාරයක් අතරවාරයේ එම දර්ශනය රූගත කර තිබෙනවා.

    “එහි ඇති වැදගත්කම හරිහැටි තේරුම් නොගත් බැවින්” අදාළ වීඩියෝ පටය ඒ දිනවල ප්‍රසිද්ධියට පත් නොකළ බව ඔහු බීබීසී පුවත් සේවයට අදහස් දක්වමින් කියා තිබුණා.අලියා සිය මුවින් දුම් පිඹින්නේ ඇයිදැයි යන්න මෙතෙක් තමන්ට පැහැදිලි නොමැති බව විද්‍යාඥයෝ පවසන්නේ.

    අපේ දැනුම අනුව, වන අලියකුගේ මේවගේ හැසිරීමක් ප්‍රදර්ශනය වෙන අවස්ථාවක් රූ ගත කෙරුණ පළමු අවස්ථාව මෙයයි. මේ සිදුවීම විද්‍යාඥයන්ට සහ ප්‍රවීණයන්ට ප්‍රහේලිකාවක් යයි ඉන්දියාවේ වනජීවී සංරක්ෂණ සමාජය නිකුත් කළ නිවේදනයක දැක්වේ.“අඟුරු ආහාරයට ගැනීම”

    ව්‍යාඝ්‍රයන්ගේ ඡායාරූප ගැනීම සඳහා සවිකර තිබුණ සඟවන ලද කැමරා නිරීක්ෂණය කිරීමට තමන් ඇතුළු කණ්ඩායමක් උදෑසන වනයට ඇතුල් වූ බව විනෙයි කුමාර් කියා තිබුණා.. එහිදී මීටර් පනහක් පමණ දුරින් සිටි ඇතින්නියක තමන්ට දැක ගැනීමට ලැබුණු බව කී ඔහු එම දර්ශනය රූ ගත කළ බව සඳහන් කළේය.

    මිනිස් අධීක්ෂණය යටතේ පාලනයකට අනුව ගිනි තබන ලද භූමි කොටසක ඉතිරිව තිබු “අඟුරු කොටස් අලියා විසින් ආහාරයට ගනු ලබන ආකාරයක් පෙනෙන්නට තිබුණු බව” ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    ඇතින්න පොළොවේ තිබුණ නිවුන අඟුරු අනුභව කරන ආකාරයක් තමයි එදා අපට පෙනුනේ. ඇය හොඬයෙන් අළු ඇදලා මුවට ලං කරලා පිම්බා විනෙයි කුමාර් පවසයි.අදාළ වීඩියෝ දර්ශනය පරීක්ෂාවට ලක් කළ අලිඇතුන් පිළිබඳ ජීව විද්‍යාඥයෙකු වන වරුන් ආර් ගෝස්වාමි සිය තේරුම් ගැනීම මෙසේ විස්තර කළේය.

    “ගිනි ගෙන දැවී ගිය පොලොව මතුපිට තිබු යමක් අහුලා ගෙන, එය බොහෝ විට දැවී අඟුරු වී ගිය කොටසක් ආහාරයට ගැනීමට උත්සාහ කළා වෙන්න පුළුවන්. එය ආහාරයට ගන්නා අවස්ථාවේ එහි තිබු අළු පිටතට පිම්බා විය හැකියි”



    ---------------

    Source