අලුත්ම වෙබ් අඩවියක් හදන්ඩ වැදගත් වෙන අදහ&#3523

AspenK

Member
Apr 28, 2013
566
130
0
අලුත්ම වෙබ් අඩවියක් හදන්ඩ වැදගත් වෙන අදහ&#3523

මේ තියෙන්නේ මන් එළකිරි.com එක තුල පොස්ට් කරන පලවෙනි Thread එක.. ඔයාලගේ අදහස්,යෝජනා (තියනවනම් චෝදනාත්) කොමෙන්ටුවක් ලෙස පල කරලා යන්න... ;) ;)

ගොඩක් දෙනෙක් අලුතින් වෙබ් අඩවි හදන්ඩ ලොකු උත්සහයක් දරනවා... ඒක ගොඩක් හොඳ දෙයක්...අපේ ඒ යාළුවන්ට අලුත්ම අදහස් ටිකක් දෙන්ඩ තමයි මේ පොස්ට් ඒක දාන්නේ...

සාර්ථක online business එකක් කිරීමට පහත දක්වා ඇති කරුණුත ඔයාලට ප්‍රයෝජනවත් වෙයි.

*ඔයා ගොඩක්ම කැමති,ඔය ගොඩක්ම දක්ෂ,ඔයාට අත්දැකීම් එහෙම තියන field එකකකින් පටන් ගන්ඩ. :D :yes:

මේ විදියට තෝරගත්තම ඔයාට එක එපා වෙන්නේ නැතුව කරගෙන යන්ද පුළුවන් දිගටම ... ඔයාට ඒ ගැන දන්නා කියන අයගෙන් උදව් ගන්ඩ උනත් ලේසියි. ඔය දැනට ඉන්න industry එකේ ඉන්න අයත් එක්ක එකතු වෙලා දියුණු කරගන්ඩ පුළුවන්.. එයාලගෙන් අදහස් ගැන ඔයාටැහැ වැටහීමක් තියන නිසා ඒ පිරිස අතර මුලින්ම ප්‍රචලිත කරන්ඩ පුළුවන්.

*වර්තමානයට සහ අනාගතයට හොදින් ගැලපෙන විශේෂිත සහ වෙනස් Product එකක් හෝ Service එකක් ගැන සැලකිලිමත් වන්න.

වර්තමානය වන විට ගොඩක් common ideas වලට අදාලව දේවල් හදලයි තියෙන්නේ.. ඉතින් ඔයාට මොකක් හරි අලුතම කියල එකක් හිතිල.. එක ගැන පොඩ්ඩක් හොයල බලද්දී එක දැනටමත් ටියනවයි කියල තමයි දැකගන්ඩ ලැබෙන්නේ... මට ඔහොම දේවල් වලට අවස්ථා කීපයකදී මූණ දෙන්ඩ වුණා... මුලින්ම idea එකක් අව ගමන් එක දැනටමත් තියනවද කියල බලන එක තමයි හොඳම... හැබැයි දැනට තියන එකක් උනත් ඔයාලට අපිට පුලුවන්නම් වෙනස් විදියකින්. අලුතම features එකතු කරලා ඉදිරිපත් කරන්ඩ... කිසිම කරදරයකින් තොරව ඒක ගොඩ දාගන්ඩ පුළුවන්...
හොදම උදාහරණ තමයි facebook සහ google


facebook එක මුලින්ම හැදුවේ 2004 දී කියල දන්නව් ඇතිනේ ඔයාලා ...
facebook එක 2004 දී හදන්ඩ කලින් හදපු සයිට් එකක් තිබුන 2002 දී Friendster කියලා ... නමුත් අද වෙදිදි එයාලගේ සයිට් එකට ලොග් වෙනද facebook login එකක් දෙන්ඩ එයාලට සිද්ද වෙන තරමට facebook කොල්ල රජකරලා තියනවා. තියනවා. ඒ වගේම ඔයාල දන්නා MySpace කියන එක 2003 හොයා ගත්ත එකක්... මේ තුනටම තියෙන්නේ එකම general දේවල්... එත් facebook ජනප්‍රිය උනා මොකද එයාල බාවිතා කරපු unique ක්‍රම සහ විදි නිසා ... එයාල target කරපු පිරිස සහ එයාලගේ interface එකත් බලපාව එයාලගේ ජනප්‍රියත්වයට. :D:D

