අලුත් පරපුරට_ගල් ගසයි

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අලුත් පරපුරට_ගල් ගසයි

    තරුණ කලාකරුවන්ගේ එකමුතුවකින් ඇරඹි‘‘අලුත් පරපුර ’’ සංවිධානයට කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. සමනලී ෆොන්සේකා,
    කසුන් කල්හාර,ඉන්ද්‍රචාප ලියනගේ,ජගත් මනුවර්ණ,අමා විජේසේකර, කෞෂල්‍ය කුමාරසිංහ ඇතුළු පිරිසක් ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

    ගීත ගායනා කරමින්, අත් පත්‍රිකා බෙදමින් ‍මෙම පිරිස විසින් ගෙනගිය වැඩසටහන නැවැත්විය යුතු බවට එජනිස පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික පැමිණ
    තර්ජනය කළ බවත්, අනතුරුව ඔහුගේ මෙහෙයවීමෙන් ඔහු සමග පැමිණි පිරිස ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් පැවසේ.

    0113.jpg


    nethfm
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    යකෝ මුන්ට ගියපු රටනේ තමන් කැමති දේශපාලන මතයක් දරන්න බැරිද දැන් මේ රටේ තව චන්දේ දීපල්ලා මුන්ට :angry::angry:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    https://www.facebook.com/video.php?v=10152872311641259&set=vb.310211301258&type=2&theater

    සංවෙදී නායකයාගේ ගෝලයන්ගේ වැඩ කිඩ ඉන්දියාවෙන් සල්මන් ඛාන් ලා ගෙන්වනවා ලංකවෙ
    වෙනස් දේශපාලන මත දරන කලාකාරයන්ට ගහනවා මේ රටේ ඉන්න පුළුවන් ඉරාජ් වගේ සල්ලි වලට කඩේ යන කවටයින්ට විතරද :angry::angry::angry:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    සමනලී ෆොන්සේකාට නිලබලකායෙන් ප්‍රහාරයක්. තුවාලයි !
    ජනප්‍රිය කලාකාරිනී සමනලී ෆොන්සේකා ඇතුළු 'අලුත් පරපුර' නියෝජනය කරන තරුණ කලා කරුවන්ට අද(29) මීට සුළු මොහොතකට පෙර නිල් බලකායේ මැරයන් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ.
    අද කුරුණැගල පැවැති එම කණ්ඩායමේ වැඩ සටහනක් අතර තුරදී මේ සිදුව තිබේ. මෙම ප්‍රහාරය නිසා සමනලී ෆොන්සේකා තුවාල ලබා ඇති අතර ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකර මහතාව බිම පෙරලාගෙන පහර දී තිබිණ. අමා විජෙසේකර ජගත් මනුවර්ණ, ඉන්ද්‍රචාප ලියන ගේ, ඇතුළු කණ්ඩායමම පහර කැමට ලක්ව තිබේ.
    මෙම පහර දිම මෙහෙයවා ඇත්තේ පළාත් සභා මන්ත්‍රී සමන් ඉන්දික විසින් වන අතර නිල බලකායේ ටීෂර්ට් හැඳගත් සිය දෙනෙකු පමණ මෙයට සම්බන්ධ වී ඇත. කලාකරුවන් පැමිණි බස් රථයට පහර දී තිබේ

    ඉන් පසුවම මේ සම්බන්ධ පැමිණිල්ලක් ගොක‍රැල්ල පොලීසියට ඉදිරිපත් කළ ද ඒ පොලීසිය විසින් මුල් අවස්ථාවේ ප්‍රතික්ෂේපකර සිටියද පසුව කලාකරුවන්ගෙන එල්ල වූ පීඩනය හමුවේ පැමිණිල්ල ලියගැනීමට එකඟ වී තිබේ.
    මේ සිදුවීම වන අතර තුර නිල් බලකා යේ ප්‍රධානියා ඉන්දියාවෙන් පැමිණ් ජැකලින් ෆර්ඩිනැඩස් සලමන් කාන් ඇතුලු නළු නිළියන් සමඟ සාජ්ජයකට සහබාගී වී සිටියේය.