එක්තරා පුදගලයෙක් නවතම ස්වයංක්‍රීය BMW X8 වර්ගයේ මෝටර් රථයක් ගෙන්වා ගත්තේය. ස්වයංක්‍රීයව ගියර් මාරුවන නිසා ඔහුට බොහෝ පහසුවෙන් මෝටර් රථය පදවාගෙන යා හැකි විය. මෙසේ පැදවිය හැකි වූයේ දහවල් කාලයේදී පමණි. රාත්‍රියේදී මෝටර් රථය එකදු අඩියක්වත් පදවා ගැනීමට නොහැකි වීම ගැන ඔහු බොහෝ දුක් වී සිටියේය. අවසානයේදී ඔහු වාහනය මිළදී ගත් සමාගමට මේ ගැන දැනුම් දුන්නේය. එම සමාගම විසින් කාර්මික ශිල්පියෙක් එවන ලද්දේය. ඔහු වාහනය පිරික්සීමෙන් අනතුරුව මෙසේ විමසීය.
සර්, ඔබ වාහනය පදවාගෙන යනවිට නිවැරදි ගියරය භාවිතා කරනවාද?
අනේ මෝඩයෝ... උඹ හිතන්නේ මම මැට්ටෙක් කියලාද, මම D එක දවල්ටයි N එක රෑටයි කියලා දන්නවා යකෝ...



උපුටා ගැනීම :http://bingunada.blogspot.com
