අලුත්ගම_ජාතිවාදී

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
අලුත්ගම_ජාතිවාදී

අලුත්ගම ජාතිවාදී කොලාහල ඇතිකළ ඥානසාර මැර චීවරධාරියා අත්අඩංගුවට ගනු!
අද දින දර්ගා නගරය තුල ඇතිවුණු සිදුවීම ජාතිවාදී කෝලාහලයක් දක්වා දුරදිග ගියේ ඉතාමත් නිමේෂයකින්. මෙහිදී ව්යාවපාරික ස්ථාන, නිවාස සහ වාහන රැසකට අලාභහානි සිදුවු අතර එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සිටින්නේ දැඩි බියකිනි. රජය මෙතෙක් කල් කලා වගේ මෙම සිදුවීමද දෙපිරිසක් අතර ඇතිවු සුළු සිද්ධියක් ලෙස යටගසනු ඇත.
නමුත් මෙම සිදුවීම සම්බන්ධයේ රජය සම්පුර්ණයෙන් වගකිවයුතු බැව් අපගේ අදහසයි. විශේෂයේ අද දින බොදුබල සේනාව සහ සිංහල රාවය වැනි අන්තවාදී කල්ලි වලට එම ප්‍රදේශයේ රැස්වීමක් සංවිධානට කිරීමට ඉඩදීම මෙම සිදුවීම් මාලාව ඇතිවීමට ප්‍රධානතම හේතුවයි. මෙහිදී රජය විසින් මෙම රැස්වීම නොවැලැක්වුවා පමණක් නොව මෙම අයුතු ජනරාශියෙන් මුස්ලිම් ජනතාවට ඇතිවිය හැකි උපද්‍රව සම්බන්ධවද අවතක්සේරුවක හෝ නොසලකා සිටීමක් සිදුකර ඇත.
කෙසේ වුවද ඇතිවු සිද්ධිය සම්බන්ධව රජයේ සම්බන්ධයක් නැතිනම් දැන් එය රටට පෙන්විය යුතුය. එනම් මෙම සිදුවීම සම්බන්ධව සාමය කඩවන ආකාරයේ රැස්වීමක් පවත්වා අයුතු ජනරාශියකින් රටේ කැලඹීමක් ඇති කළ බොදුබල සේනා සහ සිංහල රාවයේ අන්තවාදීන් රජය විසින් වහා අත්අඩංගුවට ගත යුතුය. රජය එසේ කරන්නේද නොකරන්නේද යන්න ගැන අප විමසිල්ලෙන් බලා සිටිමු!

10390003_654906977922813_3495603748590677940_n.jpg