අලුත් විදියේ පින් කමක් කරමුද?
මචන්,
මේක කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු අදහසක්. මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා මට හිතුනේ මම campus ඉන්න කාලේ ඉඳලමයි. ඒත් මේක කරන්න පටන් ගන්න කලින් කට්ටියගේ අදහස්, යෝජනා, විවේචනත් දැනගන්න හිතුණා. මේකයි වැඩේ...
ලංකාවේ එක එක ලෙඩ රෝග හැදිලා, හදිසි අනතුරු වෙලා අසරණ වෙලා ඉන්න අය ගොඩක් ඉන්නවා. ගොඩක් අය සාමාන්‍ය විදියට අපි වගේ ජීවත් වෙලා යම් සිදුවීමක් නිසා අසරණ වෙච්ච අය. ඒ අය මිනිස්සුන්ගෙන් හිඟා කන්න යන්නේ නෑ. ඒත් ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ.
ඉතින් ඒ වගේ අය ගැන පත්තර වල නම් යනවා. එත් කීයෙන් කී දෙනාද අද පත්තරයක් කියවන්නේ. පත්තරේ බලල උදව් කරන්න හිතන කෙනාටත් පත්තරේ ඉතුරු හරිය කියවද්දී ඒ දේ අමතක වෙලා යනවා.
ඉතින් මට හිතුණා අපිට පුළුවන් නම් ඒ වගේ අය ගැන විස්තර තියෙන Blog එකක් වගේ කරන්න ගොඩක් දෙනෙක්ට ඒකෙන් ප්‍රයෝජනයක් වේවි. අසරණ වෙලා ඉන්න අයට වගේම ඒ වගේ අයට උදව් කරන්න බලාගෙන ඉන්න අයටත් එකෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබෙයි. මම Freelancer කෙනෙක් නිසා මට ඒ blog එක develop කරලා maintain කරගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. Site එක හරහා කිසිම සල්ලි එකතු කිරීමක් කරන්නේ නෑ. ඒකෙන් කරන්නේ උදව් ඕනේ අයගේ විස්තර දාන එක විතරයි. කැමති කෙනෙක්ට ඇවිත් බලලා ඒ උදව් ඕනේ අයව contact කරගෙන එයාලට උදව් කරන්න පුළුවන්.
මම බැලුවේ පත්තරවල තියෙන ඒ වගේ articles අරගෙන දාන්න ආරම්බයක් විදියට. උඹල මොකද හිතන්නේ මේක ගැන? මේ වගේ දෙයක් ප්රයජෝනවත් වෙයිද? මේක වැඩක් නැති දෙයක් වෙයිද? මේ ගැන ප්‍රචාරයක් දෙන්නේ කොහොමද? උදව් අවශ්‍ය අයගේ සත්‍ය විස්තර ලබා ගන්නේ කොහොමද? මේ ගැන උඹල හිතෙන දේවල් පොඩ්ඩක් කියපන්කො.