තව උදාහරණයක් කියන්නම් 1994-1998 කියන කාලය තුල ලෝකයේ තිබුන ජනප්‍රියම search engine තමයි Yahoo ,Alta Vista ,Excite ,Lycos ,InfoSeek ,HotBot සහ WebCrawler කියන්නේ.. එත් 1998 දී හදුන්වල දුන්න Google 1999 වෙදිදි මෙයාල ඔක්කොමව අභිබවල දැන් ජනප්‍රිය වෙලා තියනවා. google ල මේක කලේ ඉතා නිවැරදි පිළිතුර දෙන සහ වැඩි වැඩ කලි නැති සරල interface එකක් හැදීම මගින්.
:yes::yes:

නමුත් තාමත් ඕනේ තරම් දේවල් තියනවා online business විදියට සාර්ථක වෙලා නැති... ඔයාලට පුලුවන්නම් එහෙම එකකට අතගහල මොන හරි ගොඩ දාගන්ඩ... ඔයාල දිනුම් යාලුවනේ... :yes::yes:

*ඔයා කරන්ඩ යන දේ ගැන පුළුවන් තරම් සැලකිය යුතු කාලයක් හොයන්ඩ... google එකේම පැලපදියම් වෙනඩ :D

මේක ගොඩාක් වැදගත් පියවරක්... ඔයාට කාත් එක්ක හරි තරග කරලා දිනන්නනම්, එයාගේ limits සහ දුර්වලතා ගැන දැනගන්ඩ ඕනේ.. එක නිසා googel එක කාල හරි කමක් නැ හොයාගන්ඩ පුළුවන් උපරිම දේවල් හොයාගන්ඩ.
ඔය දෙන්ඩ යන service ඔර product එකට සමාන එව්වා මොනවද තියෙන්නේ...
ඔයාට එකට එකතු කරන්ඩ පුළුවන් මොනවද..
මේ දේවල් වලට තියන ඉල්ලුම කොහොමද...
මාසෙකට මේ keyword ගැන google තුලින් කොච්චර පිරිසක් හොයල තියනවද
තව ඔය forum වලට එහෙම join වෙලා හොයල බලන්ඩ පුළුවන් එයාල බලපොරෝතුතු වෙන දේවල් එහෙම...


සයිට් එකක් කරන්ඩ යන්ඩ කලින් මුලින්ම ශක්‍යතා අධ්‍යනයක් (feasibility study)කරන්ඩ අවශ්‍යයි
මේක කරන්ඩ පුලුවන්ද? බැරිද? කලාම ලැබෙන වාසි සහ අවාසි.. මේ විදියේ එව්වා තව තියනවද? නැත්ද?
තියනවනම් ඒ තියන එකට වැඩ අනන්‍ය වෙන්ඩ මොනවද එකතු කරන්ඩ ඕනේ ආදිය...
ඒ නිසා ඒ ගැන අදහසක් ගන්ඩ මේ වෙනකොට ලෝකේ තියන වෙබ් අඩවි ගැන හොඳ දැනුමක්,දැක්මත් තින්ද ඕනේ..
එහෙමනම් එව්වා ගැන හොයන්ඩ ඕනේ... මේ තියෙන්නේ එහෙම ටිකක්..
:D
(වෙනත් අන්තර්ජාල තාක්ෂණික වෙබ් අඩවියකට මම පොස්ට් කරපු ලිපියක් තමයි මෙතනත් පල කරන්නේ...
එම ෆෝරමය තුල මගේ නම aspen (එළකිරි එකේ ඒ නමින් වෙන කෙනෙක් ඉන්නවලු.. ඒ නිසා මන් ලියාපදිංචි වෙද්දී AspenK ලෙස ලියාපදිංචි වුණා)මෙතන පලකරන මේ ලින්ක් ටික මම පෙර සදහන් කල තාක්ෂණික වෙබ් අඩවියේ ලියාපදිංචි sanjananb කියන අයියා වෙන පොස්ට් එකක දාල තිබුන එව්වා... එයාගේ අවසරය ඇතුවයි මන් මෙව්වා දාන්නේ..
මෙතනදී විශේෂයෙන්ම,ගව්රවයෙන් sanjananb අයියට ඒ ගැන මන් ස්තුතිය ප්‍රකාශ කරනවා... ඒ වගේම Anonymous,vishwadt,shayaminayes,kalanaR,Lahirucw44,Pubudu230 යන අයවත් ඉතා ගවුරවයෙන් මතක් කරන්දම ඕනේ )


