අලුත් වාහනය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තක්සේරු මිල වැඩිවීමෙන් වෙසල්, ප්‍රීමියර් මිල ඉහළට



    හොන්ඩා වෙසල් සහ ටොයෝටා ප්‍රීමියර් යන වාහනවල තක්සේරු (Valuation) මිල ගණන් මේ වන විට සංශෝධන වී ඇති බවත් ඒ අනුව ලක්ෂ 3-4 දක්වා ඒවායේ ආනයනික තීරුබදුවල වැඩිවීමක් සිදුව ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අද දෙරණ Biz සමඟ පැවසීය.

    මෙම වාහනවල මාදිලි‍ය (Model) වෙනස් වූ විට එහි තක්සේරු මිල සටහන් වීම වෙනස් වී ඇති බව වැඩිදුරටත් පැවසූ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා අද දෙරණ Biz සමඟ මෙසේ කරුණු දැක්වීය.

    “වාහනවල වටිනාකම ගන්නේ අදාළ නිෂ්පාදකයාගේ වෙබ් සයිට් එකේ තියෙන මිලෙන් අපනයනයේ දී ඒ ඒ රටට තියෙන තිබෙන බදු අයින් කරලා. ලංකාවට ආවම ඒ වටිනාකම තමයි ගන්නේ බදු ගණනය කරන්න. පසුගිය දින කිහිපයේ දී ටොයෝටා ඇලියොන්, ප්‍රීමියර් හා හොන්ඩා වෙසෙල් යන මෝටර් රථ මාදිලිවල තක්සේකරු වටිනාකම් වෙනස් වුණා.“

    “මෙහිදී එක් එක් මොඩ්ල් කාණ්ඩයකම, එහි නිමැවුමේ වෙනසක් සිදු කෙරුණු නිසා අලුත් වාහන මාදිලියේ මිල වැඩි කරන්න නිෂ්පාදකයින් පියවර ගෙන තිබෙනවා. මෙහිදී සිදුවන දේ තමයි අලුත් සහ පැරණි වාහන මාදිලි දෙකම එකම කාණ්ඩය යටතේ තිබෙන බැවින්, පැරණි මාදිලියේ වාහනයක් ආනයනය කළ ද එහි වටිනාකම තක්සේරු කිරීම ද අලුත් මාදිලියේ මිලට අනුව සිදුකිරීම.“

    “අලුත් වාහනය ජපන් යෙන්වලින් ලක්ෂ 2 කට ආසන්න ගණනක් වැඩිවෙලා තියෙනවා. ඒකට සමාමීව ප්‍රීමියර් කාර් එකේ ලක්ෂ 4 ක පමණ බදු වැඩිවීමක් සිදුවෙලා තියෙනවා. වෙසල් මාදිලියේ මිල ගණන් ලක්ෂ 2 – 2 ½ ත් අතර මිලකින් වැඩිවෙල තිබෙනවා.“

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ආනයනික වාහනවල මාදිලිය අලුත් වීම තුළ ඒවායේ තක්සේරු මිල ගණන්වල ද සංශෝධනයක් සිදුවන බවත්, කෙසේ වෙතත් රේගුව විසින් මේවා තක්සේරු කිරීමේ දී එකම කාණ්ඩයක් යටතේ තක්සේරු කරන නිසා එම කාණ්ඩයේ පැරණි මාදිලියේ වාහනයකට වුවද අලුත් මාදිලියේ වාහනයක් තක්සේරු කිරීමේ දී පදනම් කර ගත් මිල අදාළ කරගැනීම තුළ මෙම මිල ඉහළ යාම සිදුව ඇති බවයි.
    එසේම ඉදිරියේ දී තවත් මෙවැනිම වාහන කිහිපයක තක්සේරු මිල ගණන් ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා රේගුව විසින් තමන් වෙත දැනුම් දී ඇති බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. මෙම තත්ත්වය තුළ ඉදිරියේ දී වාහන ආනයනය තවදුරටත් සීමා වීම නොවැලැක්විය හැකිවනු බව ද ඔහු පැවසීය.


    ada derana biz_man Top News November 7th, 2016
     

    Similar threads