Threshold එක තව අඩු කරලා Tax slab ටිකේ gap එක තව වැඩි කරා නම් හරි.
මේක.
මට හිතෙන්නෙ IMF එකෙන් කියල තියෙනව සල්ලි අච්චු ගහන්න එපා කියල. ඒ නිසා මුං සල්ලි අච්චු ගහන එක ගොඩක් අඩු කරල ඇති. ඒකයි දැන් Inflation එකත් බහින්නෙ ටික ටික. ඒ නිසාම තමයි ඔය රජයෙ සේවකයොන්ට පඩි ගෙවන්න බෑ කියන්නෙත්. සල්ලි අච්චු ගහන්න බැරි නිසා ඒ වෙන ලොස් එක කවර් කරන්න අනිවාර්යෙන්ම ටැක්ස් වැඩි කරන්න වෙනව. එහෙම නැත්නම් ණය ගන්න වෙනව. ණය ගන්න බැරි නිසා ටැක්ස් වැඩි කරනව. සරළවම වෙන්න ඕක මම හිතන්නෙ
උන් කියන්නේ නැහැ බන්. ටාගට් එකක් දෙනවා යම් තරමක තිරසාරබවක් ඇතිව ආර්ථිකය ගොඩ ගන්න. උදා- අයවැය පරතරය X ප්‍රමාණයකින් අඩු කළ යුතුයි. ඒ දෙන ටාගට් එකට අපි (මහ බැංකුව ඇතුළු නිලධාරීන්) තමයි සැළසුම හදන්නේ. ඔය ටැක්ස් වැඩි කරපු එක වගේම අයවැයෙන් සල්ලි හොයන්න ගෙනාපු අලුත් යෝජනා ඒ සැළසුමේ කොටස්. IMF එක තව මොනවද කියලා තියෙන්නේ කියලා දැනගන්න තමයි විපක්ෂය (කොච්චර මෝඩ වුනත්) ඒ අය ආණ්ඩුවට දුන්නු වාර්තාව ඉල්ලන්නේ. ඔ්ක දුන්නොත් රෙදි ගැලවෙන නිසා (මොකද ඒ ටාගට්වලට යන්න නම් ජනතාව පෙළන්නම වෙන නිසා) ඔ්ක උන් එළියට දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ පහළ තියෙනවා වගේ අයිඑම්එෆ් එක ඇගේ ගහලා, මුට්ටිය දාලා බලන කතා කියන්නේ.
- මුන් බයිලා කිව්වට IMF එකෙන් 45 වැඩි අයට ඉදන් tax ගහන්න කිව්වා කියල source එකක් නෑ
- 100000 වැඩි වදින සෙට් එකම ලංකාවේ තීරණාත්මක සාදකයක ඉන්න පිරිසක් (දැන් උන් ආණ්ඩුවත් එක්ක මල )
- මේ මාසේ කපා ගත්ත කියමුකෝ එත් බඩු මිල එක්ක හැමදාම ඕක කරගන්න බෑ
ලගදීම ජයසිරි මංගලම් වෙයි වගේ
සමස්තයක් විදිහට මෙහෙම බදු වැඩි නොකර වෙනත් ක්‍රමවලින් මේ හොයන ගාණ හොයන්න පුළුවන් කම් තියෙනවා කියනවා.
බලන්න
ළගදි අර සිගරට් බදු වැඩි කලානේ. අයවැයේ කියලා තියෙනවා සිගරට් බදු වැඩි කරලා බිලියන 140ක් හොයාගන්නවා කියලා. හැබැයි ඔය ඊයේ පෙරේදා කරපු වැඩි කිරීමෙන් හම්බෙන්නේ 92ක් හරි ඊට ආසන්න ගාණක්. එතකොට ඉතුරු ටික හොයාගගන්නේ? හිතලා බලහන්, ණය දෙනකොට මොකා වුනත් බලනවනේ දෙන ගාණ ගෙවාගන්න පුළුවන් ද? කියලා. මේ වගේ වැඩ කරනකොට වෙන්නේ එහෙම විශ්වාසයක් තියන්න තව තවත් බැරි වෙන එක. IMF ලැබෙන්න ප්‍රමාද වෙන්න තව හේතුවක් ඔ්ක. නැතුව මේ අයියලා කියන විදිහට අරගලයවත්, විරෝධතාවත් නෙවෙයි. අපි ගැන, රට ගැන, අන්තර්ජාතික තලයට සත පහක විශ්වාසයක් නැහැ!