PlanMy.Travel - the AirBnb of travel planners.
Yellowleg.com - travel books and expert travel planning advice.
Dekh.com - affiliate marketing community and tracking.
Cleartrip.com - online travel with excellent user experience
dhingana.com - online music streaming service
Commonfloor.com ( Apartments networking site)
Myntra (Lifestyle/Fashion e-tailing)
NGPay (mobile payments)
Redbus (Online bus booking)
Slideshare - Online website for creating and sharing slides.
Burrp.com
Exotel - www.exotel.in - A Phone Number for your Business (Cloud-Telephony)
Floh.in (Curated network for urban, educated singles in India)
Goodvalue.in (Online Book Retail Portal )
Hadoopsearch.net - real time, distributed search engine for Hadoop ecosystem available as open source
Homefind360.com ( Real estate SEARCH portal)
Latlong.in - Provides India specific local search and driving directions. Licenses it's platform to retailers to build their store locator services.
Mozvo.com -- Social Movie Ratings for Indian movies.
Find your Doctor in Bangalore—
www.snapittoday.com - Health and beauty care
Phodphad! (www.phodphad.com ) - The best place to learn and teach online.
Talent that touches your heART ( Talent that touches your heART ) - Intiative to bring talent from all over the world under one roof
http://apricott.biz/( Apricott Apparels ) - A brand started by students which provides you the best clothing experience by delivering awesome quality and attractive designs
Startup Job Board: www.fygw.in


මෙතන තියන සයිට් වලින් හැම එකකටම මන් ගියා... මට හොදයි කියල හිතුන එව්වා වලින් ටිකක් පහත තියනවා...
ලංකාවේ සංචාරක කර්මාන්තය මේ දිනවල ගොඩක් දියුණු වෙමින් තියෙන්නේ .. මන් මේ සයිට් තොරගන්ඩ ගොඩක්ම හේතුව එකයි
PlanMy.Travel - the AirBnb of travel planners.
Mygola.com travel planning by real humans
Floh.in (Curated network for urban, educated singles in India)


*පටන් ගන්න දෙය එක පාරටම ලොකුවටම ඕනේ නැ... පොඩියට පටන් ගන්න... මුලින්ම ලංකාව target කරන්ඩ... :yes::yes:

නවලෝක මුදලාලි මහත්මයත් පටන් ගත්තේ ගෙදර පිළිකන්නේ එළවලු වවල... ඒ සල්ලි වලින් මාටර ඉදන් කොලබ ඇවිල්ල බත් කඩේක මුලින්ම උයල තියනවා... ඒ කලේ එය හදන බත් වලටයි කට්ට සම්බෝලේටයි කරත්ත කාරයෝ ගොඩක් ආසයිලු.. පස්සේ එයම කඩයක් පටන් අරන් තියනවා.... (මන් නවලෝක මුදලාලි මහත්මයාගේ ජිවිත කතාව කියවල තියනවා...මේ ඒ පොතේ දැක්ක දේවල් ) :cool::cool: :love::love:

ගොඩක් වෙලාවට ලෝකේ වෙන රටවල් වල තියන දේවල් තම ලංකාවේ නැ ...
තව දෙයක් තමයි ලංකාවට කරන දෙයක් අනිවාර්යෙන්ම ඉංග්‍රීසි,සිංහල සහ දෙමල යන භාෂා තුනෙන්ම වැඩ කරන්ඩ පුළුවන් විදියට හදන එක. ඒ අයි කියල ඉතින් කියන්ඩ ඕනේ න නොවැ ...
අනිත් දේ තමයි locally පටන් ගත්තම market කරන්ඩ ලේසියි..


