අලුත් භික්‍ෂු හැඳුනුම්පතක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,248
    8,379
    113
    Monks-26-860x568.jpg.webp



    භික්ෂූන් වහන්සේ හඳුනා ගැනීමේ පිළිගත් හැඳුනුම්පතක් හඳුන්වාදීමට බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත. භික්ෂු වෙස් ගෙන බුදු දහම විකෘති කිරීම වර්තමානයේ සමාජ පිළිලයක්වී තිබෙන බව විෂය භාර නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මහතා පැවැසීය.

    ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විධිමත් භික්ෂු හැඳුනුම්පතක් හඳුන්වාදීම කාලීන අවශ්‍යතාවයක් බව පිළිගෙන ඇති බවද හෙතෙම පැවැසීය. භික්ෂු වෙස් ගත් ඇතැම් කණ්ඩායම්/පුද්ගලයින් සමාජ මාධ්‍ය හෝ වෙනත් ක්‍රම භාවිතා කරමින් බුදුදහම විකෘති කිරීම, හාස්‍යයට පත් කිරීම, සමාජයේ වැරදි අවබෝධයක් ක්‍රියාවට නැංවීම ආදී දෑ කිරීමට පියවර ගැනීම බරපතල සමාජ ගැටලුවක් බවට පත්වී තිබෙන බව ද දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.

    බුද්ධ ශාසනය ආරක්ෂා කර සුරක්ෂිත කිරීම සඳහා ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගේ අනු දැනුම ඇතිව පිළිගත් භික්ෂු හැඳුනුම්පත කඩිනමින් හඳුන්වාදීමට අමාත්‍යාංශය පියවර ගනිමින් ඇතැයි ද ගමගෙදර දිසානායක පැවැසීය.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    ID දෙන්න කලින් හාමුදුරුවෝ මහන කරන්න වෙනවා

    දැන් ඉන්න හොර යක්කු
    එක්කෝ බිස්නස්, එක්කෝ පොලිටික්ස් නැත්තම් පොලිගමි දායිකාවෝ එක්ක