අලුත්ම Gadgematics

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    1. Zipmark Bookmark Book Page

    w640.jpg


    රතු, නිල් කොළ වර්ණවලින් ලබාගත හැකි අපූරු bookmark එක Peleg විසින් නිර්මාණය කර ඇත.


    2. Two Person Umbrella

    w640.jpg


    ඔබ ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට තෑග්ගක් දෙන්නට යමක් සොයනවා නම් මෙය හොඳ විසඳුමක්. පුද්ගලයින් දෙදෙනකුට එකවර ගමන්කළ හැකිය.


    3. Logitech K810 Illuminated Keyboard

    w640.jpg


    මේ අලංකාර යතුරුපුවරුව bluetooth හරහා උපකරණ රාශියකට සම්බන්ධ කළ හැක. backlit පහසුකම ඇති නිසා ඔබට අඳුරේදී වුවත් පහසුවෙන් භාවිත කළ හැක.


    4. Tree Branch Headphone Splitter

    w640.jpg


    ඔබ ලස්සන සින්දුවක් අසා සිටින විට ඔබේ මිතුරාටත් ඒ ගීතය අසන්නට දෙන්නට සිතුනු අවස්ථා ඕන තරම් ඇති. මේ සරල උපකරණය මඟින් විවිධ ear phones හෝ head phones 3ක් හරහා එකවර සංගීතය ශ්‍රවණය කළ හැක.


    5. Pivot Power Mini

    w640.jpg


    එක් පුද්ගලයෙක් භාවිත කරන ගැජට් ප්‍රමාණය කෙමෙන් වැඩිවත්ම එකවර උපකරණ කිහිපයක් චාර්ජ් කිරීම සඳහා අවශ්‍ය වන අවස්ථා ඔබට නිතර ඇති වනු ඇති. මේ අපූරූ ඒ වගේම හකුලා කුඩා කළ හැකි උපකරණයෙහි ඔබට සාමාන්‍ය විදුලි outlet 2කුත් USB outlet 2කුත් ඇත.


    6. mStand For MacBook

    w640.jpg


    MacBook සඳහාම විශේෂයෙන් නිමවා ඇති මේ සිසිලක පද්ධතිය සහිත ඇලුමිනියම් ආධාරකය නිසා ඔබට ලැප්ටොප් පරිගණකයද ඩෙස්ක්ටොප් පරිගණකයක් ලෙස භාවිත කළ හැකි වේ.


    7. Star Wars Cufflinks

    w640.jpg


    Star Wars හි හෙල්මටයක් වැනි මේ කමිස අත්අල්ලු (Cuff-links)


    8. Zaryadkus USB Wall Outlet

    w640.jpg


    USB outlets 4ක් සහිත මේ චාජරය පහසුවෙන් ඔබගේ බිත්ති විදුලි කෙවෙනි හා සම්බන්ධ කළ හැකි අතර ජංගම දුරකථන රඳවා තැබීමටත් පහසුයි. එකවර උපකරණ කිහිපයක් සම්බන්ධ කළ හැකි වීමද, උපකරණ රඳවා තැබීමට මේසයක් සෙවීමට අවශ්‍ය නොවීමද මෙහි වාසියකි.


    9. Ice Age MacBook Decal

    w640.jpg


    ඔබ MacBook හිමියෙක් නම් ඔබේ Apple සලකුණ අලංකාර කරගන්න අපූරු, ඒ වාගේම ගුණාත්මක ස්ටිකරයකි.


    10. Hinoki Memo Cube

    w640.jpg


    අපූරු සටහන් පොතක් වන මෙය ජපානයේ නිපැයුමකි. ඔබගේ මේසය මත අලංකාර ලී කොටයක් වැනි notebook එකක්.


    11. Glif Plus

    w640.jpg


    සාමාන්‍ය tripod එකක් මත ඔබේ ජංගම දුරකථනය රඳවා තැබිය නොහැකියි. නමුත් මේ අපූරු සරල උපකරණය හරහා ඔබට ඔබේ ජංගම දුරකථනයෙන් වඩා හොඳ තත්වයේ ඡායාරූප ගැනීම සඳහා අවස්ථාව ලැබෙනු ඇත.


    12. Gun Mug By ChilliChilly

    w640.jpg


    තුවක්කුවක ට්‍රිගරයක් සහිත කෝපි කෝප්පයකි.


    13. Cable Fondler

    w640.jpg


    ඔබ ජංගම දුරකථන හෝ ටැබ්ලට් පරිගණක වැනි උපකරණ කිහිපයක් භාවිත කරන කෙනෙක් නම් ඔබේ මේසයේ කේබල් වලින් පිරිලා ඇති. ඒ ප්‍රශ්ණයට විසඳුමක් ලෙසයි මේ උපකරණය නිපදවා ඇත්තේ.


    14. Romo Robot For Smartphone

    w640.jpg


    මේ පුද්ගලික රොබෝව නිපදවා ඇත්තේ iPhone එකක් ප්‍රධාන කරගෙනයි. ඒ වාගේම හුරුබුහුටි පෙනුමත්, වේගවත් බවත්, පහසු බවත් නිසා ඉක්මනින්න ප්‍රචලිත වූ උපකරණයකි.


    15. Cube Laser Virtual Keyboard

    w640.jpg


    Bluetooth හරහා ඔබේ පරිගණකයට, ටැබ්ලට් පරිගණකට හෝ ජංගම දුරකථනයට සම්බන්ධ කළ හැකි ලේසර් කිරණ හරහා මේසය මතට පරිගණක යතුරුපුවරුව ප්‍රක්ශේපනය කරන මේ උපකරණය ප්‍රයෝජනවත් උපකරණයකි.
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    patta
    You must spread some Reputation around before giving it to shezaan27 again.