මේකට තියන හොඳම උදාහරණයක් තමයි Craigslist කියන Classifieds Company එක... මුලින්ම එක පටන්න් අරන් තියෙන්නේ San Francisco Bay වලින් එත් අද වෙද්දී රටවල් 50 ක නගර 570 ක එක වයාප්තයි.... මාසෙකට බිලියන 20 පන්නල page views සහ මිලියන 60 පන්නල monthly visitors ලත් එනවලු එයාලට.... :yes::yes:

වෙබ් අඩවිය සඳහා ගැලපෙන නමක් යොදන්ඩ

මෙම නම ඔබ සපයන product එකට හෝ service එකට ගැලපෙන එකක් විය යුතුයි.
වෙබ් අඩවිය ගැන කව්රුහරි දැනගන්නේ මේ නමින්. ඉතින් ඒ නම තුල හැකියාවක් තියනවනම් first sight love එකක් user තුල ඇති කරන්ඩ එකෙන් වැසි ගොඩක් තියෙනවා... නම කෙටි එකෙක්නම් ලේසියි...එත් දැන් ගොඩක්ම domain names වලට නම් වෙන් වෙලා තියෙන්නේ...


මෙම ලිපිය සඳහා මගේ අත්දැකීම්, අන්තර්ජාලයෙන් ලබා ගත දේවල්, අන්තර්ජාලයෙන් හම්බුන කවදාවත් දැකලවත් නැති, ඒ උනාට උතුම් හදවතක් තියන අය කියල දීපු,එයාල පලකරලා තිබුන අදහසුත් ඇතුලත්... :yes::yes::yes::yes:

මිටත් වඩා අලුත් අදහස් තියන අය ඇති මෙතන... එහෙම තියන එව්වත් මෙතනට දාන්ඩ...

* ඊට පස්සේ ඒ වෙබ් සයිට් ඒක හදන්ඩ හොඳම technology ඒක හොයා ගන්ඩ අවශ්‍යයි....
* ඊට පස්සේ වැදගත්මදේ තමයි හොඳ database design එකක් හදාගන්ඩ ඒක... ඒක මත මුළු සයිට් එකම depend වෙනවා...
* ඊට පස්සේ එකට අවශ්‍ය දැනුම එකතු කරගෙන web site ekaහදන්ඩ පටන් ගන්ඩ පුළුවන්


තව අලුත් අදහස් තියනවනම් දාන්ඩ මෙතනට...

ස්තුත්යි...
 
Last edited:

AspenK

Member
Apr 28, 2013
566
130
0
ස්තුත්යි අයියේ... මේ පොස්ට් ඒක උඩට ගෙනාවට

good post machan :)
ස්තුත්යි අයියේ... ඔයාගේ අදහසට

really good post machan..
ස්තුත්යි අයියේ... ඔයාගේ අදහසට

good post macha+6
ස්තුත්යි අයියේ... ඔයාගේ අදහසට සහ රෙප් වලට...

thanx godak wadagath
ස්තුත්යි අයියේ... ඔයාගේ අදහසට...

අපේ රටට අලුත්ම වෙබ් අඩවි ටිකක් එකතු වෙනවනම් මගේ මේ පොස්ට් එකේ උත්සාහය සාර්ථකයි

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    mama nan oya field eke na.e unata oya gana dana ganna one ayata godak watina post ekak kiyala hithanawa:yes::yes:
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    Good work....
    ස්තුත්යි අදහස් දැක්වුවට... සහෝ... :love:

    ela , uba oka liwwa wage aluth ekak hadapan, :D mama mulma goods or service eka gannan :D
    :yes::yes:
    ස්තුත්යි අදහස් දැක්වුවට... සහෝ... :love:

    mama nan oya field eke na.e unata oya gana dana ganna one ayata godak watina post ekak kiyala hithanawa:yes::yes:
    :yes::yes:
    ස්තුත්යි අදහස් දැක්වුවට... සහෝ... ඔව් මේක ගොඩක් වැදගත් වෙයි අලුතින් වෙබ් අඩවියක් පටන් ගන්ඩ ඉන්න අයට

    එළ බුවා;15244040 said:
    bump saho honda utsahayak :yes:
    ස්තුත්යි අදහස් දැක්වුවට සහ පොස්ට් එකට උඩට ගත්තට :love:
     

    Cox

    Member
    Jul 3, 2013
    115
    7
    0
    Mama dakina widihata nam salli hoyanna ona nam hadana site ekai jolyata hadana ekai patalawa ganna hoda naha. Godak aya traffic ennath kalin ad danawa ita passe ithin sallima thama.